2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

ගරානා ජරමර අස්ෙස් අන්තර්ජාෙලන් සල්ලි වාෂ්පකෙරේ

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 30

මේ දවස්වල සයිබර් ලෝකයේ ලොකුම Y Trend එක මොකක්ද කියලා ඇහුවොත් මචෝ උත්තරේ සරලයි. e money හොයන හැටි ගැන තියෙන පිස්සුව. සුදාලත් ඔය සයිබර් ලෝකේ කරක් ගහනවා නම් දවසට දහ දොළොස් වතාවක් ඔය e money හෙවිල්ල ගැන දලා තියෙන Post එහෙම දකින්න ඇති. මේක කෙළින්ම වසංගතයක් වගේ සීන් එකක්. අනික් අතට මචෝ රියල් වසංගතේම අතුරු ප්‍රතිඵලයක්. ඔන්න ඒ නිසා අපින් e money හෙවිල්ලේ උමතුව ගැන අද Y Trend එක දෙනවා.
අඩේ අප්පා මුලින්ම කියන්න ඕනෑ බොක්කාලට එක දෙයක්. මයේ පැටවුන්ට e money හොයන්ම කියලා දෙන්න නෙවෙයි අපි මේ හදන්නේ. එහෙම බලාපොරොත්තුවක් එහෙම තියාගෙන අද Y Trend එක කියවලා පස්සේ දොස් කියන්න ඔට්ටු නෑ හරිය. ඒත් අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම සරලව පැහැදිලි කරන්නම් සීන් එකේ නැති සුදාලා වෙනුවෙන්. නැත්නම් අද කතාව සෙට් එකට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් සුන්දරා.

අනතර්ජාලය හරහා මුදල් උපයනවා කියන්නේ ලොකු කතාවක්. මචෝ එකට ක්‍රම දහස් ගාණක් තියනවා. online freelancing, Ad Sense, YouTube, Drop Shipping ක්‍රම නම් ඔන්න ප්‍රසිද්ධයි. අපි මේ කතා කරන මෑතකාලීන Y Trend එකට මූලික වෙලා තියෙන්නේ Drop Shipping කියන ක්‍රමය තමයි. ඒ ගැන පට්ටට පැහැදිලි කරන්න බෑ. හැබැයි සීන් එක සරලවම කියනවා නම් මේකයි. අතරමැදියෙකු බවට පත්වෙලා ආදායම් ඉපයීම තමා මෙතැන වෙන්නේ. අන්තර්ජාලයේ භාණ්ඩ විකුණන යම්කිසි ප්‍රසිද්ධ වෙබ් අඩවියක ඇති භාණ්ඩ තමන් විසින් නිර්මාණය කරගත්තු වෙබ් අඩවියක හරි තවත් ප්‍රසිද්ධ වෙබ් අඩවියක හරි විකුණන එක තමා මෙතැනදී වෙන්නේ. හැබැයි සුදෝ ඕක අපි මේ කියන තරම් සරල නෑ.
හරි ඒක පැතතකින් තියමුකෝ, වස්තුලා දන්නවා අනතර්ජාලේ හරහා සල්ලි හොයනවා කියන එක අදක ඊයෙක කරළියට ආපු සීන් කෝන් එකක් නෙවෙයි. හැබැයි මේක Trend වුණේ මෑතක අවුරුදු දෙකක වගේ ඉඳලා. සීන් එක ලංකාවේ Trend වෙන්න මූලික හේතු දෙකක් බලපෑවා කියලා තමයි අපි නම් හිතන්නේ. පළවෙනි සීන් එක තමා e money හොයලා කෝටිපති වුණ බුවාලා ගැන පහුගිය කාලේ ආපු YouTube වීඩියෝ. දෙවෙනි සීන් එක කොල්ලෝ කෙල්ලන්ගේ ආර්ථිකය Lost කරපු කෝවිඩ් වසංගතය.

ලොකු ලොකු වාහන පදින අඩු වයසෙන් කෝටිපති වුණ අන්තර්ජාල මුදල් උපයන්නෝ ගැන පට්ට වීඩියෝ ටිකක් ලංකාවේ Youtubers ලා පහුගිය කාලේ කරලා තිබුණා. මේ වීඩියෝවලදී කට්ටිය මාර ටෝක් දෙනවා. මෙහෙමයි පටන් ගත්තේ මෙහෙමයි ගොඩ ගියේ දැන් මෙහෙමයි වගේ සැර කතා කියනවා. ඉතින් මේ වීඩියෝ දැක්කම අපේ ගොඩක් සුදාලා ෆෝම් වුණා. අඩේ අපිටත් මෙහෙම ගොඩ යන්න පුළුවන්නේ කියලා හිතාගෙන ඔන්න කට්ටිය E Money හොයන හැටි ඉගෙන ගන්න ගත්තා. කට්ටිය හොයනකොට මේ ගැන කියලා දෙන්න වැඩේ දන්න බුවාලා පොඩි ගේමක් ගැහුවා. හැබැයි ඒකත් ගණන් කැපිල්ලක් තමා. කොහොම වුණත් වැඩේ හැමෝටම අල්ලලා ගියේ නෑ. සීන් එක යම් මට්ටමකට තමා Trend වෙලා තිබ්බේ.

