2021 ජනවාරි 16 වන සෙනසුරාදා

පැටියට කලින් ලෝකෙටම බඩ පෙන්වන නිළි අම්මලා...

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

කරීනාගේ සිට අනුෂ්කා දක්වා මෙන්න මේ නිළියන් තමන් මව්වරුන් බව අන්තර්ජාලයෙන් මෙන්න මෙහෙම පෙන්නුවා.
ගර්භනී සමයේ හින්දී සිනමාවේ නිළියන් තිරයෙන් අතුරුදන්වෙලා ඉන්න විතරක් නෙවෙයි මාධ්‍යවලින් වහන්වෙලා ඉන්න යුගයක් තිබුණා. කෙසේ වෙතත් මේ වන විට බොලිවුඩ් නිළියන් තම ගර්භනීභාවය සැඟවීමෙන් වැළකී සිටින අතර ඔවුන් මේ වන විට තම ඉදිරියට නෙරා ආ කුස හැමෝටම පෙන්වීමට පටන්ගෙන තියෙනවා. අද ඔබට මේ ලිපියෙන් කියන්නේ ඔවුන් ගැනයි.

01. කරීනා කපූර් ඛාන් 

තෛමූර් අලී ඛාන්ගේ උපතෙන් පසු කරීනා දෙවැනි වරටත් මව් පදවිය දැරීමට සූදානම් අතර ඇය මේ දිනවල තමන්ගේ ගර්භනීභාවය බොහෝ සේ විඳිමින් ඉන්නවා. ඇය තම ගර්භනීභාවය පිළිබඳව නිරන්තරයෙන් තම සමාජ මාධ්‍ය ගිණුම්වල තොරතුරු සහ ඡායාරෑප ඇතුළත් කරනවා. ඇය තම සහෝදරිය කරිෂ්මා කපූර් සහ හොඳම මිතුරිය වන මලයිකා සහ අම්රිතා අරෝරා වෙනුවෙන් සාදයක් ද පවත්වලා තියෙනවා.

02. අනුෂ්කා ශර්මා

අනුෂ්කා ශර්මාගේ සහ ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වන විරාත් කෝලිගේ නිවසේ සිඟිත්තියකුගේ කිරි සුවඳ පැතිරීමට පටන්අරන්. තමන් මවක් වීමට යන බව දැනගත් අනුෂ්කා බොහෝ සෙයින් සතුටට පත්ව සිටියා. අනුෂ්කා තම ගර්භනීභාවය ගැන හොඳින්ම විඳිනවා පමණක් නොව නිරන්තරයෙන් ඇය සමාජ මාධ්‍ය හරහා තම ඉදිරියට නෙරා එන කුසෙහි ඡායාරෑප පළ කරනු ලැබුවා. මෑතකදී ඇය නාන ඇඳුමකින් සැරසී තම ඉදිරියට නෙරා ඇති කුස ඡායාරූප ගත කර සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

03. සෝහා අලී ඛාන්

සයිෆ් අලී ඛාන්ගේ නැගණිය සෝහා අලී ඛාන් 2017 දී තම දියණිය ඉනායා බිහි කළ අතර ඇය ඇයගේ නෑනා වන කරීනා අනුගමනය කරමින් නැවතත් මවක් වී ඇති අතර සෝහාද තම ඉදිරියට නෙරා ඇති කුස සමාජ මාධ්‍යවල ඡායාරූප පළ කරමින් ඇයට ආදරය කරන සියල්ලන් හා ගර්භනී සමය බෙදා ගැනීමට කටයුතු කර තියෙනවා.

04. කල්කි කොච්ලින් 

2020 පෙබරවාරි කල්කි කොච්ලින් තම දියණිය මෙලොවට බිහි කළා. ඇය තම ගර්භනී සමය තුළදී ඉදිරියට නෙරා ආ කුස විටින් විට සමාජ මාධ්‍ය හරහා ඡායාරූප පළ කරමින් තම ආදරණීයන් දැනුවත් කළ අතර ඇය ගර්භනී සමය තුළ ෆොටෝ ෂූට් එකක්ද කරලා තියෙනවා.

