2017 මැයි 20 වන සෙනසුරාදා

එයා මට හම්බවුෙණ් ෙව්දිකාව පිටිපස්සෙදි

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 198

දුෂ්‍යන්ත් මොනවද මේ දවස්වල කරන්නේ?
වැඩිපුරම ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඉස්සර මම වෙඩින්වලට වැඩිය සහභාගි වුණේ නෑ. නමුත් දැන් මගේ බෑන්ඩ් එකත් එක්ක වෙඩින්වලටත් සහභාගි වෙනවා.

දුෂ්‍යන්ත්ට දැන් බෑන්ඩ් දෙකක්ම තියෙනවා නේද?
ඔව්.. ඩී ස්ටාර් කියලත් කුරුම්බා කියලත් බෑන්ඩ් දෙකක් මම කරනවා. ඩී ස්ටාර් බෑන්ඩ් එක බොහෝදුරට ඔය කොන්සට්, සංගීත සන්දර්ශනවලටත් ප්ලේ කරනවා. කුරුම්බා කියන බෑන්ඩ් එක බොහෝදුරට ඔය කොළඹ, මීගමුව වගේ පැතිවල වෙඩින්වලට තමයි සහභාගි වෙන්නේ.

බෑන්ඩ් දෙකේම නම් ටිකක් වෙනස් නේද?
කුරුම්බා කියන බෑන්ඩ් එකේදි කොළඹට මොනවගේ නමක් හොඳද කියලා හොයද්දි සුනිල් පෙරේරා මහත්තයගෙන් තමයි ඒ යෝජනාව ලැබුණේ. ඩී ස්ටාර් නම හැදුණේ දුෂ්‍යන්ත් වීරමන් කව්වහම මතක් වෙන්නේ Dancing star ඉතින් එදා ඉඳන් මගේ නාමය D star වුණා. මගේ ඩාන්සින් ටීම් එකේ නමත් D star තමයි.

වැඩියෙන්ම කැමති සින්දු කියන්නද... නටන්නද?
මම ගායකයෙක් වෙලා ඉන්නත් ආසයි. හැබැයි ඒ ගයන ගමන් නර්තනය ඉබේම එනවා.

සින්දු කියන ගමන් ඔහොම නටන්න අමාරු නැද්ද?
ඒක තම තමන් පුුරුදු වෙච්ච දේත් එක්කයි ලේසිද අමාරුද කියලා තීරණය වෙන්නේ. මට දැන් එකතැනක වාඩිවෙලා සින්දු කියන්න අමාරුයි. ඒක මගේ පුරුද්ද. ඉතින්... මම ඔය දෙකම පුරුදු වුණ නිසා දැන් මට ඒක අමාරුවක් නෑ.

මතකද මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවක සින්දු කියපු දවස?
මම ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විදුහලේ. ඒකෙදි ටැලන්ට් ෂෝ එකක් කළා, 1995 දී විතර. ඒකෙදි තමයි මම මුලින්ම සින්දුවක් කිව්වේ.

කොහොමද එදා ලැබුණු ප්‍රතිචාර?
ඇත්තටම එදා වෙනතුරු මමත් දැනගෙන හිටියේ නෑ මට ඒ තරම් කට්ටියක් ග්‍රහණය කරගන්න පුළුවන් වෙයි කියලා. එදා ඉඳන් බිෂොප් කොලේජ්, ලේඩිස් කොලේජ්, බ්‍රිජට් කොලේජ් එකේ කෙල්ලන්ගෙත් කැමැත්තක් මට තිබුණා. ඒ දවස්වල මේවාගේ සෙල්ෆි ගහන්න පුළුවන්කමක් නැහැනේ. ඉතින් කෙල්ලෝ එනවා මගෙන් ඔටෝග්‍රාෆ් එක අත්සන් කරගන්න.

