2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

රෙදි හෝදන APP වටේටම

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

මචෝ අද කාලේ Social Media ඇතුළේ නිතර දකින Advertisement වර්ගයක් තියෙනවා. ඔබේ පෙම්වතිය පෙම්වතා හරියට ඉන්න තැන හොයාගන්න එතකොට පෙම්වතිය බොරු කියනවාද කියලා දැනගන්න, ෆෝන් එක නැතිවුණොත් හොයා ගන්න වගේ ඒවා. මේවා හරහා වෙන්නේ Tracking Apps Promote කරන එක. සුදාලා බුකියෙ සරණ අය නම් දැනටමත් මේ ඇඩ් කෑලි දැකලා ඇති. මේක පුදුමාකාර රැල්ලක් වෙලා. කොටින්ම කියනවා නම් පට්ට Y Trend එකක්.

හැබැයි සුදාලට කියන්නේ මේ ගැන කවුරුත් ලොකුවට කතා කරන්නේ නෑ. අන්න ඒ නිසාම තමා මේ Trend එක ගැන ටිකක් හොයලා බලලා අපි Story යක් Line කරන්න හිතුවේ. මේකේ හොඳ වගේම නරක පැත්තක් තියෙනවා. සමහරැ රුල්ලට මේ App භාවිත කරනවා. නිත්‍යනුකූල ආරක්ෂාව පෞද්ගලිකත්වය වගේ දේවල් ගැන හිතන්නේ නෑ. අන්න ඒ නිසා තමා මේ Trend එක ගැන ලොකු සංවාදයක් ඇතිවෙන්න ඕනෑ කියලා අපි මුලින්ම කිව්වේ. අපේ ෆෙන්තෝලාට කියන්න අපි මේ කතාවට පූර්විකාවක් දෙන්න තමා අපේ Try එක.

හරි මෙහෙම පටන් ගමුකෝ. තමන්ගේ ආදරණීයයන් ඉන්න තැන් දැක බලාගන්නට විවිධ ආයතන මේ වගේ apps වර්ග හඳුන්වා දීලා තියෙනවා. මෙතනදී අදාළ දෙපාර්ශවයේම හරි උපාංග දෙකේම හරි අවසර සහිතව තමා ඔවුන් සිටිනා ස්ථාන එකිනෙක වෙත පේන්නේ. තමන්ගේ දරුවන් ගැන, ආදරණීයන් ගැන තොරතුරු ලබාගන්න භාවිත වෙන මේ apps කාලේ හැටියට හරි වටිනවා. ෆෝන් එක නැතිවුණත් මේ වගේ App හරහා හොයාගන්න පුළුවන්. ඔන්න අපේ බ්‍රෝලා සිස්ලා කල්පනා කරන්වා ශා එක්ක පට්ටනේ. අවුලක් නෑනී කියලා. අඩේ අපි දන්නවා ඔය කල්පනාව. එහෙනම් මේ ටිකත් අහගන්නකෝ සුදා.

මේ App අවභාවිත වන අවස්ථා නම් ඕනෑතරම් අද වෙද්දී දැකගන්න පුළුවන්. මේ තාක්ෂණයන් අනිසි ලෙස භාවිත අයට තමන්ට විරුද්ධ අයව අහිතකර විදිහට track කිරීමට හැකියාව ලැබෙනවා. විරුද්ධ අය කියලා කිව්වාට කිසිම සම්බන්ධයක් නැති වුණත් Track කරලා පෞද්ගලිකත්වයට හානි කරන්න පුළුවන්. මෙහෙම කරන අය ලෝකේ සෑහෙන්න ඉන්නවා. ඒ අය නිසා අමාරුවේ වැටෙන අයත් ඒ වගේම ඉන්නවා. ඒත් මචෝ මේ දෙගොල්ලෝම මේ සීන් කෝන් එක හංගනවා. GPS locations වැනි දත්ත සොරකම් කරන apps ප්‍රමාණය විතරක් 2019 වසරේ මුල් මාස 8 තුළදී පමණක් සියයට 373ක පමණ ප්‍රතිශතයකින් වැඩි වී තිබ්බා කියලා පරීක්ෂණ ආයතනයක් සඳහන් කරලා තිබුණා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කෝ.
අපි ආයේ බලමුකෝ මේ Trend එකේ ලංකාවේ තත්ත්වය. ලංකාවේ මේ වගේ App කරලා කීයක් හරි හොයාගන්න සෑහෙන්න පිරිසක් try කරනවා. සමහර දුරකථන සමාගම් ලාභය නිසා එයාලට ඕනෑ ඕනෑ විදිහට නටන්න දෙනවා. ගොඩක් වෙලාවට මේ App රුසියානු නිර්මාණ. අපේ අය ඒවගේ අතරමැදියෝ. තොරතුරු තාක්ෂණික ලෝකයේ මේ රුසියානු පරිගණක වැඩසටහන් ගැන තියෙන්නේ වෙනම ආකල්ප. අපි මේවා තාක්ෂණික පැහැදිලි කරන්න යන්නේ නෑ. ආතල් කැඩෙනවානේ අපේ ෆොන්තෝලාගේ. ඒ වුණත් මේවා ගැන Google දෙයියන්ගෙන් අහලා බලන්න සුදාලාට පුළුවන්.

