2017 ජුනි 17 වන සෙනසුරාදා

සැඩ පහරේ රබර් ඔරුවක ඉගිල්ලිලා යං.....

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 241

එදත් අහස අඬපු දවසක්. ඒත් අහස යන්තමින් අඬපු ඒ දවසෙ ගඟ හරි ලස්සනයි. නිල්පාටට පාට ගැහිච්ච ඒ දියවරත් එක්ක එක දවසක්!

වෙහෙසකර කොළොම්තොට ගිනිදන නගරයෙන් දවසකට හරි විවේකයක් ගන්න තියෙනවනම්!

පරිගණකයත් එක්ක ගෙවන ජීවිතයෙන් එක පැයක් හරි කුරුලු කූජන ඇහෙන, හරිත පැහැයෙන් දිලිසෙන ගම් දොරකඩක සිත් නිවාලන චමත්කාරය එක්ක ගෙවන්න හැකිනම්! කෘත්‍රීම හිත මිතුරුකම් අත්හැරදා ඇත්තටම ළෙන්ගතු හිත් එක්ක ජීවිතය විඳින්න හැකිනම්!

අපි වගේම ඔයත් ආසා ඇති. ඒ නිසාමයි ඔයාව walk 121 එක්ක කිතුල්ගලට එක්ක යන්න අපි හිතුවෙ. අපි කිතුල්ගලට ගිහින් රවීගේ NUMBER එකට කතා කළා. අපි කිතුල්ගල ගියේ රවීගේ TEAM 39 එක්ක කැලණි ගඟේ WATER RAFTING යන්න. TEAM 39-රවී කියන්නෙ WATER RAFTING කියන්නෙ මොකක්ද කියලා අද කිතුල්ගල WATER RAFTING කරන හැමෝටම කියලා දුන්න කෙනා කිව්ෙවාත් අපි වැරදි නැහැ. විශේෂයෙන්ම විදේශීය සංචාරකයන් ලංකාවේදී ලබන ප්‍රීතිමත්ම සංචාරක අත්දැකීම WATER RAFTING කියලා කියන්න පුළුවන් තරමට සංචාරකයන් ඊට දක්වන කැමැත්ත සහ ඉන් ලබන සතුට සුවිසල්. දේශීය සංචාරකයනුත් ඊට දෙවැනි නෑ.

ඔයා දන්නවද WATER RAFTING කියන්නෙ මොකක්ද කියලා. සරලවම කියනවනම් රබර් ඔරුවක නැගලා සැඩ දිය පහරෙ හබල් ගාමින් වින්දනයත් ත්‍රාසයත් පිරිච්ච පුංචි පුංචි  අත්දැකීම් ටිකක් එක්ක වතුරත් එක්ක ඔට්ටු වෙවී යන සවාරියක් තමා WATER RAFTING කියන්නෙ. හැබැයි WATER RAFTING යද්දී එක එක  LEVEL තියෙනවා. පහළම  LEVEL එක තමා PLAT WATER RAFTING. වතුරට ටිකක් බය, ඒ වගේම වයසක, අවුරුදු පහේ විතර පුංචි අය, දරුවන් ලැබෙන්න ඉන්න අම්මලා වගේ කට්ටිය එක්ක යන්නෙ PLAT WATER RAFTING. ඒක හරියට සොබාදහමේ සෞන්දර්ය විඳිමින් ඔරුවක නැගලා යන පුංචි TRIP එකක් වගේ. PLAT WATER RAFTING වලින් පස්සෙ ටික ටික ADVANCE වෙන තවත් LEVEL කිහිපයක්ම තියෙනවා. මෙහෙම ගිහින් ගිහින් අන්තිම LEVEL එක හුඟක් ADVANCE. ඒ LEVEL එකේ යන්නනම් ටිකක් EXPERIENCE තියෙන්න ඕනෑ.   ADVANCE WATER RAFTING වලදි කැලණි ගං දියේ කිලෝමීටර් හතක් විතර යන මුළු දුරින් කිලෝමීටර් දෙකක  ගමන ත්‍රාසය, විස්මය, කුතුහලය මොහොතින් මොහොත පිරුණු ගමනක් කීවොත් හරියටම හරි. ඊටත් එහා ගිය අත්දැකීමක් ඔයාට විඳගන්න ඕනෑනම් NIGHT  WATER RAFTING යන්න පුළුවන්. කොහොමද යන්තම් හඳ එළිය, තරු එළිය මුහුවෙච්ච ලස්සන රාත්‍රියක ගං දියේ ත්‍රාසය සහ චමත්කාරය ඉල්ලගෙන යන ඒ ගමන. රැට කූඩාරම් ගහගෙන ගං ඉවුරෙ නැවතිලා බාබ ක්‍යූ සාදයක් එක්ක පහන් කරන රාත්‍රිය.. ඔයා කැමතිනම් රවී එක්ක TEAM 39 ඒ අත්දැකීමත් ඔයාට දෙන්න සූදානම්.

