2021 ජනවාරි 16 වන සෙනසුරාදා

නැති ර‌ෙද්දක් නැති ගන්දස්කාෙර්... Tik Tok

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 102

TikTok ගැන සුදාලට Y Trend එකක් දීලා වැඩි කාලයක් ගියේ නෑ. මෙන්න අයේ TikTok සීන් එක නිසා බුකිය ගිනි අරගෙන. TikTok කරන සමහරුගේ සමාජ හැසිරීම තමා සීන් එක. මෙච්චර Social Media ගිනිගන්න අස්සේ මේ සීන් කොන් එක මඟහැරලා යන්න අපිට බෑ රත්තරං. අකමැත්තෙන් අද කතාව ටිකක් සැරට කියන්න වෙනවා. සොරිවේවා.

මේ මාස දෙක තුන ඇතුළේ TikTok බුවාලගේ පැත්තෙන් ඇවිල්ලා බුකිය ගිනි තියපු ප්‍රධන සීන් තුනක් වුණා. ඔන්න මචෝ පොඩ්ඩක් මතකද බලන්න. එක හඬපට ලීක් කරගත්තු TikTok නංගි, දෙක තමන්ගේ අම්මට පහර දුන්නු TikTok නංගි, තුන ගිය සතියේ බුකිය ගිනිතියපු අනුන්ගෙ Phone එකක් කාණුවට දාපු TikTok කපල් එකේ කතාව. ආ තව සීන් තිබුණා සහෝ. TikTok කරන චරිතවල අසභ්‍ය වීඩියෝත් අන්තර්ජාලේ කැළඹුවා කියලත් මතක ඇතිනේ. කොහොම හරි මේ හැම සීදුවීමක්ම කරළියට අවේ TikTok කියන විශේෂ පදයත් එක්ක. ඉතින් ඒකම තමා අපි Y Trend එකක් කරන්නත් හේතුව.

දැන් අපේ ඩයල් එකක් මෙහෙම කියන්න ඉඩ තියනවා. අද සමාජේ ඔය වගේ වැඩ ඕනෑතරම් වෙනවා. TikTok ප්‍රසිද්ධයි. ඒ නිසා TikTok කරාම ඒකෙන් එකෙක්ගේ අතින් මොනවා හරි වැරැද්දක් වුණාම ඒක මාර විදියට Viral වෙනවා. ඉතින් ඒකට TikTok කරන අනික් අයවත් TikTok App එකවත් පළි නෑනී කියලා. ඔව් සහෝ ඔය කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් සුන්දරා TikTok කියන්නේ App එකක් නෙවෙයි සංස්කෘතියක්. අනික් පැත්තෙ TikTok කරන අය අවුල් කියලා කිව්වත් මේක TikTok වලට ලඝුවෙන ප්‍රශ්නයක් නෙවෙයි. නූතන සයිබර් ලෝකය ඇතුළේ සිද්ධවෙන ඛේදවාචකයක්.

අද නම් පට්ට ආතල් කතා ඈ පැංචෝ. සිරා අරගෙන සීන් එක ගලපන්නේ. මේක සමස්තය ගැන නෙවෙයි කොටසක් ගැන කතාවක්. අද වෙද්දී TikTok ඇතුළු සයිබර් ලොකය තමා මේ කියන අපේ තාරුණ්‍යය ආත්මය කරගෙන ඉන්නේ. TikTok Video එකක් හරි සරලයි සුන්දරයි වගේ පෙණුනාට ඒක ඇතුලේ වෙනම කතාවක් තියෙනවා. ප්‍රදර්ශන කාමය කියන්නේ අපි හැමෝටම තියෙන දෙයක්. ඒකනී කවුරුත් ලස්සනට අඳින්න පළඳින්ම කැමැති. නමුත් මේකේ උපරිමය හරිම භයානකයි. TikTok ඇතුළේ වෙන්නේ ප්‍රර්ශන කාමය වැඩිවෙන එක.

