2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

වලි වානා කසාදයක් ඕනා

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

මෙන්න මේ සිනමා තාරකාවන් තමන්ගේ රසික රසිකාවියන්ව තමන්ගේ නමට ලියාගෙන තියෙනවා.
දැන් දැන් බොලිවුඩ් තරු ද සියදිවි හානිකර ගන්න මට්ටමට පත්වෙලා. ඒත් සාමාන්‍යයෙන් බොලිවුඩ් තරු තමන්ගේ කර ගන්නනම් සමහර අවස්ථාවලදී ඔවුන්ට ආදරය කරන ඔවුන්ගේ ෆෑන්ස්ලා සියදිවි හානිකර ගන්න උත්සාහ කරනවා. ඒ වගේම සියදිවි හානි කරගෙනත් තියෙනවා. සමහර වෙලාවට තමන් කැමතිම බොලිවුඩ් තාරකාව දැකගන්න විතරක් පැය ගණනාවක් විතරක් නෙවෙයි දින සති මාස තමන් ආදරය කරන තරුවගේ නිවසේ ඉදිරිපිටට වෙලා ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම තමන් ආදරය කරන සිනමා තාරකාව අඳින පළඳින විදියට විලාසිතා කරනවා විතරක් නෙවෙයි ඔවුන් සිනමාපටවලදී භාවිත කළ දෙබස් ඛණ්ඩ පවා සමහර අය තමන්ගේ සාමාන්‍ය ජීවිතයේදීත් භාවිත කරන අවස්ථා තියෙනවා. ඒ අතරේ සමහර සිනමා තරු තමන්ගේ රසික රසිකාවියන් තමන්ගේ ජීවන සහකරුවන් සහකාරියන් බවටත් පත් කරගෙන තියෙනවා. අද අපි ඔයාට කියන්න හදන්නේ අන්න ඒ වගේ තමන්ගේ රසික රසිකාවියන් එක්ක විවාහ වුණු බොලිවුඩ් තරු ගැනයි.

 01. ශිල්පා ෂෙට්ටි - රාජ් කුන්ද්‍රා

බොලිවුඩ්වල ජනප‍්‍රිය තාරකාවක් වන ශිල්පා ෂෙට්ටිගේ හදවත දිනාගත්තේ ඇයට ආදරය කළ ඇයගේ රසිකයෙක් වුණු රාජ් කුන්ද්‍රා. ඒක වුණේ කොහොමද කියලා ඔයාලා දන්නවා. ශිල්පා ෂෙට්ටි සුවඳ විලවුන් වර්ගයක් ගැන සන්නාම ප‍්‍රවර්ධනයක නියැලෙන අතරතුර තමයි ඒකට උදව් කරන්න ආව රාජ් කුන්ද්‍රව ශිල්පට හමුවෙන්නේ. ටිකෙන් ටික එකිනෙකාට සමීපවෙන මේ දෙන්නා 2009 දී විවාහ වෙනවා. මේ වන විට ඔවුන්ට පුතෙක් ද සිටිනවා. ඔවුන් දෙන්නා විවාහ ජීවිතය ඉතාම සතුටින් ගත කරනවා. 

02. විවේක් ඔබරෝයි - ප‍්‍රියංකා අල්වා

බොලිවුඩ් නළු විවේක් ඔබරෝයිගේ හදවත ලෝක රූ රැජිනක් සහ ජනප‍්‍රිය හින්දි සිනමා නිළියක් වන ඵෙශ්වර්යා රායි බිඳ දැමූ විට ඔහුව මේ කියන ප‍්‍රියංකා අල්වා තමයි සැනසුවේ. විවේක් ඔබරෝයි සහ ප‍්‍රියංකා මව්පියන්ගේ ආශිර්වාදය ඇතුව විවාහ වුණත්, ප‍්‍රියංකා විවේක් එයාගේ සංසාරගත ප්‍රේමය කියලයි හිතුවේ. පවුලේ මිතුරන් වීම හේතුවෙන් මේ දෙන්නට දෙන්නා මිතුරන් විදියට කලින් ඉඳලා දැනගෙන හිටියත් දෙන්නා පස්සේ සහචරයන් බවට පත් වුණා.

