2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

අපි කොටු පැන්නෙ නැහැ...

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

අනියම් සබඳතා කියන එක බොලිවුඩයට අලුත් දෙයක්වත් නුහුරු දෙයක්වත් නෙවෙයි. දිලීප් කුමාර්ගේ ඉඳලා අමිතාබ් බච්චන් දක්වාත්, අජේ දේව්ගන් ඉඳලා අමීර් ඛාන් දක්වාත් බොලිවුඩ් නළු නිළියන් බොහෝ දෙනෙක් විවාහයෙන් අනතුරුව වෙනත් අයත් එක්කත් ප්‍රේම සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඒත් විවාහයෙන් පස්සේ තමන්ගේ එක්ක විතරක් ප්‍රේම සම්බන්ධය පවත්වගෙන යන නළුවෝ කිහිපදෙනෙක්ම ඉන්නවා. ඔවුන් කොච්චර තමන්ගේ බිරිඳට අවංකද කියලා කියනවනම් ඔවුන්ගේ නම් එක්ක කවදාවත් විවාහයෙන් අනතුරුව වෙනත් කාන්තාවන්ගේ නම ඈඳිලා නැහැ.


01.සෝනු සූද්


බොලිවුඩ්වල දුෂ්ඨ චරිත නිරෑපණය කරන දුෂ්ඨ නළුවෙක් විදිහට නමක් දිනා සිටින සෝනු ගොඩක් කඩවසම් කෙනෙක්. ඔහු කොච්චර කඩවසම්ද කියනවනම ගැහැනු ළමයි ඔහු වෙනුවෙන් පණ දෙන්න වුණත් ලෑස්ති වෙලා ඉන්නවා. සෝනු කොරෝනා සමයේ මිනිසුන්ට උදවු උපකාර කරමින් ඉද්දී පවා, බොහෝ ගැහැනු ළමයි ඔහුට සමාජ මාධ්‍ය හරහා විවාහ යෝජනා එවන එක පුරුද්දක් කරගෙන හිටියා. ඒත් සෝනු විවාහ වුණේ සිනමා කර්මාන්තයට පය තියන්නත් කලින් කොලේජ් යන කාලේ ඉඳලා ආදරයෙන් බැඳිලා හිටිය සොනාලි එක්ක. ඒ වගේම සිනමා කර්මාන්තයට සම්බන්ධ වෙලා නමක් වගේම ධනය දේපළ උපයා ගැනීමෙන් පසුව වුණත් සෝනු කිසිම විටෙක තම බිරිඳ සොනාලි හැර වෙනත් කිසිම නිළියක් හෝ ගැහැනු ළමයෙක්ගේ නම තමන්ගේ ජීවිතයට සමබන්ධ කරගෙනත් නැහැ.

02. අභිෂේක් බච්චන්

අභිෂේක් බච්චන් ඵෙශ්වර්යා එක්ක විවාහ වෙලා අවුරුදු 13ක් වෙනවා. ඵෙශ්වර්යත් එක්ක විවාහ වෙන්න කලින් අභිෂේක් කරිෂ්මා කපූර් සහ රාණි මුඛර්ජි එක්ක පේ‍්‍රම සම්බන්ධතා පැවැත්වුව බව රහසක් නෙවෙයි. කරිෂ්මා කපූර් එක්ක අභිෂේක් බච්චන් විවාහ ගිවිස ගැනීමත් සිදුවෙලා තිබුණේ. ඒත් පවුල් දෙකෙහි විරෝධතාවයන් නිසා ඔවුන් දෙන්නට එකම වහලක් යටට එන්න නොහැකි වී ගිය අතර රාණි මුඛර්ජිත් බච්චන් පවුලේ ලේලිය වෙන්න සිහින මැව්ව කෙනෙක්. ඒත් ඇයගේ සිහිනයත් යථාර්ථයක් බවට පත් නොවූ අතර ඵෙශ්වර්යා රායි බච්චන් පවුලේ ලේලිය බවට පත්වෙලා අද වෙනකොට අවුරුදු 13ක් වෙනවා. ඵෙශ්වර්යා එක්ක විවාහ වුණාට පස්සේ අභිෂේක් වෙනත් යුවතියන් දිහා ඇස් උස්සලාවත් බැලුවේ නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. ඔහු ඵෙශ්වර්යා සහ තමන්ගේ දියණිය ආරාධ්‍යා තමන්ගේ ලෝකයම කරගෙන ජීවත් වෙන කෙනෙක් විදිහට තමයි සිනමා කර්මාන්තය තුළ ප‍්‍රසිද්ධ වෙලා ඉන්නේ.

