2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

අලි අලි බ්‍රෝ ළපටි ලොක්කෝ

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 59

Gen Z එකේ කොල්ලෝ කෙල්ලෝ පොඩි ශබ්දයක් දෙන්න බලන්න... ඌයේ යේ යේ... කෝ බං ශබ්දේ... ආ සොරි වේවා... Gen Z කියන එක තේරුණේ නෑනේ... ෆොන්තෝ Gen Z කියන්නේ Generation Z ඉපදුණු අයට. යකඩෝ එතකොට Generation Z කියන්නේ මොන අයටද? No කලබල Be Cool Bro. අපි පැහැදිලි කරන්නම්.

1990-2010 අතර ඉපදුණු අය තමා Z පරම්පරාව ඉඳහට හඳුන්වන්නේ. හරි දැන් පැහැදිලිද? It’s ok... මචෝ අද Y Trend එකෙන් කතා කරන්නේ Gen Z එකේ සීන් කෝන් එක. අද ලෝකයේ තාරුණ්‍යය නියෝජනය කරන්නේ Gen Z ලා. ඒ නිසා ලෝකේ හැදෙන හැම Trend එකක් පස්සේම මෙයාලා ඉන්නවා මචෝ. අලි අලි බ්‍රෝ අලි... එයාල මෙයාලා කිව්වාට Sorry වේන්න ඕනා උඹලත් Gen Z ද? Me too මා Bro.

No කලබල... නැන්දා, මාමා, අම්මා, තාත්තා Cool Dears.... අපි සීන් කෝන් ගලපන්නේ අපක්ෂපාතීව හරිය.... මේ Story ලෝකෙට කියන්නේ අපි නෙවෙයි. ඔවුන්ට අනුව 1990 දශකයේ මැද භාගයේ සිට අග භාගය දක්වා උපත් වසර ලෙසත් 2010 මුල් භාගයේ උපත් වසර ලෙසත් තියන අය මේ පරම්පරාවට අයත්. විශේෂ තමා Z Gen සාමාජිකයෝ කුඩාකළ සිටම ඩිජිටල් තාක්‍ෂණය භාවිත කරලා තියෙනවා. අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය එක්ක මේ පරම්පරාව තියෙන්නේ පහසු ගනුදෙනුවක්.... මචෝ මේ පරම්පරාවේ ඩිජිටල් සාක්ෂරතාවය හොඳයි.

සුදෝ අපි මෙහෙම කිව්වොත් අවුල්ගන්න එපා හරිය. Z පරම්පරාවේ බොහෝ සාමාජිකයින් X පරම්පරාවේ දරුවෝ. ඈ බොල මොකක්ද ඒ හරුපේ...? ඔන්න X පරම්පරාවේ ලොක්කෙක් අහන්න පුළුවන්. ඒක මෙහෙමයි. මේ පරම්පරා බෙදීම නිශ්චිත නෑ. එක එක මූලාශ්‍රවල ඒ පරම්පරාවට දෙන කාල පරතරය ටිකක් වෙනස වෙනවා. ඔන්න ඒක මූලාශ්‍ර අරගෙන මේ පරම්පරාව සීන් එකේ ප්‍රස්තාරයක් දාලා තියෙනවා සුදාලාට අදට අදාළ අදහසක් ගන්න විතරක්.

මචෝ වැඩිහිටියෝ නිතරම තාරුණ්‍යයේ අඩුපාඩු කියනවා... බනිනවානේ... සමහරු ඕකට පරම්පරා ගැටලු කියලාත් කියනවා. මෙහෙමයි ඕක කවදත් තිබ්බා. නමුත් දැන් අපේ වගේ රටවල මේ විවේචන බරපතළ විදිහට තියෙනවා. ගෙදර අම්මා තත්තාගේ ඉඳලා රූපවාහිනියට එන ලොකු ලොක්කෝ පවා මේ විවේචනය ඉදිරිපත් කරනවා. Digital ජීවිතවලට තමා ලොකුවටම චෝදනා එල්ල වෙන්නේ. මේ කියම කතා අහක දාන්න බෑ සුන්දරා. ඒවයේ සත්‍ය ගැබ්වෙලා තියෙනවා. නමුත් එක දෙයක් පැහැදිලි කරන්න ඕනෑ මචෝ. මේක Gen Z එකේ වරදක්ම නෙවෙයි. ඔවුන් ඉපදෙන කාලසීමාවේ ගෝලීය සමාජීය වෙනස් වීම තමා මේ ජීවන රටාවට ඔවුන්ව ඇදලා දැම්මේ.