TEAM 39 උදේ 8.00 ඉඳන් හවස 5.00 වෙනකම් ඔයා වෙනුවෙන්ම බලා ඉන්න තැනක්. ගඟ කියන දෙයක් නාහන තරමටම හිතුවක්කාර වෙන අනෝරා වැහි දවසකදී ඇරෙන්න අනිත් හැම දවසකම ඔයත් එක්ක ගඟේ යන්න TEAM 39 TEAM එක  සූදානම්. එකවරකදී සීයක විතර TEAM එකක් වුණත් එක්ක යන්න තරම් ඔරු, LIFE JACKET සහ අවශ්‍ය හැමදේම TEAM 39 සතුයි.  අවශ්‍ය අනිත් හැම පහසුකමක්මත් හොඳම තත්ත්වයෙන් TEAM 39 ළඟ තියෙනවා. LIFE JACKET එකේ ඉඳන් හැම දෙයක් ගැනම ඒ සහතිකය TEAM 39 ඔබට දෙනවා. ඒ වගේම හොඳ පුහුණු, සහතික ලත් මිත්‍රශීලී 15 දෙනෙකුගේ STAFF එකක් රවී ජයරත්න යටතේ සේවය කරනවා.

අපිත් එක්ක WATER RAFTING යන්න ආවේ මධූෂ් සහ වාසනා. එදා ගඟ හුඟක් සැර වෙච්ච දවසක්. ඇති තරම් වතුරෙ තෙමෙන්න, වතුරෙ නටන්න, වතුරෙ දඟලන්න අපිට ලැබුණේ ඒකයි. ගඟ මැඳින් වැටී ඇති ගල් මතින් ඔරුව පැදයාම ඇත්තටම හරිම ආස්වාදයක්. ටිකක් දුර ගිහින් ගංදියේ ගමන ටිකකට නවත්තලා අපි ගල්පර සහ ගඟ දෙපස පුංචි වනාන්තරය ඇතුළෙත් ටික දුරක් ඇවිද්දා. ඊට පස්සෙ ආයෙත් අපේ ගං දියේ ගමන පටන් ගත්තා. එහෙම පටන්ගෙන ටික දුරක් යද්දී වාසනා ඔරුව පෙරළුවා.

අපි ඔක්කොම ගඟේ..

ඒ වගේ සතුට - ත්‍රාසය පිරැණු WATER RAFTING එකක් අපේ walk 121 මතකයට එක් කළ ඒ ගමන ඇත්තටම සුන්දරයි.

ඔයා බලලා තියෙනවද THE BRIDGE ON THE RIVER KWAI චිත්‍රපටය. ඒ චිත්‍රපටය සඳහාම කිතුල්ගලින් ගලා යන කැලණි ගඟ ඉස්මත්ෙත් නිර්මාණය කළ, 1957 ඔක්තෝබර් දෙවැනිදා පුපුරුවා හැරපු ඒ පාලමේ නටබුන් දකින්නත් කිතුල්ගල WATER RAFTING  යන ඕනැම කෙනෙකුට පුළුවන්. ඒ FILM එක නිසාම ලංකාවට ආව පීටර් කියන සුදු ජාතිකයා තමා ඇත්තටම කිතුල්ගලට WATER RAFTING ගෙනාවෙත්. රවීට පසුකලෙකදී WATER RAFTING ගැන කියලා දුන්නෙත් MR. PETER කියලා අදටත් රවී මතක් කරන්නෙ ස්තූති පූර්වකව.

විනයත් රැකගෙන, සොබා දහමටත් වින නොකර ගිහින් එන හැටි වගේම අවශ්‍ය හැම උපදෙසක්ම ඔයාට ගමන යන්න ඉස්සර TEAM 39 ලබා දෙනවා.

අතීතයේදී මිනිසුන් ප්‍රවාහනය, ආහාර ප්‍රවාහනය, දඩයම සඳහා යොදාගත් RAFTING අද වින්දනයේ මාධ්‍යක්. 
එදා 1842දී ජෝන් ෆෙරිමන්ට් කියන අමෙරිකානු හමුදා නිලධාරියා ෆ්ලේට් ගඟෙන් පටන් ගත්තු RAFTING  අද කැලණි ගඟෙත්.... INTERNET SEARCH කළොත් WATER RAFTING ගැන රසවත් ඉතිහාසයක් හොයාගෙන යන්න ඔයාට පුළුවන්. 

අතීතය කියෙව්වට පස්සෙ මාත් WATER RAFTING එකක අත්දැකීම විඳින්න ඕනෑ කියලා ඔයාට හිතුණොත්...  
ඔයත් කිතුල්ගල ගිහින් එන්න. 

( TEAM 39 එක්ක අපි ගඟ දිගේ තවත් ගමනක් ගියා.ඒ ගමනත් එක්ක ලබන සතියෙත් කිතුල්ගලදිම හමුෙවමු)

 

► Text -Saara / Pic -Channa Kassapa Koralearachchi