නළුනිළියොත් ඔය රඟපාන්නේ ඉතින් එහෙනම් ඒකත් අවුල්නේ කියලා සුදාලාට හිතෙයි. ඒ මචෝ ඒක වෘත්තීයමය බැඳීමක් එක්ක වෙන වැඩක්. රඟපාන්න ආසවෙන වරදක් නෙවෙයි හැබැයි ජීවිතය රඟපෑමක් කරගන්න එක අවුලක්. TikTok කරන සමහරුන්ට වෙලා තියෙන්නේ ඕක. ඔවුන් කරන දේට වැඩෙන Like Comment මත තමා මෙයාලා ජීවත් වෙන්නේ. එතකොට සමාජ යථාර්ථය මේ අයට මඟ හැරෙනවා. එතැනදී තමයි විකෘති සමාජ භාවිතයන්ට මේ අය පෙළඹෙන්නේ. මේ ගැන ඉතින් මචෝ ලොකු කියවා ගැනීමක් අපේ වැඩිහිටි පරම්පරාවට නෑ. අවුලක් දැක්ක බනින එක හැරෙන්න ඇතුල් පැත්ත ගැන කවුරුත් කතා කරන්නේ නෑ. සමහරුන්ට මෙහෙම කතා ජෝක් එකක් වගේ. තරහා ගන්න කාරී නෑ සුන්දරා ඒ ඒ අයගේ බුද්ධි මට්ටම.
තව සීන් එකක් තමා මේ උමතුව එක හුදෙකලා එකක් නොවීම. ඒ කියනේ මේ අය අතර මාර බැදීමක් නිර්මාණය වෙලා තියනවා. කණ්ඩායම් විදිහට හම්බවෙනවා. කණ්ඩායම් විදිහට බෙදිලා Social Media ඇතුලේ වලි දා ගන්නවා. එතකොට මේ අය අතර ප්‍රේම සම්බන්ධතා ගොඩනැගෙනවා. ඒක වෙනම සංස්කෘතිකයක් වෙලා. යථාර්ථයෙන් පිට ලෝකයක් තමා මෙතැන ගොඩනැගිලා තියෙනේ. නමුත් ඒක මේ අයට විෂය වෙන්නේ නෑ කොහොමත්ම. සමාජ දේශපාලන දෙවල් රට ගැන ලෝකය ගැන තියා සමහරුන්ට තමන්ගේ අම්මා තාත්තා ගැනවත් කිසිම ගාණක් නෑ. අපි කියන්නේ නෑ TikTok කරන හැමෝම මේ මට්ටමට වැටිලා කියලා. ඒත් TikTok ආත්ම කරගන්න ගිය සමහරු මේ මට්ටමට වැටිලා. මේක ඉතින් Facebook, Instagram, Gaming වගේ දේවල් ආත්මය කරගත්ත අයටත් අදාළයි.

අපි ප්‍රදර්ශන කාමය ගැන කතා කරන්නේ. පුංචි උදාහරණයක් දෙන්නම්. කියන්නත් ලැජ්ජයි. සහමරු යටට අඳින්නේ නැතිව TikTok කරනවා. තව සමහරු තමන්ගේ අඩ නිරුවතින් TikTok කරනවා මේ ලංකාවේ. ආකර්ෂණය තමා එකම අරමුණ. කාන්තාවක් කොට ඇඳුමක් අඳින එක වැරදියි කියලා නෙවෙයි මේ කියන්නේ මචෝ. ඒකේ කිසි අවුලක් නෑ. විරුද්ධ වෙන්න කාටවත් බෑ. ඒක අයිතියක්. නමුත් කවුරු හරි ආකර්ෂණය ගන්න බලාගෙන කිසිම විචාරයක් නැතිව තමන්ගේ ඇඳුම් පැළඳුම් භාවිතා කරනවා නම් එතන අවුලක් තියනවා. මොකද අපි ජීවත් වෙන්නේ ශිෂ්ඨාචාරයක් ඇතුළේ. ඒ නිසා අපිට ශිෂ්ඨත්වයක් තියෙන්න ඕනෑ.

මචෝ මේ කියන කතාව අවුල් වගේ නම් පොඩ්ඩක් TikTok Sri Lanka කියලා Google එකේ Search පාරක් දාලා බලන්න. එන්නේ මොනවාද කියලා සුදාලම පෙනෙයි. අපි TikTok ගැන පහුගිය වතාවට කතා කරන කොට ඉතම මැදිහත්ව තමා බැලුවේ. නමුත් TikTok භාවිත එන්න එන්නම අඳුරු පැත්තකට අපේ තාරුණ්‍යය තල්ලු කරනවා කියලා අද අපිට කියන්න වෙනවා. අහිංසක විදිහට TikTok එකක් කරලා සතුටක් ලබනා අපේ සුදාලා ඉන්නවා නම් එකෙන්ම සමාවෙන්න ඕනෑ මෙහෙම කිව්වාට.
වස්තුලාට කියන්න අපේ රටේ මේ විෂම සමාජ භාවිතාවන් ගැන කටයුතු කරන්න ආයතනයක් නෑ. සංස්කෘතික අමාත්‍යාංශ තිබ්බාට එයාලට මේ සීන් එක තේරෙන්නේම නෑ. දුකයි... දුකයි... දුකයි... කියලා තමා කියන්න වෙන්නේ. අපිත් මේ දේවල් කියන්නේ සීන් එක ඇතුළට බැහැලා Search පාරක් දාලා සීන් එකේ ඉන්න නිසා. අනාගතය බොහොම භයානකයි. TikTok පරම්පරාවට මේ රටේ වැඩිහිටියෝ වුණ දවසට. මෙහේ හරි ලස්සනට තියේවි. දුක තමයි සමනලියේ දුක තමා.