2021 ජනවාරි 16 වන සෙනසුරාදා

ඉඩිඅමින්ගේ පුටුවට පොප් ගායකයෙක්

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

ඉඩි අමීන්ගේ රට ලෙස ප්‍රසිද්ධ උගණ්ඩාවේ නායකත්වය අපේක්ෂාවෙන් 38 හැවිරිදි පොප් ගායකයකු මැතිවරණ සටනට අවතීර්ණ වී සිටියි. ඔහු බොබී වයින් ලෙස ප්‍රසිද්ධ  රොබර්ට් ක්‍යාගුලාන්යි ය. අප්‍රිකාවේ දීර්ඝ කාලයක් ප්‍රබල නායකයකු යටතේ පැවති රටක් වන උගන්ඩාවේ තරණ පරපුර තමන් නියෝජනය කරනා බව ඔහු කියයි. මේ අතර මෙතෙක් රට පාලනය කළ 76 හැවිරිදි යොවෙරි මුසෙවෙනි ප්‍රකාශ කරන්නේ තමන් රටේ ස්ථාවරත්වය වෙනුවෙන් පෙනී සිටින බවයි. පෙබරවාරි මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඔහු විසින් තම අපේක්ෂක නාමයෝජනා පත්‍රය කම්පාලා අගනුවර මැතිවරණ නිලධාරීන්ට භාරදීමෙන් අනතුරැව පසුගිය නොවැම්බරයේ අත්අඩංගුවටද ගනු ලැබිණි. ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ නාමයෝජනා පත්‍රය භාරදීමෙන් පසු ඔහු නිතී විරෝධීව ජනරුළියක් පැවතීමට සූදානම් වීමය.

දැනටමත් මැතිවරණ කටයුතුවලදී ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදු වී ඇති අතර කීපදෙනෙක් මියගොස් ඇත. සියලුම සමාජ මාධ්‍ය අවහිර කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. පාලක පක්ෂයට හිතවාදී ගිණුම් කීපයක්ම නතර කිරීමට ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය පියවර ගත් නිසා මේ පියවර ගත් බව මුසෙවෙනි කියයි. මැතිවරණ දිනයේ කම්පාලා අගනුවර වහළවල් මත පොලිස් නිලධාරීන් යොදවන බවත් සන්නද්ධ රථ නගරය පුරා මුර සංචාරයේ යොදවන බවත් එරට පොලීසිය කියයි.