2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

සාක්කුවට ටිෂූ දාන්න ඕනෑ නිසා ළඟින්ම ඉන්නවා

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

බොලිවුඩ් තරු, තිරය මත පමණක් නොව සැබෑ ජීවිතයේදීද රොමෑන්ටික් අයවළුන් වෙනවා. තමන්ගේ සහකරැවාව ප‍්‍රසිද්ධියේ වර්ණනා කළ තරු කිහිපයක් ගැනයි අද දේශයේ හදසර අපි ඔයාට කියන්න හදන්නේ.

01. සයීෆ් අලී ඛාන් - කරීනා කපූර් ඛාන්

තමන් සහ සායිෆ් එක වගේ කියලා කරීනා හැමවිටම වගේ කියනවා. සමහරවිට ඒ නිසා අපි දෙන්නා හොඳ බැඳීමකින් ඉන්නවා ඇති කියලා ඇය කියනවා. සායිෆ් සහ මම අතර වයස් පරතරය අවුරුදු 10ක් වන තර ඔහුගේ පරිණතභාවය නිසා මට ලොකු ආරක්ෂාවක් දැනෙනවා. ඒ නිසාම එයා මම ගැන වැඩි අවධානයක් යොමු කරනවා කියලත් මම දන්නවා. සයිෆ් මාව බොහොම අගේට බලාකියා ගන්නවා කිව්වොත් නිවැරදියි.

01. රන්බීර් කපූර් - ආලියා භාත්

රන්බීර් කපූර් - ආලියාගේ සබඳතාවය මේ වනවිට නිල ලත් එකක් බවට පත්වෙලා තියෙනවා. මේ දෙන්නා අතරේ ඉතා හොඳ බැඳීමක් තියෙනවා. සම්මුඛ සාකච්ඡාවක් අතරතුර රන්බීර් ආලියාව ප‍්‍රශංසා කරමින් මෙන්න මෙහෙම කියලා තියෙනවා.ආලියා එක්ක ආදරයෙන් බැඳෙන්න පුළුවන් වුණු එක එක්තරා ආකාරයක ලොකු සතුටක්. මම මේ ‌ෙවනකොට ධනාත්මකව ජීවිතය වින්දනය කරන අතර ඒකේ ගරුත්වය හිමිවෙන්නේ ආලියාට. ඒ වගේම ආලියා කියන්නේ ගොඩක් කැපවීමෙන් නිළියක් විදිහට තමන්ට ලැබෙන චරිතයන්ට සාධාරණයක් කරන කෙනෙක්. මේ වගේ අඩු වයසකදි එච්චර ලොකු කැපවීමක් තියෙන එක ගොඩක් හොඳ දෙයක්. එයා එයා එක්ක වැඩ කරන අයත් එක්ක බොහොම සමගියෙන් සහ එයාලට සහයෝගය දෙමින් වැඩ කරන කෙනෙක්.

03. අභිෂේක් බච්චන් - ඵෙශ්වර්යා රායී බච්චන්

අභිෂේක් සහ ඵෙශ්වර්යා කියන්නේ බොලිවුඩ් සිනමාවේ සිටින පරිපූර්ණ යුවළක් කියලා තමයි කියන්නේ. විවාහ වෙලා වසර ගණනාවකට පස්සෙත් මේ දෙන්නා කිසිම ගැටුමක් නැතුව හොඳින් ජීවත් වෙනවා. අභිෂේක් ඵෙශ්වර්යාගේ සුන්දරත්වය ගැන, ඉවුම් පිහුම් කුසලතා ගැන සහ ඇයගේ දක්ෂතා ගැන ප‍්‍රසිද්ධියේ වර්ණනා කරනවා. එක් වරක් මෙන්න මෙහෙම ඔහු කියනවා. අද උදෙත් මම අවදි වෙනකොට ඵෙශ් මගේ ළඟටම වෙලා ඉන්නවා. ඒක තමයි මගේ ජීවිතයේ ලොකුම සතුට.
ඒ වගේම ඵෙශ්වර්යා ද අභිෂේක් ගැන ප‍්‍රශංසා කරන එක නොකර ඉන්නේ නැහැ. අභිෂේක් කියන්නේ හොඳ හැසීරීමක් තියෙන දඟකාර කෙනෙක්. මම එයාගේ හැමදෙයකටම කැමතියි. එයා ගොඩාක් ආදරණීය කෙනෙක්. ඒ වගේම එයා හොඳ ආදරණීය තාත්තා කෙනෙක්.

03. ශාරුක් ඛාන් - ගෞරි ඛාන්

ශාරුක් සහ ගෞරිගේ සබඳතාවය ගැන ගෞරි මෙන්න මෙහෙම කතාවක් කියනවා. ශාරුක් කියන්නේ මගේ ජීවිතය වන අතර මගේ සියලුම සතුට තියෙන්නේ ශාරුක් සහ දරුවන් වටායි. ඔහු වගේ හොඳ සැමියෙක් සහ හොඳ පියෙක් වෙන කොහේවත් ඉන්න විදිහක් නැහැ. මට එයාව ලැබුණු එක ගැන මම ගොඩාක් වාසනාවන්තයි. මගෙයි ශාරුක්ගෙයි ආදරය පවතින්නේ මන්නත් කියන අපේ නිවස තුළයි.

04. ශාහිද් කපූර් - මීරා රාජ්පුත්

ඔයා වැඩියෙන්ම සාප්පු යන්නෙ කාත් එක්කද කියලා මීරාගෙන් ඇහුවම ඇය කියන්නේ ශහීද් එක්ක බවයි. ඒ ඇයි කියලා ඇහුවම එයා හැම අර්ථයකින්ම ස්වාමිපුරුෂයෙක් බව ඇය පවසනවා.


05. බිපාෂා බාසු - කරන් සිං ග්‍රෝවර්

කරන් සිං ග්‍රෝවර් එක්ක විවාහ වුණාට පස්සේ බිපාෂා ඔහු නැතුව කිසිම තැනක දකින්න ලැබෙන්නේ නැහැ. දෙන්නත් එක්ක හැමවිටම ඔවුන් කාලය ගතකරන්න උත්සාහ කරනවා. වරක් මංගල උත්සවයකට යනවා කියන එක කොයි වගේද කියලා බිපාෂාගෙන් ඇහුවම, කරන් එක්ක ඉන්න නිසා මට ලෝකයේ තියෙන හොඳම හැඟීමක් දැනෙනවා. කරන් එක්ක ඉන්නකොට අපි දෙන්නට කතාබහ කරමින් ඉන්න පුළුවන්නේ. අනිත් එක තමයි මගේ සාක්කු නැති නිසා ටිෂූ පේපර් එයාගේ සාක්කුවට දමන්න පුළුවන් එක කියලා ඇය කියනවා.