2017 මැයි 27 වන සෙනසුරාදා

මහනුවර පුංචි ලෝකාන්තය

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 224

මේ සති අන්තෙ අපි ඔයාව එක්කන් යන්න හිතුවේ කුඩා ලෝකාන්තයට. කුඩා ලෝකන්තය කීව ගමන් ඔයාට මතක් වෙන්නේ නුවරඑළිය නේද? හැබැයි අපි මේ කියන කුඩා ලෝකාන්තය තියෙන්නේ නුවරඑළියෙ නෙවෙයි මහනුවර. මධ්‍යම කඳුකරේ නකල්ස් සංරක්ෂණ වනාන්තරයේ පිහිටලා තියෙන මේ කුඩා ලෝකාන්තය මහනුවර සහ මාතලේ කියන දිස්ත්‍රික්ක දෙකටම අයත් වෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙන කුඩා ලෝකාන්තය හෙක්ටයාර් 18000ක් තරම් භූමියක තමා පිහිටලා තියෙන්නේ.

දුම්බර අත් කටුස්සා, රැහැයියන් වගේම ලස්සන ලස්සන සමනළ විශේෂ රැසකුත් කුඩා ලෝකාන්තය වාසභූමි කරගෙන එහි සැරිසරනවා. මේ සත්ත්ව වි‍ශේෂ ගැන, විශේෂයෙන් සමනල විශේෂ ගැන උනන්දුවක් දක්වන පරිසරවේදීන් ඇතුළු හුඟාක් දෙනා මෙහි එන්නේ උන් ගැන අධ්‍යයනය කරන්නයි.

බැලූ බැලූ අත නිල්වන් පැහැයෙන් දිදුලන ආකර්ෂණය වැඩිකරන පාට පාට සමනළ විශේෂ මහඟු සම්පතක් බව තමා කියන්නේ.
සීතල සෞම්‍ය දේශගුණයක් සහිත මෙහි පැමිණ සුන්දරත්වය විඳින්න කාටවත් තහනමක් නෑ. ඇත්තටම ලංකාවට ආවේණික ශාක විශේෂ බොහොමයක් සහිත මේ රක්ෂිතයේ ඇති සෞම්‍ය දේශගුණය මෙහි සංචාරක ආකර්ෂණය වැඩි කරන ප්‍රබල සාධකයක් කීවොත් නිවැරදියි. මෙම රක්ෂිතයේත්, එහි ඇති ශාක හා සත්ත්ව විශේෂ ගැනත් අධ්‍යයනය කරන සහ එහි සුන්දරත්වය විඳගන්න පරමාර්ථයෙන් මෙහි පැමිණෙන අයගෙන් හානියක් නැතත් ඒ පරිසර පද්ධතිය ගැන කිසිම හැඟීමක් නැතුව පැමිණෙන අයගෙන් නම් මේ පරිසරයට වෙන්නෙ හානියක්. පුංචි ලාේකාන්තය බලන්න අාවොත් පරිසරයට වින කරන කිසිම දෙයක් නොකර එහි සුන්දරත්වය පමණක් දුර සිට විඳින්න කියන ඉල්ලීම අපි ඔබෙන් ඉල්ලන්ෙන ඒකයි.

( විෙෂ්ශ ස්තූතිය 
 බීට්ටු වන නිලධාරි එච්.වී.ඊ. කපිල බණ්ඩාරට)

► Text and Pic:- Channa Kassapa Koralearachchi