ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 97 ආදිශිෂ්‍ය කණ්ඩායමේ මූලිකත්වයෙන් රන්වල බලකායේ ත්‍රී සිංහලයේ ත්‍රිවිධ සම්ප්‍රදායේ තුන්කල් යා කෙරැම හෙවත් ‘ත්‍රී’ ප්‍රසංගය පසුගියදා පැවැත්විණි.
එම ප්‍රසංගය ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර ඒ සඳහා පුජ්‍ය හඟුරන්කෙත චන්ද්‍රරතන හිමි, ගම්පහ නගරාධිපති එරංග සේනානායක සහ ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන යන ආරාධිතයන් සහභාගී වූහ. ජනගීතයට ළැදි රසිකයන් විශාල පිරිසක්ද ඒ සඳහා එක්ව සිටියෝය.