2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

මන්දාරා මුහුරත් දා....

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 128

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන නවතම සිනමා නිර්මාණය මන්දාරා හි මුහුරත් උළෙල පසුගියදා ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්විණි. යෞවනය, ආදරය, මානව බැඳීම්, සාම්ප්‍රදායික මතිමතාන්තර විසින් පෙළෙමින් තරුණ යුවළක් හා කුඩා දැරියක් ඒ සියල්ලට අභියෝග කරන්නට ගන්නා උත්සාහය පිළිබඳ කතාවක් රැගත් මෙම චිත්‍රපටය මහේන් පෙරේරාගේ නිෂ්පාදනයකි. 

මේඝ සූරියආරච්චි, බිමල් ජයකොඩි, චුලක්ෂි රණතුංග, චානුක ප්‍රබුද්ධ, සේමිණී ඉද්දමල්ගොඩ, චාන්දනී සෙනෙවිරත්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, අජිත් ලොකුගේ, හිමාලි සයුරංගි, සහේලි සදිත්මා සතරසිංහ (ළමා නිළි) ඇතුළු නළු නිළියන් රුසක් රඟපාති. 
තිර රචනයෙන් ප්‍රියන්ත කොළඹගේ සහ වජිර කස්තුරි, අංගරචනයෙන් නලින් ප්‍රේමතිලක, කැමරාකරණයෙන් රුවන් කොස්තා, සංස්කරණයෙන් මේඝ කාවින්ද කොළඹගේ, සංගීතයෙන් මිලින්ද තෙන්නකෝන්, සහාය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්ත මන්දාරා චිත්‍රපටයට දායක වී සිටිති.

I සේයාරූ: සුමුදු හේවාපතිරණ