2017 මැයි 20 වන සෙනසුරාදා

පදින්න - අැවිදින්න - පීනන්න සිහින පාරාදීසයක්

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 277

මේ සතිඅන්තෙ අපි ඔයාලත් එක්ක යන්නෙ ඔයාගෙ family එකටම එකවර ගිහින් මුළු දවසම Enjoy කරලා එන්න පුළුවන් තැනකට. ඒ තමා NEW SANIRO DREAM PARADISE. තියෙන්නෙ වේයන්ගොඩ නයිවල.

අක්කර නවයක පමණ බිමක විහිද ඇති මෙහි කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා විනෝද විය හැකි Electrical Bumper Car පර්යන්තය, 20 දෙනෙකට එක්වර ධාවනයක යෙදෙන්න හැකි පුංචි කෝච්චිය (Mini Roller Coaster), විනෝදයෙන් ත්‍රාසයෙන් වික්ෂිප්ත කරවන සමනල යානය (Pendulum Rider), කුඩා දරුවන් සඳහාම විශේෂිත වූ Police Bike, Car & Jeep, 30 දෙනෙකුට එකවර උපරිම ආස්වාදය ලබාදෙන යාන්ත්‍රික බූවල්ලා (Octopus), අඩි 40ක පමණ උස් පර්යන්තයක සිට එක් නිමේෂයකින් 500m දුරක් ත්‍රාසජනක අත්දැකීමක් ලබාගත හැකි අති දැවැන්ත රෝලර් කෝස්ටරය (Crazy Mouse), ආසන ඉහළ පහළ ගෙන යාමේ හැකියාවක් ඇති ජෙට් රයිඩර් යන්ත්‍රය (Jet Rider), දකුණු ආසියාවේ ප්‍රථම වරට එළිදක්වන 9D සිනමාහල (9D Cinema), ත්‍රාසයෙන් පිරි නැවුම් අත්දැකීමකට ස්ප්‍රින් බෝල් (Spring Ball), රයිෆල් පහසුකම් සහිත වෙඩි පිටිය (Air Rifle Range with 4 Ammo), උද්‍යාන භූමිය වටා දිවෙන පුංචි අඟුරු කෝච්චිය (Felix Train), මීටර් 500ක දුරක් අඩි 20ක් ඉහළින් ගමන් කරන Sky Train, දුර්ලභ ගණයේ විසිතුරු මසුන්ගෙන් සමන්විත මින් මැදුර (Aquarium), නවීන අංගෝපාංග වලින් සමන්විත පිහිනුම් තටාකය (Swimming Pool with Kids Pool), කුඩා දරුවන් 100කට එක්වර විනෝද විය හැකි බම්පරය, නවීන අංගෝපාංග වලින් සමන්විත කාන්තාවන් සඳහාම වෙන්වූ පිහිනුම් තටාකය (Swimming Pool), පුංචි ඔබ සඳහාම වෙන් වූ පුංචි කෝච්චිය (Kids Train), පෝනි පිට යාමේ පහසුකම් හා ඒ සඳහා වන ධාවන පථය (Pony Riding), පුංචි දරුවන්ගේ සිට වැඩිහිටියා දක්වා ත්‍රාසජනක 3D ලෝවකට පිවිවෙන Video Game, ඔබගේ පුංචි සිඟිත්තන් සඳහාම වෙන් වූ සතුන් පිට යාම Animal Riding, පුංචි දරුවන්හට විනෝද විය හැකි Mini Bumper Car, කුඩා දරුවන් මවිතයට පත් කරවන වර්ණවත් Merigo Round ඇතුළු තවත් අංග ගණනාවක් තියෙනවා. බඩගින්නක් තිබහක් ආවොත් යමක් කාලා බීලා යන්න පුංචි Food Corner එකකුත් තියෙනවා. කොහොම වුණත් දවසක් සතුටින් ඉඳලා විඳලා එන්න හොඳ තැනක් තමයි New Saniro Dream Paradise කියන්නේ. 

Text – Saara / Pic — Channa kassapa Koralearachchi