2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

හා...හා..... අපි ෆොටෝ ජෙනික්

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

අසව් අසව්... මෙසිරිලක බුකීවාසී ජනීජනයා පසුගිය සතියේ මුහුණ fivedifferentlookchallenge නම් වූ Y Trend රාජයා කතා පුවත මෙසේ දිග හැරේ... ඩං.. ඩුං.. ඩිං..

අණබෙරේ ඇහෙනකොටම සීන් එක පැහැදිලියිනේ සනා. මේක ගිය සතියේ සමහරුන්ට ආතල් එකක් වුණු සමහරුන්ට වදයක් වුණු Trend එක. නොදන්න අයට දැනගන්න මුලින් සීන් එක පැහැදිලි කරන්නම් කෝ. පුංචි පුංචි කරුණු කාරණා සම්බන්ධව සුන්දර අභියෝග සමාජ ජාලවල සිද්ධ වෙනවා. එවා සමහරකට තේරුමක් තියනවා. තවත් සමහරකට තේරුමක් නෑ. ආ ඒ විතරක් නෙවෙයි භයානක අභියෝග එහෙමත් පහුගිය කාලේ තිබිලා තියනවා. මේ අභියෝග සිද්ධ වෙන්නේ හෑෂ් ටැග් යටතේ.

හරි සුදෝ... Hash Tag කියන්නේ මොකද්ද කියලා දැන් පැහැදිලි කරපන්කෝ. ඒක ඉතින් ඔය Social Media භාවිතා කරන ඕනම කෙනෙක් දන්නවා. ගූගල් දෙයියෝ කියන විදිහට Hash Tag (#) එකක් කියන්නේ. සමාජ ජාල යෙදවුමේ තුළ විශේෂ මාතෘකාවන් යටතේ ඩිජිටල් අන්තර්ගතයන් හඳුනාගන්න භාවිත කරන සලකුණ. ග්‍රීක් වගේද නේ. සොරි වෙන්න ඕනා. Hash Tag ගැන වෙන දවසක පාඩමක් කරමු කෝ.

අප ආයේ story යට Enter වෙමුකෝ. පහුගිය කාලේ ඔය වගේ Hash Tag යටතේ ආපු අභියෝග කිහිපයක් මතක් කරන්නම්. එතකොට සීන් එක අපේ සුදාලට තවත් පැහැදිලි වෙයි. අයිස් බකට් අභියෝග මතකය, එතකොට අර මිරිස් කන එක, චූටි කාලේ ෆොටෝ දාන සීන් එක ඔය අපි දන්න ඒවා. එවා Social Media Challenge විදිහට තමා කරළියට ආවේ. තව ගෝඩාරියක් තියෙනවා. සුදා බුකී වාසියෙක් නම් දැන් ඔන්න සෑහෙන්න මතක් වෙන්න ඕනා ඒවා.
දැන් අපි මේ කතා කරන fivedifferentlookchallenge කියන එක ගැන බලමුකෝ. මේක හරිම සරලයි. තමන්ගේ එකින් එකට වෙනස් ඡායාරූප පහක් බුකී ගත කිරීම තමා මෙතැනදී වෙන්නේ. ලංකාවේ නම් සීන් එක ගිය සතියේ පත්තු වුණාට ඔක්තෝබර්වල ඉඳලා ලෝකවාසී බුකී ජනයා සීන් එකට Enter වෙලා හිටියා. මචෝ ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයින් මේ අභියෝගයට සම්බන්ධ වුණා. ඔය නළුනිළියෝ ගායකයෝ එහෙම Different Look අභියෝගය ඔවුන්ගේ ඉදිරියට එන්න තියෙන ඇල්බම්ස් සහ ෆිල්ම්ස් එහෙම ප්‍රවර්ධනය කරන්න භාවිත කරා. ඉතින් සුදෝ ලොකු පොරවල් මේ සීන් එකට එනකොට එයාලගේ රසිකයෝත් නිකම්ම සීන් එකට ලයින් වුණා.

