2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

රැට්ටා අලුත් පාරක

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 49

Youtube Hit අපිට මඟහැරලා යන්න බැරි වැඩක් පහුගිය දවසක Youtube ඇතුළේ සිද්ධවුණා. රැට්ටාව කියන්නේ අපි කවුරුත් දන්න Youtube තරුවක්. රැට්ටාගේ Channel එක අතුරුදන් වෙලා ආයෙ හම්බවුණ කතාව අපි Youtube Hit වලින් කිව්වා. ඒ මීට මාසෙකට දෙකකට උඩදී. සමහරවිට ඔබට මතක ඇති රැට්ටා Channel එක අතුරුදන් වුණ වෙලාවේ හදපු Backup චැනල් එක. ඒ චැනල් එක දවසක් වගේ ඇතුළත Subscribe පනස්දහසකට කිට්ටු වෙන ප්‍රමාණයක් ලැබුණා. ඒත් පස්සේ රැට්ටාට පරණ Channel එක ආයේ හම්බවුණානේ. ඒ අවස්ථාවේ මේ අලුත් චැනල් එකට මොකක්ද කරන්නේ කියලා සමාජ මාධ්‍ය ඇතුළේ ප්‍රශ්න කළා. ඒ වගේම සමහරු චෝදනා කළා රුට්ටා බොරැවක් කළා කියලා. මොකක්ද මේ අලුත් Channel එක අනුකම්පා Subscribe වලින් තමයි ගොඩනැගුනේ. කොහොම වුණත් මේ චෝදනා හමුවේ රැට්ටා කිව්වේ මේක රසිකයෝ තමන්ට දීපු තෑග්ගක් මේ Channel එක යහපත් කටයුත්තක් වෙනුවෙන් යොදාගන්නවා කියලා.

සමාජ මෙහෙවර අපි මේ සමාජයේ තියෙන අඩුපාඩු හදමු. අපි හැමෝම සන්තෝසෙන් ජීවත්වෙන්න පුළුවන් සමාජයක් හදමු. අපි හැදෙමු. මං ආරාධනා කරනවා ඔබට එක්කහු වෙන්න කියලා ඕගොල්ලෝ මට තෑගි දුන්න අලුත්ම චැනල් එක මෙහෙවර^ට."

මේ කතාව රැට්ටා කිව්වේ අලුත් Channel එක මෙහෙවර විදිහට නම් කරලා. ඒ ගැන රටට කියන්න Video එකක් Youtube ගතකරපු වෙලාවේ. කොහොම වුණත් මේ ගොඩක් පරිවර්තනීය සමාජ ආකල්ප ඇතිවන යුගයක්. ඒ නිසාම Youtube ඇතුළේ රැට්ටා කරන වැඩේ අපිට මඟහැරලා යන්න බැරිවුණා. ලංකාවේ පළවෙනි වතාවට Youtube පිළිබඳව සතිපතා විචාරාත්මක සංවාදයක් ගොඩනගන අපිට, හොඳදේට හොඳයි කියන පුරුද්ද තියෙනවා. ඒ නිසයි අපි අද මේ වගේ කතා ඔබට කියන්න හිතුවේ.

මේ තරම් විශේෂයක් කටයුත්ත වෙනුවෙන් ඇයි කියන කාරණයටත් අපි උත්තරයක් දෙන්න ඕනෑ. ලංකාවේ Youtube Channel බොහොමයක් අද අනුගමනය කරන්නේ බල්ලෝ මරලා හරි සල්ලි හොයලා සොමියේ ඉඳිල්ලා කියන තියරිය. නිර්මාණාත්මක අගයක් නැති සමාජයට අහිතකර ඕනෑම කුණු ගොඩක් Youtube එකට දාලා සල්ලි හොයන්න අපේ සමහර Youtubers ලා සූදානම්. Youtube ආයතන යම් යම් වාරණයන් පාලනයන් මේ වෙනකොට කරමින් ඉන්නවා. ඒත් ඒවාවලට අහු නොවී කුණු විකිණීම මේ වෙනකොටත් Youtube ඇතුළේ ජයටම කෙරෙනවා. මේක මහ හයානක අනතුරක්. අදට නෙවෙයි හෙටට. සමාජ මාධ්‍ය හරහා හටගන සමාජ ගැටලුවලට රටක් විදිහට අපි තාම හරියට නිරාවරණය වෙලා නෑ. ඒත් අනාගතයේ ඒ දේවල්වලට අපිට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවා. එදාට අපිට වැදගත් වෙන්නේ වැදගත් වෙන්නේ ප්‍රතිරූපයක් ඇති Youtube Starts ලා. ඉතින් රැට්ටා මේ පටන් ගන්න වැඩේ අනාගත ආයෝජනයක්.

දෙසැම්බර් මාසේ 20 වැනිදා නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානේදී විශේෂ ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කරලා තමා රැට්ටා වැඩේ පටන්ගන්න යන්නේ. ඉතින් රැට්ටා වෙනුවෙන් අපි ඔයාටත් ආරාධනා කරනවා. අවසාන වශයෙන් කියන්න ඕනෑ කරුණු කිහිපයකුත් තියෙනවා. Subscribe ලා අසූදහසක් වගේ ඉන්නේ මේ Youtube චැනල් එක වාණිජමය අරමුණකින් තොරව මෙහෙයවීම හරිම වටිනවා. ඉදිරියේ දී සමාජයට තියන අපිට නොපෙනන අනතුරු හඳුනාගෙන මෙහෙවරක නිරත වෙන්න පුළුවන් නම් තමා බොහොම හොඳයි. තව මෙහෙවර කියන්නේ පොදු වැඩක් නිසා විශ්වාස, විනිවිදභාවය වගේම සාමූහිකත්වයත් කියන කාරණත් අමතක නොකළොත් තාම හොඳ.

 

► Text - Nisal   /  Pic – Internet