2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

සුදෝ සල්ලි තමා ඕනෑ!

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

කෑම බීම සීන් එකේ ඉන්න අපේ බ්‍රෝලා සිස්ලා අතරේ මේ කලේ Trend එක තමා ඩිලිවරි ඕඩරයක් දාලා තමන්ට අවශය දේ ගෙන්නගෙන කන එක. තමන් කැමති හෝටලයකින් පළු පැලෙන්න කන්න ඉස්සර වගේ දැන් දුක්විඳින්න ඕනේ නෑ මචෝ. සීන් කෝන් එක පටන් ගත්තේ කොළොම්පුරේ තමා ඉතින්. ඒත් දැන් කෝවිඩ් 19 වසංගතය එක්ක නගරයෙන් ගමටත් ඩිලිවරි ඕඩරයක් දාලා බඩු ගෙන්නගෙන කන බොන ආතල් එක සේන්දු වෙලා. විශේෂයෙන්ම මේ සීන් එකේ ඉන්නේ අපේ Youth එකේ සෙට් එක නිසා අපි මෙදා පාර Y Trend එම Food Delivery ගැන කරන්න හිතුවා සුදෝ. 

මා සුදාලා කොළොඹ නම් සීන් එක අලුත් නෑ. අර තඩි බෑග් එක කරේ දාගෙන මෝටර් අශ්වයන් පිටේ ඉගිලෙන සෙට් එක..  ආ මගේ මචාලා දැකලා ඇති. කොළ පාට කට්ටියයි කහපාට කට්ටියයි තමා වැඩිපුරම ඉන්නේ. නිකමට පාරට බැස්සෝත් කහ කුරුල්ලෙක් හරි කොළ කුරුල්ලෙක් හරි අනිවාර්යයෙන් බලාගන්න පුළුවන්. කුරුල්ලෝ කීවේ අපහාසෙට නෙවෙයි හරිය. කිරිල්ලියොත් ඉන්නවා. කොහොම වුණත් මෙයාලා වටින කියන රස්සාවක් කරන ධෛර්ය සම්පන්න අපේම එවුන්. කොළොම්පුරයේ ගෙන්දගම් පොළොවේ අව්වට පිච්චි පිච්චි කරන කන බොන අපේ උන්ට මෙයාල කරන්නේ පට්ට සේවයක්. 

සුදා කොළඹ ඉන්න හයිෆයි පොෂ් පන්තිය, සිල්ලර පොෂ් පංතිය වගේ කොළඹ Office Job කරන අයත් මේ Trend එකේ කොටස්කාරයෝ. ගෙදර කස්ටිය සෙට් වෙලා එහෙම නැත්නම් එක ගෙදරක යාළුවෝ සෙට් වෙලා පොඩි ජොලියක් දානකොට තමා ඔය Food Delivery සීන් කෝන් එක පට්ට වටින්නේ. ඒ නැතත් කෑම හදාගන්න දන්නේ නැතිව, උයන්න කම්මැලි හිතිලා ගෙදර තනියම ඉන්න වෙලාවක මේක පට්ට. එහෙම නැත්නම් special මොනවා හරි කන්න හිතුණු වෙලාවකත් මේ සීන් කෝන් එක පට්ට පටපට. කොළඹ Office ඇවිල්ලා ගෙදරින් කෑම ගේන්න අමතක වෙලා නැත්නම් හැමදාම කෑම ගන්න තැනින් කෑම කාල එපා වෙලා නම් Food Delivery සීන් කෝන් සෑහෙන්න ප්‍රයෝජනවත් මා සුදාලට. 