එකින් එකට වෙනස් ෆොටෝ පහක් දාන එකනී සීන් එක. මේකේ ආතල් එක ඉතින් ඒ ෆොටෝ බලන අයට. මේ Challenge එක යාළුවන්ට හිතවතුන්ට මාර ආතල් එකක් ගේනවා. ගොඩාක් එක එක කාලවල තමන්ගේ පෙනුම පේන විදිහේ පොටෝ තමා බුකී ගත කරේ. ඒවා බ්‍රෝ සිස්ලා දකින්න ඇති. මළා... මොන්ගල් ආතල් ෆොටෝ දාලා වෙනම ආතල් එකක් දුන්න ඩයල් එහෙමත් හිටියා. හිනා කාලා මැරෙන සීන් ඒවා. ඒ අස්සේ මේ බලන්න මගේ රූපේ මං ෆොටෝජෙනික් වගේ පොර මානසිකත්වයෙන් Challenge එකට ආපු අයත් හිටියා මෙයා. ඉතින් එයාලා Photos Edit කරලා ලස්ස්න කරලා තමා ෆොටෝ දැම්මේ.

දැන් වෙනස් කතාවක් ගලපන්න හදන්නේ සුදෝ. මේක කියලා බයවෙන්න කාරි නෑ හරිය. මා සුදෝ ලෝකෙපුරා මේ Challenge එක Trending වෙනකොට අමුතු කතාවක් මේ ගැන අහන්න ලැබුණා. සමහරු කිව්වා මේ සීන් එක පටන් අරගෙන තියෙන්නේ හැකර්ස්ලා කියලා. ඈ බොලේ ඒක මාර කතාවක්නේ කියලා කියන්න එපා හරිය. සාමාන්‍යයෙන් සයිබර් ලෝකේ මේ වගේ කතා ඕසෙට පැතිරෙනවා. මේකත් ඒ වගේ කතාවක්. හැබැයි සීන් එක ගැන අපි පොඩ්ඩක් සැරට කියනවා. ඒකට හේතුව අද Y Trend එකේ අන්තිමට තේරෙයි ෆොන්තෝලාට.

මචෝ Different Look Challenge එක ගැන මේ කාතාවට හේතුව කියවුණේ. අද වනවිට සයිබර් අපරාධකරුවෝ වෙනත් අයගේ ඡායාරෑප භාවිතයට අරගෙන විවිධ සයිබර් අපරාධ කිරීමේ ප්‍රවණතාව. කට්ටිය කිව්වේ Hash Tag හරා මේ ඡායාරෑප සමාජ මාධ්‍යට නිරාවරණය වෙන නිසා අවදානම් වැඩියි කියලා. මොකද Tag එක Search කරලා Challenge එකට අදාළ ජායාරෑප ලබාගැනීමට අපරාධකරුවන්ට හැකියාවක් තියෙනවනේ. ඔන්න අපේ පැංචියෝන්ට හීන් දාඩිය දාලා. බයවෙන්න එපා සුදෝ.

අපේ ෆොටෝ මොකට ඔය අයට? ඕනේ නම් Account එකට ඇවිල්ලා ගන්න පුළුවන්නේ. අනික අපි කවුද? ලොකු පොරවල් නම් කමක් නෑ.
හෝ හෝ සුදාලාට මෙහෙම අහන්න හිතුණානේ. අපි දන්නවා අපිට දිවැස් තියෙනවා හරිය. අපි කරමුද හොරා පොලිස් සේලමක්. ඔන්න මං හොරා. මෙන්න මෙහෙමයි මං හොරකම් කරන්නේ. මට ඕනෑ දෙතුන් දෙනෙක්ව රවට්ටලා ගාණක් කඩාගෙන මාරුවෙන්න. වැඩේම මං තෝර ගන්නේ සයිබර් අවකාශ. මොකද ඒක ලේසියි. ඒනිසා මං හදනවා Facebook එකේ Original වගේ පේන Fake Account ටිකක්. ඒක ලේසි නෑ. දැන් Fake ගැන බුකීවාසීන් දන්නවා. හැබැයි Account එකේ ජීවිතේ එක එක කාලවලදී ගත්ත Photos තිබුණොත් කොහොමද? එතකොට නම් Account එක Original වගේ. දැන් මං බුකියේ Search පාරක් දානවා #fivedifferentlookchallenge කියන Tag එක යටතේ. අයිශ් අම්මා ගුණ්ඩූ. ඔන්න තියෙනවා ෆොටෝ ඕනේ තරම්. දෙන්නම් ජම්බු.

