2020 මාර්තු 14 වන සෙනසුරාදා

වස්තියාගේ සුදු අම්මියා

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 137

අද Youtube Hit වලින් අපි කතා කරන්නෙ. අපි කවුරුත් දන්න වස්ති ගැන. වස්ති Production ගැන අපි මීට කලින් අවස්ථා කිහිපයකදීම කතාකරලා තිබෙනවා. පහුගිය අවුරුද්දේ වස්තිලා පටන් ගත්තා අලුත් Youtube chanel එකක්. මේ කතාව ඒ ගැන.

Wasthi TV කියන මේ චැනල් එකට මේ වෙනකොට Subscribed එක් ලක්ෂ දාහතර දහසක් විතර තියෙනවා. ඒත් ඔවුන් මේ වෙනකොට කරලා තියෙන්නේ වීඩියෝ දහයකටත් අඩු සංඛ්‍යාවක්. වස්ති කියන්නේ ශ්‍රී ලංකාවේ Youtube අධිරාජ්‍යයක් බව මේ chanel එකේ සාර්ථකත්වය දිහා බැලුවාම බොහොම පැහැදිලිව අවබෝධ වෙනවා. මේ chanel එක හරහා ඉදිරිපත් වෙන්නේ. වස්ති නිර්මාණය හැදුන හැටි ගැන කියැවෙන Making වීඩියෝ සහ වස්ති වටා ගොඩනැගෙන Music Videos, Marketing Videos වගේ දේවල්.

වස්ති Production අන්තිමට කරපු මිලියන තුනක් විතර නරඹපු “Pukmantha” වීඩියෝවේ Making වීඩියෝව තමයි Wasthi TV හරහා අන්තිමට මුදාහැරලා තියෙන්නේ. විශේෂය තමයි ඒ වීඩියෝ එකටත් තුන් ලක්ෂ විසිහතර දහසක විතර Views ප්‍රමාණයක් තිබීම. මේ Video එක හරහා වස්ති නිර්මාණය කාර්යයේ බරපතළ බව වගේම අද වෙනකොට වස්ති අත් කරගෙන තිබෙන දියුණුවත් මනාව පැහැදිලි වෙනවා. ලංකාවේ Youtube කියන සමාජ මාධ්‍යයේ ප්‍රබලතාව අවබෝධ කරගන්න අවශ්‍ය නම් මේ වීඩියෝව ඔබ නැරඹිය යුතුමයි.

සුදු අම්මියා කියන වස්ති කරපු වීඩියෝවේ Official Music Video එක මුදා හැරුණෙත් මේ Chanel එකෙන්මයි. ඒ වීඩියෝවට Views මිලියන දෙකක් මේ වෙනකොට තියෙනවා. ඒ හැරුණාම මේ චැනලයේ ගොඩක් වීඩියෝ Views ලක්ෂ දෙකේ සීමාවේ තමයි රැඳෙන්නේ. කොහොම වුණත් ලංකාවේ Youtubers ලා අතරින් දැවැන්ත දෙවැනි Chanel යක් දැන් තියෙන්නේත් වස්තිලාට.

මේ chanel ය විධිමත් මෙහෙයවන්නක් නොවන බවත් කිව යුතුයි. Videography, Lightning, Editing වගේ Wasthi TV ඇතුළේ එතරම්ම හොඳට වෙන්නේ නෑ. කොහොම වුණත් ඒ දේවල් ගැන චෝදනා ස්වරූපයකින් අපිට කතා කරන්න බෑ. මොකද මේ මාදිලියේ Youtube Chanel එකක ස්වරෑපය තමා ඒ. වස්ති Production ඒ සියල්ල හරියන්න මනා ප්‍රමිතියක් මේ වෙනකොට පවත්වාගෙන යනවා. කොහොම වුණත් අනුෂ්කටයි තඩියටත් Wasthi TV වලටත් පොඩි බරක් දාන්න පුළුවන් නම් මේ Chanel එකත් ලංකාවේ පළවෙනි Youtube Hit දහය ඇතුළට එන්න වැඩි කාලයක් යන එකක් නෑ.

Text - Nisal   /  Pic – Internet