2020 ජනවාරි 11 වන සෙනසුරාදා

අනේ කාලේ මාර තාලේ

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 63

සුන්දරායි.... තිත්තායි... ඇත්තායි...

උන්ගේ  ‍ෆා‍ෙටෝ අපිට මොටෝ කියලා බලන් ඉන්නම බැරි තැන ලියනවා මේ Y Trend එක. මේක පැට්ටෝ පොටෝ ගැන කතාවක්. අපි කලින් Photo පිස්සුව Selfie උමතුව වගේ දේවල් ගැන කතා කරලා තියෙනවානේ. මේකත් ඔය කතාවලටම එකතුවෙන සීන් එකක්. ඉතින් අද කතාව Photos Edit කිරීමේ උණ ගැන.

එහෙට මෙහෙට ඇඹරිලා අමාරුවෙන් ගහන  ‍ෙෆාටෝ  අමුවෙන් බුකියට දාන පුරැද්දක් අපේ සුදාලාට දැන් නෑ. ආයේ Edit පාරක් දාලා කොරවෙන්න හදලා තමා කස්ටිය  ‍ෙෆාටෝ  Upload කරන්නේ. ඒක පට්ට Trend එකක් මචෝ. දවස ගාණේ සීන් එක Updated වෙනවා. අලුත් අලුත් Edit සීන් කෝන් එනවා. කොහොම හරි මේක ලොකු රැල්ලක්. ලෝකේ වටේම සැරට නැගලා යනවා. ඉතින් කොණක ඉඳලා අපි පටාන් ගන්නවා මේ Y Trend එක ගලපගන්න.

ඉස්සර ගෝනි බිල්ලෝ වගේ ඔළුව වහගෙන පොටෝ ගහපු අයගේ කාලේ  ‍ෙෆාටෝ  අමුයි. Black and White. කළු එකා කළුයි. සුදු එකා සුදුයි. ඔන්න ඊටපස්සේ ආවනී Colour Photos. ඒවත් මුල්කාලේ අමුයි. ඔය හැඩ වැඩ නෑ. පස්සේ Lightning වගේ අනම් මනම් මරගාත වැඩ කෑලි හිමීට ආවා.  ෆා‍ෙටෝ  එකේ කොලිටිය වැඩි කරගන්න සීන් කෝන් දැම්මා. Manual Editing සීන් එක ඇවිල්ලා ටික කාලයක් යනකොට Computer යුගය ආවා. ඉතින් සුදෝ මුල්කාලේ IT වැඩේ  ෆා‍ෙටෝ  වැඩ්ඩෝ තමා Line එකේ හිටියේ. පස්සේ Smart යුගය ආවා  ‍ෆා‍ෙන් එකෙන් Photos ගන්න පටන් ගත්ත. Photos කියන්නෙ පට්ට නෝමල් දෙයක් වෙනකොට හිමීට Photos Edit කරන සීන් එක Smart Phone එකට රිංගුවා.

මුල් කාලේ Phone එකෙන් Photos Edit කිරිල්ල පට්ට ගොන්. ඒවා චාටර් හරිය. පස්සේ සීන් එක නැගලා ගියා. Editing විතරක් නෙවෙයි Biuti Cam වගේ ඒවත් ආවා. ඒ වලින් ‍ෙෆාටෝ එක වැදෙන්නෙම සුදුවෙලා ලස්සන වෙලා. කට්ටිය පිස්සු වැටුණා. මාර විදිහට නැගලා ගියා. අන්තිමටම Samsung, Appel වගේ සමාගම් ජංගම දුරකතන නිෂ්පාදනය කරන කොට Photos Edit කිරීමේ පහසුකම අනිවාර්යන් ඇතුළත් කරන්න පටන් ගත්‍තා. දැන් ෆෙන්තෝ මේ එඩිට් සීන් එක කොච්චර දරුණුවට නැගලා යනවද කියනවා නම් ප්‍රධාන පෙලේ ජංගම දුරකථන සමාගම් අතර පට්ට තරගයක් තියෙනවා. එක එක විදිහ Photo Editing උපක්‍රම ඔවුන් තමන්ගේ නිෂ්පාදනයවලට ඇතුළත් කරනවා. සුදාලා වගේ ලෝකේ වටේ ඉන්න පාරිභෝගිකයෝ Mobile එකක් ගන්න ගියාම මේ ගැන හිතනවා.

මේ සීන් එකට අමතරව Photo Edit App කියන්නේ වෙන ආතල් එකක් මචෝ. Smart Phone එකක් පාවිච්චි කරන කොල්ලෙක් කෙල්ලෙක් ගාවා අනිවා App එකක් තියෙනවා. ඒක Phone එකේ නැතිවම බැරි අංගයක් වෙලා. අම්මලා තාත්තලා ඕවා දන්නේ නෑ රත්තරං. මේව Private ආතල්. මේ App ගැන හොයලා බලනකොට ඒවගෙ තියෙන පහසුකම් දැක්කම අපි කොරවුණා සහෝ. නහය ලොකු කරන්න පුළුවන් ඇස් පොඩි කරන්න පුළුවන්, මූණ පේෂල් කරන්න පුළුවන් ආයෙත් අහලා පිස්සු කොරයි ඈ.

මචෝ අලුතින් App ආවා ජංගම දුරකථන සමාගම් Option ඇහුවා. මේ Trend එක නිසා Social Media වලත් පට්ට වෙනසක් වුණා. Facebook, Instagram වගේ සමාජ ජාල අයිතිකාරයෝත් මේ Trend එක Continue කරන්න පටන් ගත්තා. අලුත් අලුත් වැඩ කෑලි එයාලාගේ App වලට එකතු කළා. Smart ලෝකේ වැඩේ දරුණුවට නැගලා ගියා. මේ Trend අද වෙද්දී එක පිස්සුවක් වෙලා. Editing නැතුව බැරි පිරිසක් ලෝකේ බිහිවෙලා.

වැඩිපුරම සීන් කෝන් එකේ ඉන්නේ කෙල්ලෝ. කළු ඔක්කොම සුදුවෙලා සුදු උන් පිප්ප පාට වෙලා. සීරාවට මේ සීන් කෝන් එක නිසා Mobile එක Saloon එකක් වෙලා. Candy Cam වගේ App ලංකාවේ පහුගිය කාලේ උන්මාදයක් වෙලා තිබ්බා අපිට මතකයි. මචංලට කියන්න ඒ දවස්වල බුකියම එක Saloon එකක්. කොහොම හරි මේ සීන් එකේ මානසික පැත්තත් අපි බලන්න ඕනෑ. ගොඩක් දෙනෙක් තමන්ගේ රූපය ගැන තෘප්තිමත් නෑ. ඒක තමයි ඇත්ත. අනිත් එක ප්‍රදර්ශන කාමය. ගොඩක් Trend වලදී අපි ඔය ගැන කතා කරලා තියනවා සුන්දයි. තිත්තයි ඒත් ඇත්තයි.

 

► Text - Nisal   /  Pic – Internet