2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

අලුත් රහක් ගැන කියන්න චුලක්ෂිත් ඇවිත්

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:31 259

දිලිහෙන රත්තරන් පාට ගවුමක් ඇඳගෙන ආව චුලක්ෂි අපි ලස්සනටම දැක්ක දවස එදා කියලා හිතුණ තරමට ඇය එදා ලස්සනයි. උස, හැඩකාර, ලස්සන ඡවි වර්ණයක් වගේම හරිම හිත් ඇදගන්නා ආකර්ෂණීය සුන්දර මුහුණක් තියෙන චුලක්ෂි එදා ඇවිත් හිටියෙනම් වෙනස්ම වැඩකට. චුලක්ෂි වගේම සරිගම චිත්‍රපටයේ කැප්ටන්ගේ චරිතය ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය දැඩිව දිනාගත් කඩවසම් නළුවෙක් වෙච්ච අශාන් ඩයස් ඇතුළු කලාකරුවන් කිහිපදෙනෙක්ම එදා රාත්‍රියේ Movenpick hotel Colombo ඇවිත් හිටියේ WAFL රස ගැන කට්ටියට කටට රහට කියා දෙන වැඩකට එකතු වෙන්න.

WAFL කියන්නේ ලෝකයම දැනහඳුනන ගෝලීය සන්නාමයක්. WAFL අවන්හල් ජාලයේ පළමුවැනි අවන්හල කොළඹ ෂැංග්‍රිලා මෝල් පරිශ්‍රයේදී ඔන්න දැන් විවෘතයි. WAFL අවන්හලට ගියොත් උණුසුම් හොංකොං හා බෙල්ජියම් WAFL එක්ක දිව පිනවන WAFL අයිස්ක්‍රීම්, නැවුම් පළතුරු සාරයෙන් යුත් පළතුරු යුෂ, ක්‍රිස්පි කුකීස් හා විවිධ නට්ස් වගේම WAFL Corndog, WAFL Sandwich, WAFL Pie, WAFL pizza වගේම නිර්මාංශ ආහාරත් රස බලන්න පුළුවන්.

එදා WAFL සන්නාමයේ ජාත්‍යන්තර අලෙවි ප්‍රධානී ඩෙනිස් එෆිමොවික් කිව්වේ ජාත්‍යන්තර සංචාරකයන්ගේ අංක එකේ සංචාරක පාරාදීසයක් වන ලංකාවට WAFL නාමය රුගෙන එන්න ලැබුණ එක රැසියාවෙ ඉන්න එයාලට හරිම සතුටක් කියලයි.

WAFL සන්නාමයේ ශ්‍රී ලාංකික මෙහෙයුම් කටයුතු සිදු කරන Go eats පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ තරිඳු දිසානායක කිව්වේ ලංකාවේ අවන්හල් 13කදී WAFL රස විඳින්න ලාංකිකයන්ට ඉඩ ලැබෙන බවයි. WAFL ගැන කතා කරලා ඉවර වුණහම වේදිකාව විවර වුණේ ලස්සන නර්තන අංග කිහිපයක් වෙනුවෙන්. රතු වයින් එකක් බොන ගමන් WAFL ගැන කතා කරන්නත් ඊටපස්සේ කට්ටියට ඉඩ ලැබුණා. විශේෂයෙන්ම දක්ෂ නිරූපිකාවක් වගේම නිළියක් වන චුලක්ෂිත් එක්ක සෙල්ෆියක් ගහන එක ඒ රාත්‍රියේ හුඟක් අයට ලස්සන මතකයක් වුණා. ඒකත් WAFL වගේම රස මතකයක් ‍වෙයි කියලා තමා ඒ සෙල්ෆි උනන්දුව දකිද්දී අපිට හිතුණේ..

 

 ► Pic – Sumudu