ඔය කෙල්ලෝ අතරේ හිටපු කෙල්ලෙක් නේද දුෂ්‍යන්ත්ගේ ප්‍රථම ප්‍රේමය වුණෙත්?
නෑ... රෝයල් කොලේජ් එකේ ශිෂ්‍ය නායකකම ලැබුණේ A/L වලින් පස්සේ. ඉතින් ඒ දවස්වල තමයි ඒ ආදරේ තිබුණේ. හැබැයි ඒක මටත් ෂුවර් නෑ ආදරයක්මද කියලා. හැබැයි අවුරුදු දාසය දාහත කාලවලදී ගැහැනු ළමයෙක් හිටියා. එයා ලේඩිස් කොලේජ් එකේ ඉගෙන ගත්තේ.

සන්තුෂ් හා දුෂ්‍යන්ත් අතර තියෙන බැඳීම එදා ඉඳන් කොහොමද?
සහෝදරයෝ දෙන්නෙක් අතරේ තියෙන බැඳීම උපරිමයෙන් අපි දෙන්නා අතරේ තියෙනවා. ඉස්සර පුංචි කාලේ අපි දෙන්නා ගහගත්තෙ නැති දවසක් මට මතක නෑ.

මේ වෙනකොට ඔබ ස්ටෙෆ්නිගේ ආදරේ විඳින ප්‍රේමවන්තයා?
ඔව්.. ඇත්තටම ඇගේ ආදරේ මට සුවිශේෂයි. ආදරණීයයි.

කොහොමද ස්ටෙෆ්නිව මුලින්ම මුණගැහුණේ?
ඇයව මට මුලින්ම මුණගැහුණේ වේදිකාව පිටුපසදි. අරුණ සිරිවර්ධනගේ දුවයි එයාගේ අයියයි එකතුවෙලා ෂෝ එකක් කළා. ඒක කාන්තාවන්ට එරෙහි හිංසනයට හඬ නඟන ෂෝ එකක්. ඒකෙ සින්දු කියන්න මට ආරාධනාවක් ලැබුණා.
එදා ස්ටෙෆ්නිත් ඇවිත් හිටියද?
ඔව්... ඒ පුංචි ගෑනු ළමයගේ මේක් අප් එක දාන්න ඇවිත් හිටියේ ස්ටෙෆ්නි. එයා පොඩි දරුවන්ට හරි ආදරෙයි. එදා තමයි ස්ටෙෆ්නිව මට මුලින්ම මුණගැහුණේ.

ඊට කළින් ඔය දෙන්නා දැනගෙනවත් හිටියේ නැද්ද?
මෙහෙමයි... ඒ මුණගැහෙන්න සුමානයකට විතර කළින් ස්ටෙෆ්නි මට FB එකට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාලා තිබ්බා. ස්ටෙෆ්නිනම් කියන්නේ ඒක වැරදීමකින් වුණා කියලා. අදටත් එයා කියන්නේ ඒක වැරදීමකින් එවුණා කියලා. කොහොම හරි මම ඒක කට්ෆේස්ට් කළා. ඊට දවස් දෙකකට පස්සේ තමයි මෙයා මුණගැහු‍ණේ.

මොනවද මුලින්ම කතා කළේ?
ස්ටෙෆ්නි මිස් ශ්‍රී ලංකා කියලා මම දන්නවා. එයා ගැනත් මම දැනගෙන හිටියා. වේදිකාව පිටිපස්සේ මෙයා මේක්අප් කරද්දි මම දැක්කා. ඒත් මම ඒක වැඩිය ගණන් ගත්තේ නෑ. ඒත්... හරිත් නැති නිසා මම ආයෙත් ගිහින් ස්ටෙෆ්නි එක්ක කතා කළා.

කොහොමද ස්ටෙෆ්නිගෙන් ලැබුණු ප්‍රතිචාර?
වැඩේ කියන්නේ ස්ටෙෆ්නි දුෂ්‍යන්ත් වීරමන් කියන නම අහලා තිබ්බට ඒ මම කියලා දැනගෙන හිටියේ නෑ. එතකොට එයා ලංකාවට ඇවිත් වැඩි කාලයක් නෑ. වැඩිය සිංහල සින්දු අහලා තිබුණේ නෑ. ඉතින්... එයාගේ ඒ නොදැන සිටීම මට ලොකු පහසුවක් වුණා. අපි බොහෝම සුහදව කතාබහ කළා.

