2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

ඕසෙට නැගලා යන බුකියේ Film

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

ඔන්න මචෝ මේ පාර බුකී Trend එකක් ගැන කතා කරන්න යන්නේ. පහුගිය කොවිඩ් Lock Down කාලේ තමා මේ සීන් එක නැගලා ආවේ. දැන් ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ ගොඩ දෙනෙක් Films, TV Series බලන්නේ බුකියේ. මේක මාර Y Trend එකක්. අපි සීන් එක ගැන හීන්සැරේ Search පාරක් දැම්මා. ඔන්න සුදෝ විස්සරේ. 

දැනට අවුරුද්දකට දෙකකට කලින් නම් Film එකක් TV Series එකක් බලන්න Download පාරක් දාන්නම ඕනෑ. නැත්නම් Download කරන පොරකගෙන් ඉල්ලගෙන බලන්න ඕනෑ. ඒක සෑහෙන්න අමාරු වැඩක්. සමහර Movie නම් YouTube තියෙනවා තමා. ඒත් Sinhala Subtitles එක්ක ආතල් එකේ බලන්න අමාරුයි. පහුවෙලා YouTube එකට ආවා Sinhala Sub එක්ක Films. ඒ බොහොම ටිකක්. කොහොම වුණත් YouTube Film බැලිල්ල ලොකු Trend එකක් වුණේ නෑ. මොකද YouTube එක ඇතුළේ තිබ්බේ වෙනම ආතල් එකක් මචෝ. ඉඳලා හිටලා Facebook එකට කවුරු හරි Film එකක් දැම්මා තමා. ඒත් ඒක එච්චර සාර්ථක වුණේ නෑ. සමහරු FB Live Film පෙන්නන්න හැදුවා. ඒකත් හරි ගියේ නෑ.

ඒත් පහුගිය Lock Down කාලේ වෙනම සීන් එකක් බුකිය ඇතුළේ නැගලා යන්න පටන් ගත්තා. මේක කොරෝනාවලට කලින් Line වුණු සීන් එකක් වුණාට Trend වුණේ කොරෝනා එක්ක. සීන් කෝන් එක තමා පුතී FB එකේ Films Group සහ Film Page. මේක මේ වෙනකොට පට්ට Trend එකක්. සීමිත පිරිසක් තමා දැනට සීන් එකේ ඉන්නේ. ඒත් බලන් ඉන්දැද්දි සූ ගලා මේකට කට්ටිය සෙට් වෙනවා. බාධා ආවේ නැත්නම් අනිවා සීන් කෝන් එක හෙට අනිද්දට පට්ට පතුරු යන්න ජනප්‍රිය වෙනවා සුදු පුතේ. සත්තයි ඈ. ඒක නිසා උණු උණුවේ අපි සීන් එක අපේ පැංචෝ පැංචියෝ වෙනුවෙන් ගලපනවා.

මේ සීන් එකේ Admin පාට් එක කරන්නේ පරාර්ථකාමී films පිස්සෝ. මේ මෙයාලා Hollywood,  Bollywood Movies වගේම TV Series සිංහල සබ දාලා බුකියට Upload කරනවා. සීන් එක කරන බුවාලට FB Page තියෙනවා. ඒ වගේම Account කිහිපයක් තියෙනවා. හැබැයි Upload කරන එක Copyright අහුවෙන නිසා පොඩ්ඩක් සංකීර්ණයි. ඒකට මෙයාලා එක එක උපක්‍රම පාවිච්චි කරනවා. මෙයාලා Events Create කරලා වෙනම Backup Group හදලා මාර ගේමක් ගහන්නේ. ඒ වලට තමා බඩු Upload කරන්නෙ. පස්සේ Link එක Page එකේ හරි Group එකේ හරි දානවා. ඒ දාන්නෙත් උපදේශ ගොඩක් එක්ක. ඔන්න අපි Screen Shot එකක් දැම්මා සීන් කෝන් අපේ පැංචොන්ට පැංචියොන්ට බලාගන්න.

අපි Hollywood Bollywood කිව්වාට මේකෙ Tamil  Telugu  වගේ Movies  එහෙමත්  තියෙනවා. සාපේක්ෂව YouTube කට වඩා Films දැන් බුකියේ තියෙනවා. හැබැයි මේවා ආවට ගියාට Search කරලා හොයාගන්න බෑ. පොඩ්ඩක් මොළේ පාවිච්චි කරන්න ඕනෑ. ගේමක් ගහන්න දන්න බුකියේ සුදාලාට ඕනෑ තරම් Films හොයාගන්න පුළුවන් Subtitles ඇතුව හෝ නැතුව. සිරි ලංකාවේ ප්‍රසිද්ධ Group කිහිපයක Screen Shot ඔන්න අපි දානවා. ඕනෑනම් Search පාරක් දාලා එහෙට මෙහෙට කැරකිලා Film හොයාගන්න පුළුවන් සුදාලට.

