2017 මාර්තු 25 වන සෙනසුරාදා

ලෝකෙට ලොක්කට මෝදිගෙන් බුදු පිළිමයක්

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 154

රජත් - ඔබගේ පක්ෂයේ ප‍්‍රතිපත්තිවලට අනුව නැවතත් රාම් දේවියන්ගේ මන්දිර ගැන කතා වෙනවා.

මෝදි - ඒකෙ ගොවියන් ගැන කියලා තියෙනවා. කම්කරුවෝ ගැන, තරුණ තරුණියන් ගැන, කාන්තා ශ‍්‍රම බලකාය ගැන, විදේශීය ප‍්‍රතිපත්ති ගැන, ආරක්ෂක විධිවිධාන ගැන, මේ හැම විෂයක් ගැනම ඒකෙ අප අවධානය යොමුකරලා තියෙනවා. මාධ්‍යවලින් එකක් ගැන අවධානය යොමුකළාට අපේ භාරතීය ජනතා පක්ෂය හැම විෂය ක්ෂේත්‍රයක් ගැනම අවධානය යොමු කරලා තියෙනවා.

රජත් - හැම තැනකම රැකියා නැතිවීමේ අවධානමක් තියෙනවා. ලෝකයේ හැම රටටම ඒක පොදු දෙයක්. වැටුප් කපනවා. ගුජරාත්වල විකාශනය ගැන කතා කීරීම, ගුජරාත්වල සේවය කරන ලක්ෂ 25ක් ගැන කතා කරන එක, ගුජරාත්වල ජීවත්වෙන අය ගැන පමණක් කතා කිරීම සාධාරණ නැහැ නේද?

මොදි - දිල්ලිවල අගමැති පුටුවේ වාඩිවෙලා ඉන්නේ ප‍්‍රනාබ් මුඛර්ජී. ඔහු ප‍්‍රකාශයක් කළා ලක්ෂ පහක රැකියා අහිමි වුණා කියලා. ඒ වගේ තවත් අහිමිවෙයි කියලත් ඔහු ප‍්‍රකාශ කළා. දිල්ලිවල රජය ගැන විශ්වාස කරගෙන හිටියත් රටේ හැමෝගෙම රැකියා අහිමි වෙයි. ඒත් අපි ගුජරාත්වල පටන් අරගෙන තියෙන ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා කෝටි ලක්ෂ 12ක ආයෝජන අවබෝධතා ගිවිසුම් අත්සන් කළා. ලක්ෂ 25කට නව රැකියා මංපෙත් විවර වුණා. මම දැඩි විශ්වාසයෙන් කියනවා රටේ ඕනෑම තරුණයෙක්ට රැකියා කරන්න ගුජරාත්වලට එන්න හැකියාවක් ලැබෙයි.

රජත් - ඔබේ විරුද්ධවාදීන් කියනවා නරේන්ද්‍ර මෝදි ප‍්‍රත්පත්ති වෙනස් කරන්න උත්සාහ කරනවා කියලා.

මෝදි - මගේ ප‍්‍රතිපත්තිය විකාශනය වීම. ඒකට තුන් වතාවක් ගුජරාත්වල ජනතාව අවස්ථාව දුන්නා.

රජත් - ලෝකයා එකම දේ ඔබගෙන් වරින් වර අහනවා. ඔබ දිල්ලිවලට පක්ෂය වෙනුවෙන් ඇවිත් පාලනය බාරගන්නවද? නැද්ද?

මෝදි - ජනතාව ගුජරාත්වල සාර්ථකත්වය දැකලානම් එහෙම කියන්නේ මම ජනතාවට කියනවා අදවානිජී නරේන්ද්‍ර මොදීගෙන් වැඩක් ගත්තා. මෙහෙයවමින් කියලා දුන්න තේරුම් කරලා දුන්න එතුමගේ මඟපෙන්වීම නිසා තමයි මම හැමදෙයක්ම කළේ.

දේශපාලනය කියන්නේ රස්සාවක් නෙවෙයි.

රජත් - අද අපි නරේන්ද්‍ර මෝදි මහතාට චෝදනා යොමුකොට අවසන්. දැන් අවස්ථාව විනිසුරු දිලිප් චෙරන්ගේ තීන්දුවටයි.

විනිසුරු - අද අධිකරණයේ තීන්දුව වෙන්නේ නරේන්ද්‍ර මෝදි කියන්නේ ගුජරාත්වල මිසයිලයක් කියන එකයි. සමහරවිට අදවානි කියන්නේ මේ වෙද්දී ඔහුගේ යුද්ධයේ නියැමුවා. ගුජරාතයේ පමණක්ද, නොඑසේනම් මුළු රටේම ප‍්‍රගතිය වෙනුවෙන් කටයුතු කරයිද කියන එක අපිට ඉදිරි කාලයේදි දැනගන්නට ලැබේවි.

රජත් - නැවතත් දිනක නරේන්ද්‍ර මෝදි මීට වෙනස් අයුරකින් චෝදනා ගොනු කිරීමට ඔබේ උසාවියට ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

පසු සටහන - නරේන්ද්‍ර මෝදි අගමැති අපේක්ෂයෙක් විදියට ඉදිරිපත්වුණු වෙලාවෙ ඔහු තමන් කුඩා කාලයේ කළ තේ අලෙවි කිරිමේ රැකියාව විරුද්ධවාදීන් උපහාසය සඳහා භාවිත කරද්දී චායී පේ චර්චා (තේ බොමින් කතා කරමු) කියන පාඨය තෝරාගනිමින් ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් කරමින් ජනතාවගේ ප‍්‍රශන්වලට උත්තර දුන්නා. ඒ නිසාම එතුමා ජනතාවගේ ආදරය නොමඳව දිනාගෙන අග‍්‍රාමාත්‍ය පදවියට පත්වුණා.

අගමැති මෝදි, නිල ගමනක යෙදී ජපානයට ගිය විට, ඔහු සිය හිතවත් ජපන් අගමැති සින්සෝ අබේ කියා සිටියේ ඉන්දියාවේ බරණැස් නගරයත්, ජපානයේ ආගමික නගරයක් වන ක්යෝතෝ නගරයට සමවන පරිද්දෙන් දියුණු කොට දෙන්නැයි කියාය.     

නොබෝදා ඉන්දියාවේ ජාතික දින උත්සවයේ ප‍්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූයේ අමෙරිකා ජනාධිපති ඔබාමායි. අගමැති  මෝදි ජනාධිපති ඔබාමාට බුදු පිළිමයක් තිළිණ කළේය. ජනාධිපති ඔබාමා මෝදිගේ ආරාධනයෙන් බෝ පැළයක් රෝපණය කළේය. ජනාධිපතිවරයා බෝ පැළයට වඳින ආකාරය, විද්‍යුත් මාධ්‍යයෙන් ලොව පුරා පතළ වූයේය.
අගමැති මෝදි මාංශ භක්‍ෂණයෙන් සහමුලින්ම වැළකී සිටී. ඔහු ගුජරාත බසින් කවිත් ලියන්නේය. මෝදි මහතා ටිවිටර් වැනි නවීවතම විද්‍යුත් සන්නිවේදන ක‍්‍රමත් භාවිත කරන්නේය. ආදර්ශමත් රාජ්‍ය නායක යන ගරු නාමය, මෝදි මහතාට ඉතා උචිතය.