2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

Dentist Beyond Dentistry

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 244

සිත නිවන ප්‍රබුද්ධත්වයේ මාර්ගය කලාවයි. වරෙක කලාව අප කැටුව යන්නේ වින්දනීය ඉසව් වෙතය. තවත් වරෙක කලාව අප ප්‍රබෝධයේත්, අවබෝධයේත්, ප්‍රඥාවේත් නෙක ඉසව් කරා රැගෙන යයි. 

කලාව වෙනුවෙන් වෙන් කළ පැය ගණනක සොඳුරැ ප්‍රාසාංගික අත්දැකීමක් අපි විඳගත්තේ නොවැම්බර් 9 වැනිදා හැන්දෑවේ පේරාදෙණිය සරසවියේදී. ශ්‍රී ලංකා දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ මහනුවර ශාඛාව සහ පේරාදෙණිය දන්ත වෛද්‍ය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කළ මේ ප්‍රාසාංගික සන්ධ්‍යාව නම් කර තිබුණේ Dentist Beyond Dentistry යන නමින්. උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක, පීඨාධිපති වජිර ජයසිංහ ඇතුළු ආරාධිතයන් රැසක් එක්වූ මේ කලා උ‍ෙළල ගීතය හා කලාව පිළිබඳ විචාරාත්මක ‍ද‍‍ෙසුම් වලින් මෙන්ම නැටුම්‘‘, ගැයුම්, වාදන ආදී කලා අංග රැසකින් සමන්විත වුණා. මේ හැම කලා අංගයක්ම ඉදිරිපත් කළේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් වීමත් සුවිශේෂී දෙයක්.

ගී පද රචක සාහිත්‍ය හා කලා විචාරක දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර විසින් රචිත ගීතයකින් ජීවිතය කියවමු ග්‍රන්ථය පීඨාධිපති වජිර ජයසිංහ වෙත පිළිගැන්වීම ද ඒ කලා උළෙලේදී සිදු වූ තවත් එක් විශේෂත්වයක්.
මෙවර event of the week හැඩ වෙන්නේ ඒ කලා උළෙලේ විචිත්‍ර සේයාරූවලින්.