ඉස්සරත් ඔය Food Delivery සීන් එක තිබ්බා Restaurantවල නැත්නම්  සුපිරි නම් තියන කෑම කඩවල. හැබයි Delivery කරේ ඒ අයතනයෙන්ම දාපු team එකක්.ඔය කොළ කුරුල්ලෝ කහ කුරුල්ලෝ ෆීල්ඩ් එකට බැස්සම p අකුරෙන් නම පටන් ගත්ත රතු පෙට්ටි කාරයින්ගෙ රැස් බැස්සා. ඉස්සර වැඩිය හිටියේ රතු කුරුල්ලෝ. හැබැයි ඒකේ Delivery සීන් එකට සමහරු ටිකක් බයයි. ඒක ටිකක් පොෂ් වැඩියි. නැත්නම් පාඩුයි වගේ සීන් එකක් ඒ කාලේ කස්ටියේ ඔළුවේ තිබ්බා. මතකද මා බ්‍රෝ.
 කොහොම වුණත් අලුත් සීන් එක එක තැනකට සීමා වෙන්නේ මචෝ. අහල පහළ තියන හෝටල්, රෙස්ටුරන්ට්, රයිස් කඩ, කොත්තු කඩ, පීසා කඩ ඕනෑ එකකින් දැන් Deliveryයක් දාගන්න පුළුවන්. Smart Phone එකක් Simple App එකක් Visa, Debit කාඩ් එකක් තිබ්බොත් ඇති. අතේ ඇති මුදලට හිතේ හැටියට කන්න බොන්න පුළුවන්. Covid-19 නිසා දැන් තරු පන්තියේ Hotels වුණත් මේ Online Delivery සීන් එකෙට Enter වෙලා ඉන්නේ. කොහොමද ඒක. ඒ නිසා මේ කාලේ ලෝකෙම Food Culture එකේ Most Popular Trend එක Online Delivery සීන් එක.

හැබැයි මා සුදු මාත්තියෝ මේ Delivery කෑම කන එකේ අවාසි නැත්තෙම නෑ. අපි කියන්නේ පොදුවේ මුළු සීන් කෝන් එකම අවුල් කියලා නෙවෙයි මචෝ. ඉඳලා හිටලා ඇහෙන කතා ගැන. සමහර වෙලාවට ඔය එක එක අමුතු අමුතු අයිටම් තියෙනවා. දෙපාරක් හිතන්නෙ බලන්නෙ නැතුව ඕඩරේ දැම්මාම ඕඩරෙත් බාරගත්තා ප්‍රිපෙයාරින් කියලත් වැටෙනවා. දුක සීන් එක කියන්නේ මචෝ. ඕන්න කෝල් එකක් එනවා අනේ සර්. අද ඒවා කලින්ම ඉවර වුණා. ඒ නිසා එවන්න බෑ. ඒ වෙනුවට වෙන එකක් එවන්නද?” ඔන්න තනි ඇහැට ඇඬෙනවා. මේ වගේම හදිස්සියේ කඩාගෙන පාත්වෙන ඔෆර්ස් ගන්න ගිහිල්ලාත් සමහර වෙලාවට පොකට් එකට තට්ටු වෙනවා.

වාසි අවාසි නම් ඕන දේක තියනවනේ සුදෝ අවුලක් නෑ. තව එක අවාසියක් කියන්නම් අවුලක් නෑනේ. මේක අමුවෙන්ම පොරක් FB එකේ දාලා තිබ්බ කතවක්. සීන් එක සිරා නිසා දාන්නේ.
“අපි ෆුල් සාගතේ පිට ඇප් එකකින් කෑම ඕඩරයක් දානවා. හොටෙල් එකත් දාපු සැණින් ඕඩරේ බාර ගන්නවා. ටික වෙලාවකින් අපිට කෑම එක ඩිලිවර් කරන හාදයත් හෝටලේ පැත්තට ගාටනවා අපිට ඇප් එකෙන් පෙන්නුම් කරනවා. පොර ඕඩරෙත් පික් කරනවා. ඉතින් අපි පිඟන් ලෑස්ති කරගෙන ෆුල් රෙඩි වෙලා ඉන්නවා. ඔය අතරෙ නිකමට ඇප් එක දිහා බැලුවම තමයි අපිට තරු පේන්නෙ. මෙන්න බොලේ මැප් එකේ වේගෙන් අපේ ගෙවල් දිහාවට ආපු ඩිලිවරි හාදයා මගින් හැරිලා වෙන තූත්තුකුඩියක යනවා. බලන් යද්දි පොර තවත් ඩිලිවරි එකක් දාලා තමයි අපිට ඩිලිවර් කරන්න එන්නෙ. ඒ මදිවට තව විනාඩි විස්සකින් විතර ඩිලිවරි ටයිම් එකත් කල් යනවා. දුක තමයි බ්‍රෝ" 

