2017 මාර්තු 25 වන සෙනසුරාදා

මැස්සාටත් ගල් කේස්

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

ගිය සතියේ කතාවෙ ඉතිරිටික කියන්නත් ඕන. නමුත් ඒකට මතු සම්බන්ධයි කෑල්ලක් දාලා අද අලුත්ම සීන් කෝන් එකක් ලියන්න වුණා. මුලින්ම කියන්න ඕන වනේ වන මැස්සෙකුටවත් මම මැස්සට වෙච්ච මේ දේ වෙන්න තියන්න එපා කියලා.  මැස්සෙක් කියන්නෙත් මාර පොරක්. ඒ මැසි පොර ඔටුවෙක් වුණ කුජීත ජනක අජූත අවස්ථාවක් ගැනයි මේ කියන්න යන්නෙ. 

අපේ තාත්තා ගිය සුමානේ ගත්තා කාර් එකක්. මෙච්චර කාලෙකට අපි ගියේ මෝටාර් බයික් එකේ. මායි අම්මයි තාත්තයි අයියයි අක්කයි නංගියි මල්ලියි සේරම එකම බයික් එකේ ගමන් බිමන් ගියේ. දවසක් මැසි පොලීසියෙන් අපිව නතර කළා. බයික් එකේ ඉන්න සේරම හෙමින් සැරේ බැහැපල්ලා කියලා කිව්වට නීතියට ගරු කිරීමක් වශයෙන් අපි සේරම එක පාර බැස්සා. බැස්සා නෙමෙයි බැස්සුණා. තාත්තාට කන්ට්‍රෝල් නැතිව බයික් එක පිටින්ම ඇදන් වැටුණා.

යකෝ තෝපි මියුසිකල් ෂෝ එකක් තිබ්බද බයික් එකේ.... 

ඇයි රාළහාමි?

ඇයි බොල මෙච්චර සෙනඟක්. මට කියහන් තොපි කමලා සර්කස් එකෙන්ද?

අනේ නෑ රාළහාමි.. දුප්පත්කමනේ... දඩ නම් ගහන්න එපා...

දඩ ගහන්න පුළුවන්ද බොල මේකට. මම කීයක් හරි උඹට දෙන්නම්. මට කියලා දියන් මෙච්චර සෙනඟක් එක බයික් එකක යන්නෙ කොහොමද කියලා

කොහොම හරි අපේ තාත්තා එහෙම තැන තැන කෝචෝක් වුණා. අපි ඉඩමක් විකුණලා කාර් එකක් ගත්තා. කාර් එක ගත්තදා ඉඳලා අපි හෙණ ලයින්. ඇයි බොල කාර් එකක යනවා කියන්නෙ සෙල්ලම් වැඩක්ය. වාහන එලවන්න බැරි මාත් ඉතින් කාර් පදින්න ගත්තා. ලයිෂන් ඕනම නෑ. මොකද බයික් වගේ නෙමෙයි කාර් නවත්තන්නෙ හරි අඩුවෙන්නේ. කාර් එක ඇවිල්ලා තඩි වටීනා එකක් නම් නතර වෙන්නෙම නෑ. 

දවසක් මම පාරේ යද්දී මගේ ඉස්සරහින් එනවා කොන්ක‍්‍රිට් ගල් පුරවපු ලොරියක්. ඌ ගල් එළියට විසි වෙනවට ඉරිච්ච ඉටි රෙද්දක් දාලා. ඉටි රෙද්ද විසි වෙනවට ඒකට උඩින් ආයි ගල් දාලා. සැරින් සැරේ ගල ගල පාරට වැටෙනවා.
මට ටිකක් කේන්ති ගියා. ඇයි හත්තලාමේ එක ගලක් ඇවිල්ලා වීදුරුවේ වැදුණොත් රුපියල් තිස් හතළිස් දාහක් ඉවරයිනේ. මම කරපු වැඩේ ලොරිය ඉස්සර කරලා නතර කළා.

ඇයි මහත්තයා මොකද?

මොකද? ගල් ගෙනියන්නෙ මෙහෙමද ඕයි...

ඇයි මොකද්ද කේස් එක?

කේස්... ගල් පනිනනවා. එවා වාහනවල වදිනවා. මේ බලනවා ඉටි රෙද්ද දාලා තියෙන්නෙ ඇයි?

ගල් විසිවෙනවට...

ඉටිරෙද්ද උඩට ගල් දාලා තියෙන්නෙ?

ඉටිරෙද්ද විසි වෙනවට...

ඉතින් යකෝ ඉටිරෙද්ද නැතිවම පලයන්කෝ...

මූ මාත් එක්ක ගේමටම ආවා. ගලක් වැදුනනම් කියන්නලු. යකෝ වැදුණට පස්සෙ කියලා වැඩක් තියෙනවාද? හරි ගියේ නෑ. මම කරපු වැඩේ වාහනේ අරන් ආවා පොලීසිය ඉන්නතැනකට.

ලොරිය පස්සෙන් එනවා. 

රාළහාමි අර ලොරිය නවත්තන්න...

මොකද්ද හේතුව හෙමින් සැරේ කියන්න...

ඉතින් හැටට හැටේ යන ලොරිය ගැන හෙමින් සැරේ කියන්න යද්දිම ලොරිය ගියා.

ඔව් කියන්න බලන්න මොකද්ද ලොරිය?

ඒ ලොරිය රාළහාමි ඇත්තටම ලොරියක්...

ඔව් ඉතින්....

ඒකේ තිබුණෙ කොන්ක‍්‍රිට් ගල්...

ඉතින්...

ඉතින් එච්චරයි. මම මේ ගෙදර ඉඳලා තකහනියේ ආවේ ඒක කියලා යන්න. යන්නාන්.....

ඔහොම ඉන්නවා...

ඇයි?

ගන්නවා තමුසෙගෙ ලයිෂන්...

ආන්න එතනදි තමයි මැස්සන් ඉල්ලන් කෑම කියන ප‍්‍රස්ථාව පිරුල පත්තු වුණ වෙලාව. 

මම
හොස්ස ළඟින් ගිය මැස්සා.