2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

කේලම් කෝලම් කඩේ කතා

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 162

අද Youtube Hit අපේ කතාබහ Lochi Youtube Chanel එකෙන් පහුගිය දවසක Youtube ගතකරපු‍ Types of මුදලාලි’s වීඩියෝ එක ගැන. Lochi කියන්නේ ලංකාවේ Youtubers ලා අතරින් ජනප්‍රියම කාන්තා චරිතය. අපි මීට කලින් Lochi Youtube Chanel පිළිබඳව එක් වතාවක් කතා කරලා තියනවා. මේ වෙනකොට එක් ලක්ෂ හැට තුන්දාහක් විතර Subscribed ලා ප්‍රමාණයක් මේ Chanel එකට තියනවා. ඒක සැලකිය යුතු සංඛ්‍යාවක්.

Types of මුදලාලි’s කියන Video එකෙන් කතා වෙන්නේ ලංකාවේ සාමාන්‍ය සිල්ලර බඩු වෙළඳ සැලක ඉන්න මුදලාලිලාගේ ස්වරෑපය පිළිබඳව. මුදලාලියි ලෝචියි මේ Video වේ ඉන්න චරිත. මෙතැනදී කඩේ කේලම්,  ඉතුරු රුපියල, පැණිහැලීම වගේ අවස්ථා පෙළ ගස්සලා තියෙනවා. මේ වගේ අදහසක් මතුවෙන වැඩක් කවුරුවත් මේ වෙනකොට කරලා නෑ. අන්න ඒ නිසා මේ වීඩියෝව පිළිබඳ සාධනීය විදිහට අපිට කතා කරන්න පුළුවන්.

අපි මේ වීඩියෝව නරඹන මොහොත වෙනකොට Views තුන්ලක්ෂ හැත්තෑ දහසක් විතර ස‘ංඛ්‍යාවක් තිබුණා දින හතරක් ඇතුළත. සම්පූර්ණ ධාවන කාලය විනාඩි 5යි තත්පර 58ක ප්‍රමාණයක් සමන්විතයි. Comment දිහා බැලුවාම තේරුම්ගන්න පුළුවන් දේ තමා මේ වීඩියෝ එකේ ආකර්ෂණීයම කොටස ටොෆි 49 නවයේ කතාව. කොහොම වුණත් Types of මුදලාලි’s වීඩියෝවේ ගුණදොස් ගැන කතා කරද්දී පොඩි කතාවක් තියෙනවා.

වීඩියෝ කොලිටි එක ගැන නම් එච්චර ප්‍රශ්නයක් නෑ. ඒත් කේලම් කීම සම්බන්ධව මේ වීඩියෝ එකට අන්තර්ගත කරලා තියෙන කොටස එච්චරම සාර්ථක නෑ. එතැනදී ඉතාම ග්‍රාම්‍ය බවක් පේනවා. තවත් චරිත කිහිපයක් එකතු කරගත්තා නම් මෙහි සාර්ථකත්වය දෙගුණ තෙගුණ වෙනවා. උදාහරණක් විදිහට වස්ති Youtube Chanel යේ විකාශය වෙන්න පුළුවන්. තමන්ගේ අනන්‍යතාව රැකගෙන මෙය නිර්මාණය කරන්න ලෝචී chanelයට පුළුවන්. හේතුව මේ chanel ය වටා ගොඩක්දෙනා දැනටමත් එකතුවෙලා ඉන්නවා.

 

► Text - Nisal   /  Pic – Internet