05. ලීසා හේඩන්

පුතුන් දෙදෙනෙකුගේ මවක් වන ලීසා හේඩන් කූල් මව ලෙසින් බොලිවුඩයේ හඳුන්වනවා. ලීසා තම ගර්භනී කාලය තුළ තම ඉදිරියට නෙරා ආ කුසෙහි ඡායාරූප සමාජ මාධ්‍යයන්හි පළ කරමින් තම ගර්භනී සමය පිළිබඳව තමන්ට ආදරය කරන හැමෝම එක්ක බෙදාගෙන තියෙනවා.

06. එමී ජැක්සන්

හින්දී සිනමාවේ ජනප‍්‍රිය නිළියක් වන එමී ජැක්සන්ද පසුගිය වාරේ පුතෙක් බිහි කළ අතර එමීද තම ගර්භනී කාලය බොහෝ සතුටෙන් වින්ඳ කෙනෙක්. ඇය තම ඉදිරියට නෙරා එන කුසෙහි ඡායාරෑප විටින් විට තම ඉන්ස්ටග‍්‍රෑම් එකේ පළ කළා. කිහිප වතාවක්ම ඇය බිකිනියකින් සැරසී තම ඉදිරියට නෙරා එන කුසෙහි ඡායාරෑප සමාජ මාධ්‍යවල පළ කර තියෙනවා.

07. අම්රිතා රාඕ

ජනප‍්‍රිය නිළි අම්රිතා රාඕගේ නිවසෙහිද ටික කලකට පෙර සුරතල් දරුවෙක් උපත ලැබුවා. අම්රිතාද ගර්භනී සමයේදී තම ඉදිරියට නෙරා ආ කුස සමඟින් විශේෂ ෆොටෝ ෂූට් එකක් කර එම ඡායාරූප සමාජ මාධ්‍ය හරහා තම ගර්භනීභාවය ගැන තම රසික රසිකාවියන් එක්ක බෙදාගෙන තියෙනවා. ඇයගේ ස්වාමිපුරුෂයත් ඇයත් එක්ක ඒ ඡායාරූප සඳහා පෙනී සිට තියෙනවා.

08. සෙලීනා ජෙට්ලි

බොලිවුඩයේ ජනප‍්‍රිය නිළියක් වන සෙලිනා ජෙට්ලි 2017 වසරේ ගර්භනී සමය ගත කරන කාලය තුළ බිකිනියකින් සැරසී තම ඉදිරියට නෙරා ආ කුස විදහා දැක්වෙන විදියට ඡායාරෑප ගත කරලා තම නිවුන් දරුවන් බිහිවෙන්න කලින්ම තම රසික රසිකාවියන් එක්ක තමන් මවක් වෙන්න යන සතුට බෙදාගෙන තියෙනවා. ඇය තම ඉදිරියට නෙරා ආ කුස සහිත මුහුදු වෙරළේදී ලබාගෙන තිබුණු ඡායාරූපවලින් මිනිසුන් පුදුමයට පත්කොට තිබුණා කියලා තමයි කියන්නේ.

09. සමීරා රෙඩ්ඩි 

හින්දී සිනමාවේ නිළියක් වන සමීරා රෙඩ්ඩි තම ගර්භනී සමය තුළදී දිය යට සිට තම ඉදිරියට නෙරා ආ කුස ප‍්‍රදර්ශනය කරමින් ෆොටෝ ෂූට් එකක් කරලා හැමෝම පුදුමයට පත් කරලා තියෙනවා. සමීරාගේ මෙම ඡායාරූප සමාජ මාධ්‍යයන්හි වෛරසයක් වගේ පැතිරී තියෙනවා.