03. ජිතේන්ද්‍ර - ශෝභා කපූර්

බොලිවුඩ් නළු ජිතේන්ද්‍රගේ මන බඳින සිනාව වෙනුවෙන් ලක්ෂ ගණනක් සුන්දරියන් මැරෙන්න වුණත් ලෑස්තිවෙලා හිටියා. බොලිවුඩ් නිළියන් කිහිප දෙනෙක් එක්කම සම්බන්ධතා තියෙනවා කියලා ජීතේන්ද්‍රගේ නම එකල පුවත්පත්වල සිරස්තල බවට පත් වුණත්, ජිතේන්ද්‍රගේ හදවත අන්තිමට නැවතුණේ ශෝභා කපූර් ළඟයි. ඒ වන විට බ්‍රිටිෂ් එයාර්වේස් හි ගුවන් සේවිකාවක් ලෙසින් වෘත්තිය ජීවිතයේ නියැලුණු ශෝභා, ජිතේන්ද්‍ර එක්ක විවාහ වෙන්න සිහින මවමින් සිටි අයෙක්. ඔවුන් දෙන්නා ආදරයෙන් බැඳිලා 1974 දී විවාහ වෙනවා.

04. මුම්ටාස් - මයුර් මාධ්වානී

ඇයගේ කාලය වන විට බොලිවුඩ්වල සිටි සුන්දරම නිළිය බවට පත්වුණු මුම්ටාස් වෙනුවෙන් මිලියන ගණන් රසිකයන් තමන්ගේ ජීවිතය පුද කරන්න වුණත් සූදානම් වෙලා ඉඳලා තියෙනවා. ඒත් මුම්ටාස්ගේ සිත ගියේ මයුර් මාධ්වානි වෙතට. ව්‍යාපාර ලොව ඉහළින්ම නම කියවුණු මයුර් මාධ්වානි මුම්ටාස්ගේ රසිකයෙක් වගේම ඇයත් එක්ක විවාහවෙන එක ඔහුගේ සිහිනයක් වෙලා තියෙනවා.

05. රාජේශ් ඛන්නා - ඩිම්පල් කපාඩියා

සුපර් ස්ටාර් රාජේශ් ඛන්නත් එක්ක විවාහ වෙන්න මිලියන ගණනක් ගැහැනු ළමයි තරග කරද්දී මේ සුපිරි තාරකාව විවාහය සඳහා තෝරාගත්තේ තමන්ට ආදරය කරන රසිකාවියක්. ඒත් ඇය ඒ වන විට හින්දී සිනමාවට පය තිබ්බා විතරයි. ඩිම්පල් ඇයගේ බොබී කියන සිනමාපටයෙන් හින්දී සිනමාවට එකතු වෙන්නේ. ඒ ආව ගමන්ම අවුරුදු 16ක් වුණු ඩිම්පල් කපාඩියා සුපිරි තාරකාව රාජේශ් ඛන්නත් එක්ක විවාහ වෙනවා. ඩිම්පල්ස් සහ රාජේශ් අතර ලොකු වයස් පරතරයක් තියෙන බව නොරහසක්. ඒත් රාජේශ් තමන්ගේ රසිකාවියක් වුණු ඩිම්පල්ව විවාහ කර ගන්නවා.‍

06. දිලිප් කුමාර් - සයිරා බානු

බොලිවුඩයේ සුපිරි නළු දිලිප් කුමාර් අවුරුදු 12ක් වුණු සයිරා බානු දැකලා ඔහුගේ හිත ඔහුට අවනත කරගන්න බැරිවෙලා තියෙනවා. සයිරා බානුටත් ඔහු ගැන දැනිලා තියෙන්නෙ එහෙමයි. කාලයක් ගත වුණාට පස්සේ දිලිප් කුමාර් සයිරා බානු එක්ක විවාහවෙලා තියෙනවා. සයිරා බානුට එතකොට අවුරුදු 22ක් වූ අතර දිලිප් කුමාර්ගේ වයස අවුරුදු 44ක් කියලා තමයි කියන්නේ. සයිරා බානු කුඩා කාලයේ පටන්ම දිලිප් කුමාර්ගේ රසිකාවියක් කියලා තමයි සඳහන් වෙන්නේ.