එදා ඔය දෙන්නා ඒ කියන්නේ හොඳ යාළුවෝ වුණා... එහෙමද?
ඔව්... ස්ටෙෆ්නිගේ හොඳම යාළුවා තමයි උමාරියා සිංහවංශ. ඉතින් උමාරියාත් එතනට ආවා. මට තවත් පහසු වුණා. අපි ඔක්කොම හොඳට කතාබහ කළා. විහිළු තහළු කළා.

ඊටපස්සේ ඒ යාළුකම දුරදිග ගියපු යාළුකමක් වුණා?
ඔව්... එදා අපි කතාබහ කරලා ෆෝන් නම්බර් එක අරගෙන ගෙවල්වලට ගියා. දවස් කීපයක් ෆෝන් එකෙන් කතා කළා. දවසක් ස්ටෙෆ්නිට ඩිනර් එකකට යන්න තිබුණා. එයාට ඒ පාටියට යන්න කම්මැලියි, තනියි කියලා මටත් කතා කළා. මම රෑ දොළහට විතර ස්ටෙෆ්නිට කතා කරලා කිව්වා, ඔයාගේ අම්මයි තාත්තයි අකමැති නැත්නම් අපි යමු* කියලා. ඉතින් ස්ටෙෆ්නිත් කැමතිවෙලා අපි ඒ පාටියට ගියා. එයාටත් ඕනවෙලා තියන්නත් ඇති මාත් එක්ක යන්න. ඒ පාටියේදි අපි දෙන්නා පැත්තකට වෙලා චෙස් වගේ ගේම් එකක් ගගහ බොහෝ දේවල් කතා කළා.

ඒ කතාබහ ආදරයක් වුණා.. එහෙම නේද?
ඔව්.. ඒ යාළුකම හොඳම හොඳ යාළුකමක් වුණා. අන්තිමට ඒ යාළුකම ආදර කතාවක් වුණා. 

ස්ටෙෆ්නිව පුදුම කරවන්න දුෂ්‍යන්ත් එක එක දේවල් කරනවා නේද... ඇයි අර විදියට තැඹිලි බෙදුවේ?
එක දවසක් මම ඔෆීස් එකේ ඉන්නකොට ස්ටෙෆ්නි දුකෙන් ඔෆීස් එකට ඇවිත් දුක්ගැනවිල්ලක් කිව්වා, අසරණ පෝලියෝ හැදුන මනුස්සයෙක් අව්වේ පාරේ යද්දි තැඹිලි විකුණන මනුස්සයෙක් පොඩි තැඹිලි ගෙඩියක් දුන්නා අර මනුස්සයා පින් දිදී හරිම අමාරුවෙන් ගියා කියලා. එයාට ඒ අහිංසක මනුස්සයා ගැන හරිම දුක හිතිලා. ඇස්වල කඳුළු පුරෝගෙන අඬනවා. අනික ස්ටෙෆ්නිගේ ආසම බීම තමයි තැඹිලි.

ඒ නිසාද ස්ටෙෆ්නිගේ බර්ත් ඩේ එක දවසේ තැඹිලි බෙදුවේ?
ඔව්... ගිය අවුුරුද්දේ ස්ටෙෆ්නිගේ බර්ත් ඩේ එකට එයාට ලංකාවේ ඉන්න බැරිවුණා. ඉතින් මම හිතුවේ එයාගේ බර්ත් ඩේ එකට එයාව සප්‍රයිස් කරන්න ඩුබායි යන්න. ඒත් වැඩත් එක්ක යන්න බැරිවුණා. ඒ නිසා එයාගේ බර්ත් ඩේ එකට දවස් කීපයකට කළින් එයාගේ වයසට හරියන්න බත් පැකට් එකයි තැඹිලි ගෙඩියයි මම අසරණ මිනිස්සුන්ට බෙදලා දුන්නා. ඒ හැම එකක්ම මම වීඩියෝ කළා. ඒ හැම මනුස්සයෙක්ම හැපි බර්ත් ඩේ ස්ටෙෆ්නි කියලා කිව්වා. ඒ වීඩියෝ එක මම බර්ත් ඩේ එක දවසේ ස්ටෙෆ්නිට යැව්වා. මේ පාර මම අයිපෑඩ් එකක් දුන්නා. හැබැයි මේ ප්‍රසන්ට් එකට වඩා ස්ටෙෆ්නි ගිය පාර මම දීපු ප්‍රසන්ට් එකට කැමතියි.

