2020 ජනවාරි 18 වන සෙනසුරාදා

අමුතු සංගීත සලාදේ

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

Ravi Royster කියන චරිත අපි කවුරුත් දන්නවා. ලංකාවේ රියැලිටි සංගීතයෙ මතුවුණු තරුවක්. අද අපි Youtube Hit වලින් කතා කරන්නේ ඔහුගේ Youtube චැනල් එක ගැන. Music සම්බන්ධ රවී කරන වැඩ සිංදු දාන්න තමා මේ Channel එක හදලා තියෙන්නේ. ඒත් එහෙම කිව්වාම සාමාන්‍ය ගායකයෙක්ගේ චැනල් එකකට වඩා මේක ගොඩක් වෙනස්. මේක සංගීතමය පරීක්ෂණාත්මක වැඩකිඩ අපිට පෙනීම මෙතැන වෙනවා. ජාත්‍යන්තරයේ නම් මේ වගේ චරිත Youtube එක ඇතුළේ සෑහෙන්න Hit වෙලා තියනවා. ඒත් අපේ ලංකාවේ මේ තරම් සුපිරියට මේ වැඩේ කරන පළවෙනියා Youtube රවී රොයිස්ටර්. ලොකු ගමනක් තියෙන බව නම් සහතිකයි.

SUBSCRIBE දහසය දාහක් වගේ තමා Channel එකේ දැනට තියෙන්නේ. වීඩියෝ විශාල ප්‍රමාණයක් තාම නෑ. ඉතින් තාම වැඩේ ආරම්භ අවධියේ. NOISE Project කියල ව්‍යාපෘතියකුත් හඳුන්වලා දීලා තියෙනවා. මෙතන වැඩේ නම් බලලාම තමා තේරුම් ගන්න ඕනෑ. කොහොම වුණත් සරලව පැහැදිලි කරගන්නවා නම් කතාව මෙහෙමයි. සංගීතය කිව්වාම අපිට සංගීත භාණ්ඩ අමතක කරන්න බෑ. ශබ්ද නිපදවන්න මූලිකවම භාවිත කරන්නේ සංගීත භාණ්ඩනේ. NOISE Project එකේ දී සාම්ප්‍රදායික සංගීත හාණ්ඩ වෙනුවට පරිසරය ඇසුරෙන් ඉපදෙන සහ උපදවාගන්න ශබ්ද භාවිතා කරනවා. මේවා පටිගත කරන්නේ රවී. ඒවා එඩිට් කරන්නේ  රවී. වැඩේ සම්පූර්ණයෙන්ම වගේ කරන්නේ රවී. මේ අතරේ Making Video එකක් කෙරෙනවා. ඒක තමා මේ Channel එකේ විශේෂත්වය.

උදාහරණයක් විදිහට Jingle Bells with Noise කියන ළඟදී කරපු නිර්මාණය පෙන්න පුළුවන්. රවී සුපර් මාකට් එකකට ගිහිල්ලා ශබ්ද ටිකක් පටිගත කරගන්නවා. පොලිතීන් පැකට් පොඩිකරන ශබ්ද වගේ පොඩි පොඩි දේවල්. පස්සෙ ඒවා එකතු කරලා ඔහුගේ Audio Engineering පිළිබඳ තිබෙන දැනුමෙන් Studio එකේ දී Jingle Bells ප්‍රතිනිර්මාණය වෙනවා. වැඩේ සුපිරියට බලලාම තමා හැබැයි තේරැම් ගන්න වෙන්නේ. මේ වගේ නිර්මාණ කිහිපයක්ම මේ Channel එකේ බලාගන්න පුළුවන්. හමාරය බණවරය, &Noise of Pettah X MGR වගේ නිර්මාණය ඒ අතරින් විශාල ජනප්‍රියත්වයක් අත්කර ගත්ත නිර්මාණයක්.

ළඟදී තිබුණ සම්මාන උළෙලකදී රවී රොයිස්ටර්ට Best Creative Music Video Remake Of the Year සම්මානය ලැබුණා. ඉතින් ඒ සම්මානය එක්ක තමා අපි මේ අමුතු වැඩේ ගැන හොයලා බැලුවේ. තාක්ෂණික පැත්ත ගැන මෙතැනදී කතා කරන්න දෙයක් නෑ. වීඩියෝකරණය ඉඳලා හැමදේම සුපිරියි. ඒ වගේ රවී රොයිස්ටර් විසින්ම ඒ ගොඩක් දේවල් කිරීමත් සුවිශේෂියි. ගායකයෙක්ට එහා ගිය චරිතයක් විදිහට රවී අනාගතයේ ලාංකික සංගීතයේ සලකුණක් තබාවී කියලයි අපි හිතන්නේ. දැන් රටට ඕනෑ අලුතින් හිතන රවීලා වගේ චරිත. Youtube එක ඇතුළේ රවීට මීට වඩා අවධානයක් දිනාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ප්‍රමාදයෙන් තොරව අඛණ්ඩව නිර්මාණය කිරීම වගේ Publicity කියන කරනවාත් අමතක කරන්න නරකයි. කොහොම වුණත් ඒවා හෙට අනිද්දාට හරියාවි.

 

► Text - Nisal   /  Pic – Internet