03. ශාහිද් කපූර්

අවංක ස්වාමිපුරුෂයන්ගේ ලැයිස්තුවට ශාහිද් කපූර්වත් ඇතුළත් වෙනවා. ශාහිද් කපූර් විවාහයට පෙරාතුව මලින් මලට වහන බඹරෙක් විදිහට සිනමා කර්මාන්තය තුළ ප‍්‍රසිද්ධ වෙලා හිටියත් මීරා රාජ්පුත් ඔහුගේ ජීවිතයට අවතීර්ණ වූදා පටන් ශාහිද් කපූර් ද පරිපූර්ණ ස්වාමිපුරුෂයෙක් බවට පත්වුණා. කරීනා කපූර්, ප‍්‍රියංකා චොප්රා, විද්‍යා බාලන් ඇතුළු කීපදෙනෙක් එක්කම ප්‍රේමමයෙන් බැඳිලා හිටිය ශාහීද් කපූර්ගේ හදවතට, විවාහයෙන් පසුව මීරාගෙන් තොර ලෝකයක් නැති වෙලා.

04. රිතේෂ් දේෂ්මුඛ්

රිතේෂ් දේශ්මුඛ් එක කාන්තාවකට පමණක් ආදරය කළ මිනිහෙක් කියලා කිව්වොත් ඒක වැරදි නැහැ. රිතේෂ් සහ ජෙනෙලියා බොලිවුඩ්වල ඉන්න පර්ෆෙක්ට් යුවළවල්වලින් එක යුවළක්. ඔවුන් දෙන්නා විවාහ වෙලා අවුරුදු 10ක් වන අතර මේ වනතෙක් රිතේෂ් වෙනත් යුවතියක් එක්ක සබඳතා පවත්වනවා කියලා නිකමටවත් සමාජ මාධ්‍යවල පලවෙලා නැහැ.

05. සුනිල් ෂෙට්ටි

බොලිවුඩ්වල අවංක සැමියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම තමන්ගේ නම රඳවා ගන්න සුනිල් සමත් වෙලා තියෙනවා. විවාහ වෙලා අවුරුදු 29ක් වුණත් සුනිල් ශෙට්ටි හොඳ ස්වාමිපුරුෂයෙක් විදිහට තමන්ගේ නම ඉහළින්ම තියාගෙන ඉන්න කෙනෙක්. 90 දශකයේ ක‍්‍රියාදාම නළුවෙක් විදිහට සිනමාවේ දස්කම් දක්වද්දී ගැහැනු ළමයින් බොහෝ ප‍්‍රමාණයක් ඔහුට ආකර්ෂණය වුණා. සුනිල් විවාහකයෙක් කියලා දැන දැනත් සොනාලි බෙන්ඩ්‍රේ ඔහුට ආදරය ප‍්‍රකාශ කළත් සුනිල් ශෙට්ටි තමන්ගේ බිරිඳ මානාට කොච්චර අවංක ස්වාමිපුරුෂයෙක්ද කියනවනම්, සොනාලි එක්ක ඇති මිතුරුකමට එතනින් එහාට වර්ධනය වෙන්න සුනිල් පොඩි හරි ඉඩක් ලබා දුන්නේ නැහැ. 

06. බොබී ඩියෝල්

අවංක ස්වාමිපුරුෂයන්ගේ ලැයිස්තුවට බොබී ඩියොල් ද ඇතුළත් වෙනවා. බොබී ඩියෝල් සහ තාන්‍යා විවහ වෙලා අවුරුදු 24ක් වෙනවා. බොබීට තාන්‍යාව හදවතට විතරක් නෙවෙයි ඔහුගේ ගෘහ අලංකරණ ව්‍යාපාරයට ද නැතුවම බැරි කෙනෙක් විදිහට තමයි පේන්නේ. මොකද තාන්‍යා තමයි ඔහුගේ හැමදෙයකටම වගේ එයටත් සහාය වෙන්නේ. තාන්‍යා කියන්නේ ඉන්දියාවේ ජනප‍්‍රිය ගෘහ නිර්මාණ ශිල්පිනියක්.