2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

චුල්බුල් ලොක්කයි බාලි මැරයයි

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 113
 
ඔන්න ඉන්දියාවේ එක පළාතක ඉන්ස්පෙක්ටර් කෙනෙක් ඉන්නවා. ඔහුගේ නම චුල්බුල් පාන්‍ඬ්. මේ චුල්බුල් පාන්ඬේ ඒ පළාතේ නීතියට පටහැනි ව්‍යාපාර කර අයගෙන් පගාව ගන්න කෙනෙක්. ඔහු තමන් යටතේ සේවය කරන නිලධාරීන්ටත් හොඳට සළකනවා. මේ පළාතේ ඉන්නවා බාලි සිං කියලා මැරයෙක්. මේ බාලි සිං කරන්නෙම නීතී විරෝධි වැඩ. ඉතින් ඔහුගේ ව්‍යාපාරවලින් පීඩාවට පත්වෙන සාමාන්‍ය ජනතාව චුල්බුල් බේරගන්නේ කොහොමද කියලා දැනගන්නනම් අපිට තව ටික දවසක් බලාගෙන ඉන්න වෙනවා. හරියටම දවස කියනවනම් ඒ 2049 දෙසැම්බර් 20 වැනිදා. එදාට තමයි දබාන්ග් 03 හින්දි සිනමාපටය තිරගතවෙන්නේ.
 
දබාන්ග් 03 හින්දී සිනමාපටයේ අධ්‍යක්ෂණය ජනප‍්‍රිය සිනමා නළුවෙක්, නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන ප‍්‍රභූ දේවා විසින් සිදු කර තියෙන අතර එය නිෂ්පාදනය කර තියෙන්නේ සල්මාන් ඛාන් සහ ඔහුගේ සහෝදරයා වන අර්බාස් ඛාන් සහ නිඛිල් ද්වීවේදී. දිලිප් ශුක්ලා විසින් දෙබස් ලියා තියෙන දබාන්ග් 3 හින්දි සිනමාපටයේ තිර රචනය සල්මාන් ඛාන්, ප‍්‍රභූ දේවා සහ ආලොකේ උපද්යායා විසින් සිදු කර තිබෙන අතර මේ සිනමාපටයේ කතාවත් සල්මන් ඛාන්ගේම වීම විශේෂත්වයක්.
දබාන්ග් 03 හින්දි සිනමාපටයේ චරිතවලට පණ දෙන කට්ටිය ගැන කියන්නයි දැන් සූදානම. ඉන්ස්පෙක්ටර් චුල් බුල් පාන්ඬ්ගේ චරිතයට පණ පොවන ඔබ අපි ආදරේ කරන ඔහු ගැනයි මුලින්ම කියන්නේ. 1965 දෙසැම්බර් 27 වැනිදා ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ්හි ඉන්ඩෝර්වල ඉපදී තියෙන ඔහු දැනට ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බයිවලයි ජීවත් වෙන්නේ. ඉන්දියානු ජාතිකයෙක් වන ඔහු නළුවෙක්, නිෂ්පාදකයෙක්, ගායකයෙක් වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ද වෙනවා. නැෂන්ල් අවෝර්ඩ් 02 ක් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන දෙකක් තමන්ගෙ නමට වෙන් කරගන්න සමත් වුණු මේ නළුවා 1988 පටන් බොහෝ සිනමාපටවල චරිතයන්ට පණ පොවලා තියෙන අතර මෙන්න මේ එයින් කිහිපයක් විතරයි.
 
Biwi Ho To Aisi (1988), Maine Pyar Kiya (1989). Hum Aapke Hain Koun..! (1994), Karan Arjun (1995), Biwi No.1 (1999), Hum Saath-Saath Hain (1999). Dabangg (2010), Ready (2011), Ek Tha Tiger (2012), Kick (2014), Sultan (2016) Tiger Zinda Hai (2017). Tere Naam, (2003) Mujhse Shaadi Karogi (2004) No Entry (2005).2018Race 3,2019 Notebook
 
කවුරු ගැනද කියන්නේ කියලා දැනටමත් ඔබ දන්නවනේ නේද? ඔහුගෙ පියා අලීම් ඛාන්, මවගේ නම සල්මා ඛාන්. අපි මේ කියන කෙනාගේ වම් අත ඔහුගේ සහෝදරයන් වන අර්බාස් ඛාන් වන අතර ඔහුගේ දකුණත සොහේල් ඛාන්, මේ කියන්නේ සල්මාන් ඛාන් ගැන කියලා හිතවත් සඟවන්න දෙයක් නැහැනේ. ඔව් ඔබ හරි ඉන්ස්පෙක්ටර් චුල් බුල් පාන්ඬේගේ චරිතයට පණ පොවන්නේ සල්මාන් ඛාන්. ඔහුගේ බිරිඳගේ චරිතයට පණ පොවන ඒ සුරෑපිනිය ගැනයි දැන් කියන්න හදන්නේ.
චුල්බුල්ගේ බිරිඳ රජ්ජෝ පාන්ඬේගේ චරිතයට පණ පොවන ඒ සුරෑපිණිය 1987 ජුනි 02 වැනිදා ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ පට්නාවලයි ඉපදුණේ. දැනට ඇය ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බයිවලයි ජීවත් වෙන්නේ. 2010 වසරේ පටන් ඇය නිළියක් වගේම ගායිකාවක් විදිහටත් හින්දි සිනමාව නියෝජනය කරනවා. මෙන්න මේ සිනමාපටවලින් ඇය ඔබගේ ආදරය දිනා ගන්න සමත් වුණා.
 
