2020 මාර්තු 07 වන සෙනසුරාදා

දැකලා පුරුදු කෙනෙක්

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 110

කොළඹ නාට්‍ය පුහුණු වීමක් ඉවර කරලා තරුණ ශිල්පිනියක් බස් එකට නැගලා ගෙදර යන්න පිටත් වුණාලු. මේ කෙල්ල ටෙලි නාට්‍ය කීපයකත් රඟපාලා තියෙනවාලු.
ඔන්න දැන් බස් එකේ එයා ළඟ තිබුණු හිස් අසුනේ තරුණයෙක් ඇවිත් වාඩි වුණාලු.

“ඔයාව හොඳට දැකලා පුරුදුයි මට. 
කොල්ලා එහෙම කිව්වම කෙල්ලට හරි සතුටක් දැනුණලු. එයා බලාගෙන හිටියලු රඟපාපු නාට්‍යයකවත් නමක් කියයි කියලා. ඒත් එහෙම පාටක් පේන්න තිබුණේ නැහැ.
“මාව කොහෙද දැකලා තියෙන්නෙ?

කෙල්ල අහලා තියෙන්නෙ තරමක ආඩම්බරයකින්.
“හරියටම නිච්චියක් නැහැ. ඒත් අපේ අම්මා මාස ගාණකට කළින් ලෙඩ වෙලා කොළඹ මහ ඉස්පිරිතාලේ නැවතිලා හිටියා. අල්ලපු ඇඳේ හිටියේ ඔයා වගේම කෙනෙක්. ඒකයි ඇහුවේ.

 

ගිනිපත්තු සපත්තු ඩිස්කවුන්ට්

ඔන්න කලාවට ඈතින් නෑකම් කියන තරුණයෙක් පසුගිය දවසක එයාගෙ කෙල්ලත් එක්ක පොඩි රවුමක් ගැහුවලු.

අලුතින්ම විවෘත කරපු හෝටල් සංකීර්ණයටත් මේ දෙන්නා ගිහිල්ලා. ඒ සංකීර්ණයේ හැම මහලකම වගේ තියෙන්නෙ බ්‍රෑන්ඩඩ් භාණ්ඩ තියෙන සුඛෝපභෝගී සාප්පු. ඔන්න ඔය වගේ සාප්පුවක් පහුකරගෙන යද්දී කොල්ලා දැක්කලු එතන දාලා තිබුණු “සේල් දැන්වීමක්. සියලුම සපත්තු වර්ගයටම 50වට්ටමක්.

කෙල්ලටත් කාලෙකින් මොකුත් අරන් දෙන්න බැරි වුණ එකේ, කොල්ලා එයාවත් ඇඳගෙන ඇතුළට ගියාලු. 
කෙල්ලත් හරිම සතුටින් සපත්තු තෝරනවා.

ලස්සන සපත්තු ජෝඩුවක් තෝරලා බිල ගෙවන්න ගියාම තමයි කොල්ලා සපත්තුවේ ගාණ දැනගෙන තියෙන්නේ.
ඇත්ත. 50වට්ටමක් තියෙනවා. ඒත් සපත්තුවේ මිල රු. 13,000ලු. කොල්ලා බිල ගෙව්වලු. කෙල්ලට නම් හරිම සතුටුයිලු.

 

කොරෝනා සහ හනිමුන්

පහුගිය දවස්වල ටෙලි නාට්‍ය දර්ශන තලයක ප්‍රවීණ ශිල්පියෙක් හිටියේ ලොකු කල්පනාවකලු. 

සාමාන්‍යයෙන් ඔහු කා එක්කවත් ඔහුගේ ප්‍රශ්න කතා කරන කෙනෙක් නෙවෙයි. එහෙත් ඔහුගේ හිතේ තෙරපෙන ප්‍රශ්නේ ගැන ළඟම හිතවතෙක් එක්ක කතා කරන්න පටන් ගත්තලු.
“අපේ පුතා ලබන මාසේ බඳිනවා. ජෝඩුව කලින්ම තීරණය කරලා තිබුණේ හනිමූන් එකට සිංගප්පූරුවට යන්න. එහෙත් දැන් එහෙත් කොරෝනා ‍ ‍ෙ‍ෙවරසය නිසා ප්‍රශ්නලු. මම දහඅතේ කල්පනා කරන්නෙ මොනවා කරන්නද කියලා.

“අයියෝ ඕක ඔය හැටි කල්පනා කරන්න දෙයක් ද? ඔයා පුතාට පැහැදිලි කරලා දෙන්නකෝ එයා බඳින්න යන එකත් හරියට අර වගේ වෛරස් එකක් හදාගත්තා වගේ තමයි කියලා. යාලුවා කිව්වලු.

 

► Text - Mithra