2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

MFI ජනමාධ්‍ය සහ මානව ශාස්ත්‍ර වැඩමුළුව 2020

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 73

2020 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නොමිලේ පැවැත්වූ ජනමාධ්‍ය හා මානව ශාස්ත්‍ර වැඩමුළුව මාර්තු 08 උදෑසන 9.00 සිට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

පරම්පරාවේ සමානාත්මතාවය මමයි* යන ජාත්‍යන්තර කාන්තා දින තේමාවට සමගාමීව මෙම වැඩසටහන සඳහා මානව ශාස්ත්‍ර විෂය සම්බන්ධ කර ගනිමින් දේශන පැවැත්වීම සඳහා ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත දුක්ගන්නාරාල, ප්‍රවීණ මාධ්‍යවේදී තනුජා ජයවර්ධන, පෞරුෂත්ව වර්ධන මනෝවිද්‍යා උපදේශිකා සමිතා ඇතුල්දොරආරච්චි, මාධ්‍යවේදී අසංග කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයෙක් වන බර්ට්‍රම් නිහාල්, ප්‍රවීණ මාධ්‍යවේදී රමේෂ් උවයිස් සහ සමාජ ජාලා විශ්ලේෂක සංජීව දිසානායක යන මහත්ම මහත්මීන් සහභාගී විය. Media Foundation International පදනම විසින් මෙය සංවිධානය කරන ලදී.

මේ වැඩමුළුවේ සාර්ථකත්වයට සම්පූර්ණ සහයෝගය දැක්වූයේ නිහාල් රැදැල්ල, කිත්සිරි කරුණාරත්න, සුදේශ් මුතුනවගොන්න යන මහත්වරැන් විසිනි. වැඩමුළුව අවසානයේ සහභාගී වූ සියලුම දරු දැරියන්ට වටිනා සහතිකපත් ප්‍රදානය කළ අතර එම අවස්ථාවට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ සහ ප්‍රවීණ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂක රංග ප්‍රේමරත්න සහ MFI ජාත්‍යන්තර සභාපති සුමිත් තිසේරා යන මහත්වරැන්ද සහභාගී වූහ.