Gen Z වල විවිධ අංශ ගැන අපිට කතාකරන්න පුළුවන් මචෝ. අපි කිව්වානේ මෙයා තමා නූතන Trend Create කරන්නේ. ඒ නිසා Gen Z Fashion ලියන්නේ පට්ට ලොකු Topic එකක්. ඒ නිසා අපි Gen Z Fashion වල තියෙන එල Trend එක කියන්නම් සුදෝ. Fashion කරනකොට වගේම පාරිභෝගිකයින් විදිහටත් මේ පරම්පරාවට. පාරිසරික හා සමාජීය ගැටලු පිළිබඳ සැලකිලිමත් වෙනවා. Gen Z ලා වෙළඳනාම මාරැ කරනවා... වර්ජනය කරනවා.. වැඩ වැඩිපුර කරන්න කැමතියි.
Gen Z Health Issues කියන්නේ ලොකු කතාවක් මචෝ. කෑමබීම නිසා ඇතිවෙන ගැටලු වගේ දේවල් ගැන පට්ට ලොකු Storyයක් තියෙනවා. Health පැත්තටත් උදාහරණයක් දෙන්නම්කෝ. ඇස් කියන්නේ Gen Z කියන්නේ ලොකු අවුලක. Gen Zලාට තියෙන්නේ වියළි හා කෝපයට පත් ඇස්, තෙහෙට්ටු නොපැහැදිලි ඇස්. ඒ නිසා එක දෙයකය අවධානය යොමුකිරීමේ අපහසුතාව හිසරදය වැනි රෝග ලක්ෂණ Z පරම්පරාවට තියෙනවා. මේකට කියන්නේ මචෝ ඩිජිටල් අයිස්ට්‍රයින් නොහොත් පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමය කියලා. ආ තව පොඩි සීන් එකක් Generation X කොන්ද වගේ Generationලාට බෙල්ල අමාරුව. අද ලෝකේ බෙල්ලන් ආසාත්මිකතා 40කින් ඉහළ ගිහිල්ලා කියපාන සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මේ නිසා සහෝ.
Gen Z Political Views ගැනත් සුදෝ ලෝකේ ගොඩක් පරීක්ෂණ පවත්වලා තියෙනවා. මේ පරම්පරාවට ඒ රටවල් අනුව ජාතික මතවාද සහ විවෘත මතවාද අතර දෝලනය වෙනවා. මාක්ස්වාදී දේශපාලන ආකල්ප නම් ඉතාම අල්පයි. තව සීන් එකක් Gen Z ලා දේශපාලන තීරණය ගන්නේ අතීත සහ අනාගත ගැන ලොකුවට හිතලා නෙවෙයි පවතින අවස්ථාව මත. කොහොම වුණත් මේ පරම්පරාවට එළඹගත් දේශපාලන මතවාද දරනවා අඩුයි සහෝ.

ඔන්න දැන් මා ආදර Gen Z එකේ කොල්ලෝ කෙල්ලෝ පොඩි ශබ්දයක් දෙන්න බලන්න.... ඌයේ යේ... යේ... ආ ගැම්මට පුතී ගැම්මට. අපි Gen Z කියලා පොරවෙන්නවත් ලැජ්ජා වෙන්නවත් එපා සුන්දරා. මේ කතාව අපි කිව්වේ පොදුවේ.

 

► Text - Nisal   /  Pic – Internet