ලංකාවේ මේ App විකුණන් භාවිත කරන්නේ පෙම්වතුන්ගේ අතර තියෙන සැකය අඹු සැමියන් අතර තියෙන සැකය.

ආදරය කරන හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක්නේ තමන් ආදරය කරන කෙනාගේ ආරක්ෂාව ගැන හිතන එක. එයා පරිස්සමින් ගෙදර ගියාද? එයා කොහෙද මේ වෙලාවෙ ඉන්නෙ ඇයි CALL කලාට ANSWER කරන්නේ නැත්තේ, මඟදී මොකක් හරි කරදරයක් වුණාද දන්නේ නෑ. පොඩ්ඩක් හරි CALL කරන්න පරක්කු වුණොත් අපි හැමෝගෙම හිතට එන ප්‍රශ්නනේ මේවා. දැන් ඒ ප්‍රශ්න ඔක්කොටම විශ්වසනීය උත්තරයක් තියෙනවා.
මගේ සුදා මේ කතා අහලා තියනවාද දන්නේ නෑ. හැබැයි ඔය එන්නේ පොටක් පාද ගන්න. ඔය වචන තමා සීන් එකට පාවිච්චි වෙන්නේ. තව පැත්තකින් හරිම බාල තත්ත්වයේ Video හදලා එක එක Page වලින් Sponsored ගහලා මේවා සෑහෙන්න Promote කරනවා. ඒ ඇඩ්වල අන්තර්ගතය හරහා අපිව පොළඹවන්නේ අපේ ආදරණීයන්ව සැක කරන්නට. ඒත් මේ app ගැන මෙයාලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක් මචෝ.

ඔයා වගකීමක් තියෙන කෙනෙක් නම් මේ App එක ප්‍රයෝජනවත් වේවි. ඔයා වගකීමක් තියෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් මේ App එක දැන්ම ළමයින්ට දාලා දෙන්න. ඔයා වගකීමක් තියෙන අයියා කෙනෙක් අක්කා කෙනෙක් නම් නංගී මල්ලිගේ phone එකට මේ App එක දාලා දෙන්න. ඔයා වගකීමක් තියෙන තියෙන දුවෙක් පුතෙක් නම් වයසක අම්මාගේ තාත්තාගේ phone එකේ මේ App එක install කරලා දෙන්න.
එකෙන්ම අපේ අය මේ වචනවලට අහුවෙනවා. ආ එතකොට  මේ හරහා ෆෝන් එකේ සල්ලි කැපෙන එකත් ලස්සනට වෙනවා. ඒක වෙනම ආතල් එකක් සහෝ. දෙමාපියෝ දරැවෝ වෙනුවෙන් මේ වගේ ඇප් එකක් භාවිත කරන එක ගැන නම් අපි මුකුත් කියන්නේ නෑ. හැබැයි හරි App එක හොයලා බලන්න දෙමාපියන් දැනගන්න ඕනෑ.

හැබැයි ඔය සැකය අවිශ්වාසය විකුණන එකට වගේම ඒ නිසා මේ App භාවිතා කරන එකත් අපි අනුමත කරන්නේ නෑ සුදෝ. මාර සීන් එක කියලා කියන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙයාලා මේවා Promote නොකර එක. හැබයි මේවට බනින අයටත් අපූරැ උත්තර දෙන්න Social Media ඇතුළේ මෙයාලා වැඩ කරනවා. ඉන්න තැන බලන්නේ සැක නිසා නෙවෙයි කියලා Web Article පවා මෙයාලා ලියවනවා. ඇත්තටම මේ Trend එකක් මුවාවෙන් යන මාෆියා එකක් සුදු මහත්තයෝ. මිනිස්සුගේ අසරණකම ගොන්කම අවිශ්වාසය භාවිත කරලා සල්ලි හොයන සීන් එකක්.

ආතල් Y Trend අතරේ මේවගේ සීන් කෝන් අපි සුදාලට කියන්නේ යුතුකමක් සලකා මේවත් Y Trend තමා. හැබැයි ආතල් වගේ පෙනුණට ඇත්තටම ආතල් කුඩුවෙන Trend. අපේ රටේ අය පෞද්ගලිකත්වය ගැන සයිබර් ආරක්ෂා ගැන තඹේකටවත් ගණන් ගන්නේ නෑ. අපි දන්නවා. අපිට කියන්න තියෙන්නේ දැනට ආතල් එකේ ඉන්නකො. තැපෑලෙන් ප්‍රශ්න එනකොට තේරෙයි.