ඔන්න සුන්දරා ආවා කොවිඩ් මාරයා. Lock Down සීන් එකේ කට්ටිය ගෙදරට වෙලා ඉන්න කාලේ ගෙදර ඉඳන් කීයක් හරි හොයාගන්න Try කළා. මෙන්න මෙතැනදී තමා අපි කතා කරන මේ සැර Y Trend එක නිර්මාණය වුණේ. Drop Shipping ඇතුළු ක්‍රම කිහිපයක් ගැන තමා සෑහෙන්න අවධානය යොමුවුණේ. මේ වෙනකොට සමහරුන්ට රස්සා නැතිවෙලා සැලරි කට්වෙලා නන්නත්තාර වෙලා ඉන්නේ ඉතින් මේ සීන් එක ගොඩයන්න මාර සීන් එකක් කියලා තමා හැමෝම හිතන් ඉන්නේ.
සුදු පුතේ ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මඟුල් කියලා කියමනක් තියෙනවා හරිය. අද වෙලා තියෙන්නේ අන්න ඒක. දැන් මේ ගැන අන්තර්ජාල හරහා උගන්වනවා ලියලා ගරානා පාරක් දානවා සමහරු. රුපියල් විසිපන්දහසේ ඉඳන් Online කෝස් තියනවා. රුපියල් පන්සීයේ ඉඳන් PDF Document විකුණන්න තියනවා. FACEBOOK එකේ Page වගේම Group දහස් ගණනක් නිර්මාණය වෙලා තියෙනවා. තව WhatsApp Group එතකොට Blog එහෙමත් සෑහෙන්න තියෙනවා. මේ ඔක්කොමලා කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සිංහලෙන් උගන්නවා කියලා.

වෙලාවකට හිතෙනවා අච්චර කෝටි ගණනක් හොයන්න පුළුවන්කම තියාගෙන මෙයාලා අනික් අයට මේක උගන්න උගන්න කාලේ නාස්ති කරන්නේ ඇයි කියලා. මෙයාලා කියන විදිහට මාසෙකට ලක්ෂ ගාණක් හොයන්න පුළුවන් මේ සීන් එක ඇතුළේ. ඔන්න එතොකොට අපේ අය හිතනවා. ලක්ෂ ගණක් නෙවෙයි රුපියල් දහදහක් හම්බවුණත් මොකෝ ගෙදර ඉඳලා කියලා. අන්තිමට මේ අමාරු කාලේ අතේ තියෙන තියෙන තුට්ටුවටත් අබසරණයි. ඉතින් සහෝලට මේ අපි කියන්නේ අන්තර්ජංජාලයෙන් සල්ලි හොයන්න බෑ කියලා නෙවෙයි. කල දුටු කල වළ ඉහගන්න ඩයල්වලට අහුවෙන්න එපා කියලා. ඔය Post වලට හොඳ කියලා Comment දාල මිනිස්සු මුලා කරන එකත් මේ ජාවාරමේම කොටසක් මචෝ.

අවසාන වශයෙන් කියන්න ඕනෑ මචෝ එල දෙයක්. ඕනෑම Y Trend එකක දෙපැත්තක් තිබෙනවා. සල්ලිවලට සම්බන්ධව වෙන ඕනෑම දෙයකට මිනිස්සු පිස්සු වැටෙනවා. ඒක ලෝක ස්වභාවය. ඒත් උමතුවක් ඇතුළේ කරන කිසිම දෙයකින් ප්‍රතිඵලයක් නෑ වස්තුවේ. ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයනවා කියන්නෙත් වෙනත් රැකියාවක් කරනවා වගේම ටිකක් මහන්සි වෙලා කරන්න ඕනෑ වැඩක්. එහෙම නැතුව ඉන්ටර්නෙට් එක කියන්නේ ඕන විදියට අතදාලා සල්ලි ගන්න පුළුවන් සල්ලි පෙට්ටියක් නම් නෙමෙයි. අද වෙනකොට ලෝකයේ ඉන්න හොඳම හොරු, කපටි කෛරාටිකයින්, මුලා කරන්නන්  සල්ලාලයින්, ඔක්කොම ඉන්නෙත්  ඔතනම තමයි මචෝ. හැබැයි ඇත්තටම E Money හොයලා කෝටිපතියෙක් වෙන්න පුළුවන් එකට දේවල් දෙකක් ඔන්න එකෙන්ම. අසීමාන්තික කැපවීම අංක එක, දෙක තමා වාසනාව. එහෙනම් ගිහින් එන්නම්... ඔන්න සිංදු කෑල්ලකුත් මතක් වුණා.

අනුන් කරන දේ කරන්න ගියොතින්
අපිත් වඳු‍රො වෙනවා//