ඉතින් සුදෝ කතාව ඉවරයි. මේ වගේ බයක් තිබුණ නිසා සමහරු # Tag එක භාවිත නොකර Challenge එකට සෙට් වුණා. ලෝකේ එහෙම ප්‍රවණතායක් තිබුණා. කොහොම වුණත් අපේ සුදාලා නම් ඕව ගැන දැනගෙන හිටියේ නෑ. දැනගෙන හිටියත් ගණන් ගත්තේ නෑ. වැඩිදුර හිතුවේ නෑ. හරි අවුලක් නෑ. මචෝ දැන් හිතන්න කෝ. තව කතාවක් කියන්නම්. මේ නම් ඉතින් ආතල් එකට කියන කතාවක්.
අපේ ෆොටෝ එකක් හරිම සරලව හඳුනගන්න අපේ Social Media Accounts එකට පුළුවන්. ෆොටෝ එක දාපු ගමන් ඉබේම Tag වෙන්නේ ඒකනි මචං. මූණ මොන හැඩේට තිබ්බත් අපේ එකවුන්ට් එක අපි අඳුන ගන්නවා. මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණයේ දියුණුව තමා ඒ. හැබැයි සමහර වෙලාවට ඔය Tag වෙන සීන් එක වරදිනවා නේද? ආ ඔව් සුදාලට මතක ඇති. ඒ අපේ look එක වෙනස් වුණානේ. ඉතින් අපේ හැම Look එකක්ම දීලා මේ තමා මම කියලා. අපිම තහවුරු කරනවා නම්. ආයේ වරදින එකක් නෑ ෂුවර්. මොකද සිස්ටම් එක අපිව හොඳට අඳුරගන්නවා. මේකේ වාසිය මොකද හරි ඉබේම Tag වෙනවනී... මරු... අවාසියක් නැත්ද? සයිබර් ලෝකේ අයිතිකාරයන්ට අපිව ලොකේ පුරා හොයා ගන්න පුළුවන් පෞද්ගලිකත්වය ඇඟිලි ගහන්න පුළුවන්. තොරතුරු හැක් කළොත් හැක් කරපු එකාටත් පුළුවන්. උන් මොකද අපිට එහෙම කරන්නේ. සුදාලාට එහෙම හිතුණා නේද?
මටත් ඔහොම හිතුණා. ඒත් මෙහෙම කතාවක් කියන්නම්කෝ. රටකට ජාතියකට ආගමකට නැත්නම් වෙනත් සමාජ කාණ්ඩයකට ගහන්න. නැත්නම් තමන්ට ඕනා විදිහට මෙහෙයවන්න ලොකු තොරතුරු පද්ධතියක් තිබෙන කෙනෙක්ට බැරිද? මට හිතෙන්න පුළුවන්. චීනේ Facebook, Google උන්ගේ රටට නොගන්නේත්. ඇමරිකාව චීනේ TikTok තහනම් කරන්න හදන්නේ මේ නිසා මචෝ. පෞද්ගලික තොරතුරු කියන්නෙ ඊළඟ ලෝක යුද්ධයට හේතුව. නැත්නම් ජාත්‍යන්තර සයිබර් යුද්ධයකට හේතුව වෙන්න පුළුවන්.

ඇත්තටම Challenge එක ගැන විතරක් නොකියා අද Y Trend එක වෙනම තැනකින් ගැලපුවේ ඔන්න ඔය හේතුව නිසා. මගේ සුදාලා වගේම මමත් බුකීවාසියෙක්. ආතල් කඩාගන්න නෙවෙයි දැනුවත් වෙන්න මේ කතාව කීවේ. අවසානේ මේ ටිකත් කියන්නම් මෙච්චර කිව්ව එකේ.

සයිබර් ලෝකේ ඇතුළේ අද වෙනකොට අපි අපේ පෞද්ගලිකත්වය විනාස කරගෙන ඉවරයි සහෝ. අපේ Google Accounts වගේම Facebook, Twitter, Instagram ඇතුළු Social Media ඇතුළේ තිබෙන අන්තර්ගතය භාවිත කරලා...
අපි කවුද කියලා, අපේ රුචිකත්වයන් මොනවාද කියලා, අපේ දුර්වලතා මොනවාද කියලා... කෙනෙක්ට හොයාගන්න පුළුවන්. වුවමනා වෙන්නේ ඒ තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදක් විතරයි ෆ්‍රොන්තෝ. සරල උදාහරණයක් කියනවා නම් සුදාගේ Google History එක හොඳටම ඇති ඔයාගේ ළැදියාවන් මොනවාද කියලා හොයාගන්න. බොරුද?