2017 ජුනි 17 වන සෙනසුරාදා

පබිලිස්ගෙන් අමුතු කෑම

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 364

 

පිපිඤ්ඤා සුප්

අවශ්‍ය දේවල්

ශුද්ධ කර ඇට ඉවත් කරගත් පිපිඤ්ඤා කිලෝග්‍රෑම් 01
රතු ලූණු ග්‍රෑම් 20
සැල්දිරි ග්‍රෑම් 20
සුදු හාල් ග්‍රෑම් 40
අර්තාපල් ග්‍රෑම් 40
මාගරින් ග්‍රෑම් 25
ෆ්‍රෙෂ් ක්‍රීම් මිලි ලීටර් 25
කිරි මිලි ලීටර් 25
වතුර ලීටර් 3
ගම්මිරිස් අවශ්‍ය පමණ
සුදු ලීක්ස් ග්‍රැම් 20
ලුණු අවශ්‍ය පමණට

සාදන ක්‍රමය

භාජනයක් ළිපේ තබා රත්කර එයට මාගරින් එක් කරන්න. පසුව කපාගත් ලූණු, ලීක්ස්, සැල්දිරි එක්කර බැදගන්න.
එයට සුදු හාල්, පොඩියට කපාගත් අර්තාපල්, ලුණු, ගම්මිරිස් එක් කරන්න. පිපිඤ්ඤා සහ වතුර එක්කර මදගින්නේ පැයක් පමණ තම්බාගන්න.
එය බ්ලෙන්ඩර් කරන්න.
නැවත ළිපේ තබා උතුරවා ගන්න. පෙණ ඉවත් කරන්න. පසුව ළිපෙන් බා කිරි හා ෆ්‍රෙෂ් ක්‍රීම් එක් කරන්න.

පලා වඩේ

අවශ්‍ය දේවල්

පරිප්පු ග්‍රෑම් 250
සිහින්ව ලියාගත් මුකුණුවැන්න ග්‍රෑම් 50
සිහින්ව ලියාගත් රතු ලූණු ග්‍රෑම් 30
සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 03
සිහින්ව ලියාගත් කරපිංචා 
වියළි කෑලි මිරිස් තේ හැඳි ½
උම්බලකඩ කුඩු මේස හැඳි 01
තෙල් බෝතල් ½
ලුණු අවශ්‍ය තරමට

සාදන ක්‍රමය

පරිප්පු සෝදා පැයක් දෙකක් පමණ පෙඟෙන්නට තබන්න.
පසුව විනාඩි පහළොවක් පමණ දිය බේරෙන්නට තබන්න.
මුකුණුවැන්න හැර අන් සියල්ලම වංගෙඩියකට දමා අඩකට වැඩිවන සේ කොටාගන්න.
එයට සිහින්ව කපාගත් මුකුණුවැන්න දමා කලවම් කරන්න.
තෙල් තාච්චියක් ළිප තබා තෙල් රත් වූ පසුව සාදාගත් මිශ්‍රනයෙන් තරමක් පොඩියට ගුලි සාදා අතේ තද කර මඳගින්නේ බැදගන්න.

කොස් ඉරි බැදුම

අවශ්‍ය දේවල්

පැසුණු ලොකු කොස් ඉරි ග්‍රෑම් 200
හාල් පිටි ග්‍රෑම් 50
සිහින්ව ලියාගත් ලූණු ග්‍රෑම් 50
බිත්තර 01
කහ කුඩු ස්වල්පයක්
මැදින් පලාගත් අමුමිරිස් කරල් 05
කූනිස්සන් මේස හැඳි 01
කෑලි මිරිස් මේස හැඳි 01
තෙල් අඬුකෝප්ප 01
ලුණු අවශ්‍ය තරමට
තක්කාලි ග්‍රෑම් 50

සාදන ක්‍රමය
කොස් ඉරි සෝදා දිය බේරෙන්නට තබන්න.
ලුණු, බිත්තර, පිටි, මිරිස් කෑලි දමා එයට අවශ්‍ය තරමට වතුර දමා උකුවට බටර් එකක් සාදාගන්න.
තෙල් තාච්චියක් ළිප තබා එයට බටර් එකේ තවරාගත් කොස් ඉරි දමා බැදගන්න.
දීසියකට බැදගත් කොස් ඉරි එක්කොට කපාගත් තක්කාලි, බැදගත් කූනිස්සන් දමා සරසාගන්න.

කකුළු මාළු බැදුම කකුළු මාළු බැදුම කකුළු මාළු බැදුම

අවශ්‍ය දේවල්

තම්බා උඩ කටුව ඉවත් කරගත් කකුළුවන් 04
පොඩියට කපාගත් ලූණු ග්‍රෑම් 100
කපාගත් තක්කාලි ග්‍රෑම් 30
කරපිංචා කිනිති 01
හීනියට ලියාගත් අමුමිරිස් කරල් 3
බිත්තර 02
කුරුඳු පොතු කැබැල්ල
මිරිස් කෑලි තේ හැඳි ¾
තෙල් මේස හැඳි 02
අවශ්‍ය තරමට ලුණු

සාදන ක්‍රමය
භාජනයක් ළිප තබා එයට තෙල් එක් කරන්න. පසුව ලුණු, අමුමිරිස්, කරපිංචා, කුරුඳු පොතු එක් කරන්න.
එයට මිරිස් කුඩු සහ ලූණු එක් කරන්න.
තක්කාලි එක් කරන්න.
පසුව ශුද්ධ කරගත් කුකුළු මාළු එක් කරන්න.
අවශ්‍ය තරමට ලුණු දමන්න.
කකුළු කටුව තුළට මෙම මිශ්‍රන පුරවන්න.
දීසියක තබා ඒ මත තම්බා කපාගත් බිත්තර කෑලි අසුරන්න.

► Text – Jayamali / Pic - Internet