‍හැබැයි මේකෙ තියෙනවා වෙනම උප සංස්කෘතියක්. ඒ තමා K Drama කියන්නේ. අපි ඉස්සර දවසක මේ Trend එක ගැන වෙනම කතා කරා මචෝ. මතක ද දන්නේ නෑ. කොහොම හරි කොරියානු ටෙලිනාට්‍ය FB Online බලන එක වෙනම සීන් කෝන් එකක්. අපේ කෙලි පොඩිත්තියෝ තමා මේ Trend එකට වැඩිපුර සෙට්වෙලා ඉන්නේ මචෝ. සමහර වෙලාවට අපි මේ FB Online films සීන් එක හොයනකොට හිතුණු දෙයක් තමා කොරියන් පිස්සුව තමා මේ සීන් කෝන් එකේ මූලාරම්භය කියලා. ඒත් සුදු පුතේ ඒක ටක්කෙටම කියන්න අපිට බෑ හරිය. කොහොම වුණත් ලංකාවේ K Drama Trend එක දැන් සම්පූර්ණයෙන්ම තියෙන්නේ බුකියේ Group කිහිපයක් ඇතුළේ. ඒ වල TV Series වල Links තියෙනවා ඕසේට.

ඔන්න පැංචෝ අපි සිරි ලංකන් එකේ ඉඳලා ජාත්‍යන්තරයට යනවා සූස් ගාලා.  Wow අඩේ අප්පා මේක Only සිරි ලංකන් සීන් එකක් නෙවෙයි. ලෝකෙ වටේම Film පිස්සෝ බුකිය ඇතුළේ මේ විප්ලවය කරලා මචෝ. තායිලන්තේ ඉන්දියාවේ වගේ රටවල Group එතකොට Page එහෙම අපිට නිරීක්ෂණය වෙනවා. එයාලත් මේ වැඩේ සැරටම කරගෙන යනවා. හැබැයි පුතෝ මේ සීන් කෝන් එක අන්තර්ජාල නීතියට අනුව වැරදියි. මෙහෙම Film  බුකියේ දාන්න බෑ. ඒකට අනුමැතිය ඕනෑ. ඒ නිසා මෙයාලා බුකියට දාන ඒවා වැඩි කාලයක් බුකියේ තියෙන්නේ නෑ Copyright වැදිලා මැකිලා යනවා. Sinhala Subtitles නැතුව Films, TV Series බලන්න ඔට්ටුනම් ඔන්න සුදාලට ජාත්‍යන්තරය සරණ කරගෙන පුළුවන්.

අඩේ අප්පා බ්‍රෝ Online Films බලන්නම Data අපිට කෝ.. කියලා සුදාලා මගෙන් අහයිද දන්නේ නෑ. Cool Down වෙන්න මචෝ. මේ සීන් එක පහුගිය මාස දෙක තුනේ නැගලා ගියේ ලංකාවේ ඔය Data ප්‍රශ්නයට යම්කිසි දුරකට විසඳුමක් ලැබුණු නිසා. පහුගිය කාලේ ලංකාවේ ගොඩක් දුරකථන ජාල හඳුන්වලා දුන්නා Social Data Package. දැන් ඔය ඕනෑම Sim එකකට මාසෙම FB Free Package එකක් දාගන්න පුළුවන්නේ මචෝ. අන්න එහෙම දාගත්ත කට්ටිය තමා මේ Online සීන් කෝන් එකට සෙට්වෙලා තියෙන්නේ. ඉස්සර නම් Download කරන එක ලාභයි. දැන් Online බලන එක ලාභයි. ඔන්න මේ සීන් කෝන් එක පහුගිය මාස කිහිපය ඇතුළේ මෙච්චර Trend වුණේ කොහොමද කියලා මා සුදාලට තේරෙන්න ඕනෑ දැන් හරිය.
අවසාන වශයෙන් කියන්නම ඕනෑ මචෝ ආතල් කොහොම වුණත් සිනමාව කර්මාන්තයක් විදිහට ගත්තමනම් මේක එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඒ නිසා ඔන්න සුදාලා අපිට බණියි ද දන්නේ නෑ මේ වගේ සීන් ප්‍රමෝට් කරන්න හදනවා කියලා. ඒත් මචෝ මේකයි සීන් එක. අපි කතා කරන්නේ Y Trend ගැන. මේක තමා දැන් බුකියේ අලුත් Trend එක. වරදක් තියෙනවා තමා. ඒත් මේක ඇතුළේ අහිංසක සතුටක් අපේ අය භුක්ති විඳිනවා මචෝ.. හැමෝම Netflix එකේ සල්ලි ගෙවලා මෙව්වා බලන්න බෑනී සුදෝ.