කැනඩාවෙදි ස්ටෙෆ්නිත් දුෂ්‍යන්ත්ව සප්‍රයිස් කරලා තියෙනවා නේද?
ඔව්... අපි කැනඩා ගිය වෙලේ ස්ටෙෆ්නියි මායි එක සුපර් මාර්කට් එකකට ගියා. ගිහින් එළියට එද්දි මම එයා එක්ක කතා කරනවා. ඒත් එයා නෑ. මම වටපිට බලනවා. කොහේවත් ස්ටෙෆ්නි නෑ. විනාඩි දහයක් බලන් හිටියත් මෙයා නෑ. ආයේ මම සුපර් මාර්කට් එක ඇතුළට ගියා. දහස් ගාණක් ඉන්න සුපර් මාර්කට් එක ඇතුළේ ස්ටෙෆ්නි එහාට දුවනවා. මෙහාට දුවනවා. බලද්දි එළියේ ඉඳන් සුපර් මාර්කට් එක ඇතුළට කුරුල්ලෙක් ඇවිත්. ඌට එළියට යන්න විදිහක් නැතිව ඇතුළේ දඟලනවා. අනිත් මිනිස්සුන්ට ගාණක් නෑ. කොහොම හරි ස්ටෙෆ්නි කුරුල්ලව එළියට යවලා හරිම සතුටින් මගේ අතේ එල්ලුනා. එයා ඒ වගේ පුංචි පුංචි දේවලින් මාව සප්‍රයිස් කරනවා.

කවදා විතර දුෂ්‍යන්ත්ගෙයි ස්ටෙෆ්නිගෙයි විවාහය සිද්ධවෙයිද?
ඒකට උත්තරය දෙන්න පුළුවන්නම් මම මෙලහකටත් විවාහකයි. දැන් අපේ ප්‍රේමයට අවුරුදු තුනහමාරක් වෙනවා.

වැඩියෙන්ම කේන්ති යන්නේ කාටද?
එයත් හරි සංවේදීයි. මාත් හරි සංවේදීයි. අපි දෙන්නගේ සිතුම් පැතුම් ගොඩාක් දුරට එක වගෙයි.

ඉඩක් ලැබුණම දෙන්නා මොකද කරන්නේ?
අපි දෙන්නා බොහෝ දේවල් කරනවා. මේ වෙසක් පෝයට මායි ස්ටෙෆ්නියි පූජා උමාශංකරැයි වෙසක් බැලුවේ නෑ. අපි ඊට වඩා සමාජමය දේවල් කළා. මම හරි ආසයි වැඩ කරනවට අමතරව ජීවිතේ විඳින්න. මම ක්‍රිකට් ගහනවා. ස්ටෙෆ්නි ඩාන්සින්වලට දක්ෂයි. අපි කඳු නැඟීම, දුනු විදීම වගේ දේවල් කරනවා. ඒ හැමදේම අපි දෙන්නා එකට කරනවා. අපි කාර්යබහුලයි කියලා ගෙදරටයි රස්සාවටයි ටී.වී එකටයි ජීවිතේ සීමා කරන්නේ නෑ. ඒ ඒකාකාරී ජීවිතයට මම ආසම නෑ. වැඩ කරන වෙලාවට මම මැරීගෙන වැඩ කරනවා. හැබැයි ජීවිතේ අපි දෙන්නා විඳිනවා.

Text – Dishani /      Pic – Sumudu Hewapathirana