Rowdy Rathore (2012), Son of Sardaar (2012), Dabangg 2 (2012) and Holiday: A Soldier Is Never Off Duty (2014), Lootera (2013), Mission Mangal (2019), Tevar (2015)Once Upon A Time In Mumbai Dobaara,Bullett Raja,R... Rajkumar,2016 Akira,Force 2,2018 Welcome to New York,Kalank,
 
ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු විවිධ සිනමා සම්මාන උළෙලවලින් සම්මාන තමන්ගේ නමට වෙන් කරගන්න සමත් වුණු ඇය ජනප‍්‍රිය හින්දි සිනමා නළු සහ දේශපාලකයෙක් වන ශත්ශෘගන් සිංහගේ සහ පූනම් සිංහාගේ දියණිය සෝනක්ෂි සිංහා. ඇය තමයි මේ සිනමාපටයේ චුල්බුල් පාන්ඬේගේ බිරිඳගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ දබාන්ග් 03 හින්දි සිනමාපටයේ දුෂ්ටයාගේ චරිතය නිරූපණය කරන ඔහු ගැනයි. 1974 සැප්තම්බර් 02 වැනිදා ඉන්දියාවේ කර්නාටක් ප‍්‍රාන්තයේ ශිමෝගාවල ඉපදී දැනට ඉන්දියාවේ කර්නාටක ප‍්‍රානත්යේ බැන්ගලෝර්වල ජීවත් වෙන 1997 වසරේ පටන් සිනමා නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකයෙක් තිර රචකයෙක් සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් සහ ගායකයෙක් විදිහට කටයුතු කරන කෙනෙක් තමයි බාලී සිංගේ චරිතයට පණ පොවන්නේ. ඔහු කණ්ණඩා, තෙළිඟු, දමිල සහ මලයාලම් සිනමාපටවල විවිධ චරිත නිරූපණය කළා. මෙන්න මේ එයින් සිනමාපට කිහිපයක්.
 
Sparsha (2000), Huchcha (2001), Nandhi (2002), Kiccha (2003), Swathi Muthu (2003), My Autograph (2006), Mussanjemaatu (2008), Veera Madakari (2009), Just Maath Maathalli (2010), Kempe Gowda (2011)
ප‍්‍රියා රාධාක‍්‍රිෂ්ණා එක්ක 2001දී විවාහ වුණු ඔහුට එක දරුවෙක්ද ඉන්නවා. ඔහුගේ නම සුදීප් සන්ජීව්. ඔහු තමයි බාලී සිංගේ චරිතයට පණ පොවන්නේ.
 
ඔය කිව්ව කට්ටියට අමතරව සායී මන්ජේකර්, අර්බාස් ඛාන්, අමෝලේ ගුප්තේ, මහී ගිල්, තින්නු ආනන්ද්, නිකිතින් දීර්, ප‍්‍රමෝද් ඛන්නා, නවාබ් ශාහ්, සර්ෆරාස් ඛාන්, අභිලාශ් චවුද්‍රි, මිලින්ද් ගුනජි, රේශ් ලම්බා, සන්තෝෂ් ශුක්ලා, මහේෂ් මන්ජේ‍්‍රකර් විවිධ චරිතයන්ට පණ පොවද්දී ප‍්‍රීති සින්ටා ආරාධිත රංගනයක නිරත වෙනවා.
 
මේ දබාන්ග් 03 හින්දි සිනමාපටයේ රූගතකිරීම් 2017 ඔක්තෝබර් ඉන්ඩෝර්වල තමයි ආරම්භ කරලා තියෙන්නේ.
දබාන්ග් 03 හින්දි සිනමාපටයේ තියෙන මන බඳින ගීතයන් සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ සජිද් - වජිද්. එහි ගේය පද රචනය කාලා තියෙන්නේ ජලීස් ශෙර්වානී, දනිෂ් සබී‍්‍ර, සමීර් අන්ජාන්, සජීද් ඛාන් සහ ඉර්ෆාන් කමල් විසිනුයි. ඒවාට පණ දෙන්න තමන්ගේ හැඩ කාර හඬ මුසු කරලා තියෙන්නේ ජාවේද් අලී, සල්මාන් ඛාන්, පායල් දේව්, මම්තා ශර්මා, මුකාන්, ශ‍්‍රියා ගෝෂාල්, ජුබින් නවුටියාල් සහ සල්මාන් අලි විසිනුයි.
 
 
Translation — Chandana