2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

Super Dancer ආශිංසනාට අාශිර්වාදයක්

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 115

නොවැම්බර් මස විසි තුන්වැනි සෙනසුරාදා රාත්‍රිය කොළඹ නෙළුම් පොකුණ ජාතික රඟහල අපූරු සුන්දරත්වයක් ඉසිලුවා. විශාල කලාකරුවන් කලාකාරියන් ඇතුළු රැසක් සහභාගී වූ මෙම උත්සවය හිරු Super Dancer* නම් වුණා. දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් මෙම රාත්‍රියේ අයිතිකාරිය වූයේ මිහින්තලයේ සිට පැමිණි නෙත්මි ආශිංසනායි.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති වූ රේනෝ සිල්වාගේ සංකල්පනාවකට අනුව ආරම්භ වූ හිරු Super Dancer අවසන් තරගාවලියට තරගකරුවන් පස් දෙනකු තේරී පත්ව සිටියා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ මුල්ලේරියාවෙන් තරග වැදුණ දෙනෙත් ආකර්ෂ, කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව ප්‍රදේශයෙන් තරග වැදුණු නෙත්මි සත්සරණි, කොළඹ දිස්ත්‍රික්කයේ මත්තේගොඩින් තරග කළ අගසි දෙව්නි වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලයෙන් තරග වැදුණු නෙත්මි ආශිංසනාත් මේ අවසන් තරගාවලියට එක්ව සිටියා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පන්නල ප්‍රදේශයෙන් තරග කළ ලකිඳු නිමේෂ්ද මේ පස්දෙනා අතරට තේරී පත්වූවා.

අති උත්කර්ෂවත් අවසන් මහ තරග රාත්‍රියේදී මෙම සුපිරි පුංචි නැට්ටුවන් පස්දෙනාම ජනතා ආශීර්වාදයෙන් කරට කර තරග වැදුණා. අවසානයේදී හිරු සුපිරි නර්තන තරුව ලෙසින් වැඩිම ප්‍රේක්ෂක මනාපයක් ලබා ජයග්‍රහණය හිමිවූයේ මිහින්තලයේ නෙත්මි ආශිංසනාටය.

මෙම ජයග්‍රහණයත් සමඟ නෙත්මිට හිරු රන් කුසලානය සහ ලක්ෂ විසි තුනකට වඩා වටිනා ඉලෙක්ට්‍රික් මෝටර් රථයක්ද හිමිවූවා. එපමණක් නොව තම නිවසට අවශ්‍ය ගෘහභාණ්ඩ මෙන්ම තවත් ලක්ෂ දහයකට වඩා වටිනාකමින් යුත් වව්චර් පත් කිහිපයක් හිමිවූවා. නෙත්මිට නර්තනය ඉගැන්වූ නර්තන ආචාර්යවරයා වූ ප්‍රදීප් රාජවික්‍රමටද මෙහිදී කුසලානයක් ලක්ෂ දෙකහමාරක් වටිනා යතුරු පැදියක් අඟල් 42 LED රූපවාහිනියක්ද තෑගි ලැබුවා.

මෙම උත්කර්ෂවත් රාත්‍රියේදී තම නර්තනයන් උදෙස් අනුශූරතාවය දිනා ගන්නේ ලද්දේ මත්තේගොඩ සිට තරගයට ඉදිරිපත් වූ අගසි දෙව්නිය. අගසිගේ ජයග්‍රහණය වෙනුවෙන් අනුශූරතා කුසලානය සහ මුදල් වවුචර් ඇතුළු නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩද හිමිවූවා. එමෙන්ම ඇයගේ නර්තන ආචාර්යවරයා වූ කවිඳු මධුශාන්ටද මෙහිදී ත්‍යාගයක් හිමි වූවා.

හිරු Super Dancer – Season 2 අවසන් මහ තරගය අති උත්කර්ෂවත් ලෙසින් සුපිරි පුංචි නැට්ටුවන්ගේ සුපිරි නර්තනයන් සමඟ කලා ලොව බබළන කලා තරු සිය නර්තනයෙන්ද අවසන් මහ තරග රාත්‍රිය වර්ණවත් කළා.

 

► Text - Dishani