මේවා සිරා කතා මචෝ. ඒත් Online Food  Delivery සීන් එකේ පහසුව ලාභය වගේම තෝරාගැනීමේ නිදහස වගේ දේවල් අපිට අමතක කරන්න බෑ හරිය. දැන් අපි ගමට යන්න හදන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ වගේම රටේ සමහර ප්‍රධාන නගරවල ඔය අපි ඉස්සෙල්ලා කියපු මට්ටමින්ම Online Food Delivery සීන් එක තියනවා. හැබයි කොළඹට පිට ප්‍රදේශවල මේක ඒ මට්ටමින්ම නෑ. ඒත් අලුතින් තරුණ පරපුර ඒ ඒ ප්‍රදේශවල මේ බිස්නස් එකට අත ගහන බව පේන්න ති‍ය‌ෙනවා. මෙච්චර කාලෙකට Delivery Service එකක් නොතිබුණ පුංචි කෑම කඩ මේ සීන් එකට Enter වෙලා. එයාලා හිතනවා මේ කෝවිඩ් කාලේ ගේමක් ගහන්න මේක මරු සීන් එකක් කියලා.

දැන් WhatsApp කියන්නේ වෙනම මාදිලියේ Social Media එකක්. ඒක ගැන පස්සේ දවසක කතා කරන්න ඕනෑ. ඒත් WhatsApp Food Delivery Group ගැන අපි අද කතා කරන ඕනෑ. ඒක වෙනම ආතල් එකක්. මේ වෙනකොට මෙහෙම Group හැදීමේ Trend එකක් අපේ රටේ තියෙනවා. මචෝ මේක ගොඩක් වෙලාවට House Kitchen  Concept සීන් එකක්. පස්සෙන්  පහු දියුණු වෙලා Restaurant එකක් දක්වා මේ Concept එක දියුණු කර ගත්ත අයත් ඉන්නවා.
මේකෙදී ගෙදරක තමා කෑම හදන්නේ.  Shop එකක් Restaurant එකක් නෑ. Facebook Page එකක් Instagram Account එකක් WhatsApp Group එකක් හරහා තමා ඇනවුම් බර ගන්නේ.  සීමිත පිරිසක් අතර තමා ගනුදෙනු. Delivery එක යන්නේ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක්. මේක මචෝ යාළු දෙතුන් දෙනෙක් එහෙම නැත්නම් පවුලේ අය එකතු වෙලා කරන ව්‍යාපාරයක්. පිටරටවල තිබුණාට මේ Trend එක ලංකාවට අලුත්. තාම ආරම්භක අවඳියේ තියෙන්නේ හරිය.  හොයලා බලන්නකෝ. අපි පහු වෙලා මේ සීන් එක ගැන වෙනම දෙන්නම් මා සුදාලට එලකිරි Y Trend එකක්. මෙතැනදී අපි වැඩි බරක් දාන්නේ Online Food Delivery සීන් එකට මචෝ.
මේ අලුත් Trend එකත් එක්ක ‍කා‌ෙළඹ නම් කහ කුරුල්ලෝ කොල කුරුල්ලෝ වැහි වැහැලා. ඒකනේ අලුත් Job Market එකක් හැදිලා සමහරු Full Time, සමහරු Part Time. ඔය ඉගෙන ගන්න ගමන් රස්සාවක් කරන්න කොල්ලොන්ට නම් මේක පට්ට වටිනවා. ඒත් Full Time කරන එක නම් කොච්චර සාර්ථක ද කියන්න අපිට බෑ. හැබැයි කාලා බීලා සැපේ ඉන්න කාටත් මෙයාලා කරන්නේ මාර සේවයක්. 

කොහොම වුණත් මා සුදෝ රස කෑමක් කන්න හෝටල් හොයාගෙන රස්තියාදු වෙන්න වුණ කාලේ දැන් ඉවරයි. ලෝකේ Smart වෙලා. ෆෝන් එකට දාන එක ටච් එකකින් ඕන හෝටලකින් කැමති කෑමක් ඩිලිවරි ඕඩරයක් දාන්න ළඟටම ගෙන්න ගන්න පුළුවන්. තාක්ෂණේ දියුණු වෙලා. හැබැයි සුදෝ සල්ලි තමා ඕනෑ. ඇත්තට මේ Trend එක පට්ට සුපිරි මා බ්‍රෝ. අනාගතේ තව මොනාවා ඒවිද දන්නේ නෑ. හැබැයි මගේ ආදරණීය මචාලාලට එක දෙයක් කියන්න ඕනා. මෙච්චර දියුණු Trend ති‍ෙයන ලෝකයේ තාමත් කන්න නැතුව මන්දපෝෂණය හැදිලා දරුවෝ මැරෙනවා. ඒක තමා මේකේ හැටි.