2017 මැයි 20 වන සෙනසුරාදා

පබිලිස්ගේ අමුතු සලාද

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 304

පැළ මද සලාදය

අවශ්‍ය දේවල්

පැළ මද ග්‍රෑම් 600
කොළ පාට පිපිඤ්ඤා ග්‍රෑම් 100
පැෂන් ෆෘට් සෝස් මේස හැඳි 04
මිරිස් සෝස් මේස හැඳි 01
ගම්මිරිස් කෑලි මේස හැඳි 01
තක්කාලි ග්‍රෑම් 100
අසමෝදගම් කොළ ග්‍රෑම් 3

සාදන ක්‍රමය

• පැළ මද සෝදා දෙකට කපා ඝනකමට තීරු කපාගන්න.
• කොළපාට පිපිඤ්ඤා සෝදා දෙකට කපා සිහින් පෙති කපාගන්න.
• පැළ මද කැබැල්ලක් සමඟ පිපිඤ්ඤා පෙත්තක් එකට තබාගන්න.
• එය අලංකාර ලෙස දීසිය මත තබාගන්න.
• ෆැෂන් ෆෘට් සෝස්, මිරිස් සෝස් සහ ගම්මිරිස් එකට එකතු කරන්න.
• තක්කාලි කැබැලි කපාගන්න.
• දීසියකට දමාගත් පැළ මද පිපිඤ්ඤාවලට ගම්මිරිස් මිශ්‍ර සෝස් එක්කරන්න.
• තක්කාලි සහ අසමෝදගම් කොළවලින් සරසා ගන්න.

 

හර්බල් ග්‍රීන් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය -

ගොටුකොළ ග්‍රෑම් 40
සාරණ ග්‍රෑම් 40
ඇඹුල් ඇඹලිය ග්‍රෑම් 40
ගැට තුඹ ග්‍රෑම් 40
මුකුණුවැන්න ග්‍රෑම් 40
කංකුං ග්‍රෑම් 40
කාමරංකා ග්‍රෑම් 40
දෙළුම් මදුළු මේස හැඳි 04
ලූණු ග්‍රෑම් 50
තක්කාලි ග්‍රෑම් 50
නැවුම් අබ සෝස් තේ හැඳි 01
අඹ සෝස් මේස හැඳි 04

සාදන ක්‍රමය

• කොළ වර්ග වෙන වෙනම කඩා ගන්න.
• ඒවා වෙන වෙනම සෝදා දිය බේරා ගන්න.
• කාමරංකා සෝදා පෙති කපා සලාද දීසිය වටේ තබන්න.
• දිය බේරාගත් කොළ දිසිය මත වෙන වෙනම තබන්න.
• තක්කාලි දිග් අතට කපාගන්න. ලූනු රවුමට කපාගන්න. ඒවා දමා දීසිය සරසාගන්න.
• දෙළුම් මදුළු උඩින් ඉසින්න.
• සලාදය පිළිගන්වද්දී සෝස් වර්ග දෙක එකතු කරන්න.

කෙඳි අල සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

ළපටි කොහිල අල කිලෝග්‍රෑම් 01
විනාකිරි අඬු කෝප්ප 02
කපාගත් බීට්රූට් ග්‍රෑම් 100
සීනි මේස හැඳි 02
ගම්මිරිස් ඇට 10
කරඳමුංගු 03
කරාබුනැටි 03
ලුණු තේ හැඳි 01
කුරුඳු පොතු කැබැල්ලක්

සාදන ක්‍රමය

• ළපටි කොහිල සෝදා දිගට කපාගන්න.
• කපාගත් කැබලිවල රවුම් හැඩය ඉවත්වී හතරස් හැඩයක් වන පරිදි කොහිල කැබැල්ලේ හතර පැත්තෙන් ඉවත් කරන්න.
• එම හතරුස් කොහිල සිහින්ව තීරු කපාගන්න.
• විනාකිරිවලට කපාගත් බීට්රූට්, සීනි, කුරුඳු, කරඳමුංගු, කරාබු නැටි, ගම්මිරිස් ලුණු දමන්න.
• එම මිශ්‍රණයට කපාගත් කොහිල තීරු දමා පැය විසිහතරක් වසා තබන්න.
• පසුව කොහිල තීරු ඉවත්කර දීසියකට අවුරා පිළිගන්වන්න.

පැණි මදුළු සලාදය

අවශ්‍ය දේවල්

වරකා මදුළු ග්‍රෑම් 500
ගම්මරිස් කැබලි තේ හැඳි 02
ලුණු කුඩු තේ හැඳි 01

සාදන ක්‍රමය

• වරකා මදුළු ගලවා එහි ඇති සිවිඩ්ඩ සමඟ ගලවාගන්න.
• අට ඉවත් කරන්න.
• ගම්මිරිස් ලුණු දමා හොඳින් වරකාවල තවරා ගන්න.

 

 

 

දොළොස් මහේ සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

වරකා මඳුළු 12
කජු පුහුලන් 10
මැංගුස් ටින් මදුළු 10
සැපතිල්ලා ගෙඩි 10
ලොකු ජම්බ ගෙඩි 8
කොළ පිනිජම්බු ගෙඩි 04
ලොකු පැල මද 04
උගුරැස්ස ගෙඩි 25
අන්නාසි ගෙඩි 01
අබ මේස හැඳි 04
විනාකිරි මිලි ලීටර් 100
සීනි ග්‍රෑම් 50
ගම්මිරිස් කුඩු තේ හැඳි 01
ලුණු පදමට
දෙහි ගෙඩියක යුෂ
ෆැෂන් ෆෘට් 4

සාදන ක්‍රමය

• මැංගුස්ටින් ඇට ඉවත් කර මදුළු වෙන්කර ගන්න.
• සැපතිල්ලා, ජම්බු, කජු පුහුලන් කැබලිවලට කපා ලුණු දෙහි යුෂ මිශ්‍ර ජලයේ දමන්න.
• පැළ මද, අන්නාසි, වරකා, ජම්බු, කුඩා කැබලි කපාගන්න.
• උගුරැස්ස දෙකට කපාගන්න.
• අබ, සීනි, ගම්මිරිස්, විනාකිරෙන් අඹරා ගන්න.
• ෆැෂන් ෆෘට්වල මදය සූරා ගන්න.
• මෙම සියලුම පළතුරු සලාද දීසියකට දමා හොඳින් මිශ්‍ර කරන්න.
• ලුණු අවශ්‍ය තරමට දමන්න.
• හොඳින් මිශ්‍ර කරගත් සලාදය පිළිගන්වද්දී සෝස් සමඟ පිළිගන්වන්න.

 

ජම්බු සහ කජු පුහුලන් සදාලය

අවශ්‍ය ද්‍රව්‍ය

ජම්බු ගෙඩි 10
කජු පුහුලන් 10
ලොවි ගෙඩි 10
පැණි රස මිරිස් සෝස් මේස හැඳි 02
දෙහි යුෂ තේ හැඳි 01


සාදන ක්‍රමය

• ජම්බු, ලොවි, සහ කජු පුහුලන් කොටු කපාගන්න.
• කපාගත් පළතුරු දෙහි මිශ්‍ර වතුරෙන් සෝදන්න.
• පළතුරු සලාද දීසියකට දමා එයට උඩින් සෝස් එක් කරන්න.
• ඔබ කැමති නම් ලුණු ස්වල්පයක්ද එක් කරගන්න.

Text — Jayamali