2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

දත් ගැලවිල්ලයි උපදෙස් මල්ලයි

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 51

පහුගිය සතියේ Trending ආපු දතේ අමාරුව Video එක ගැන තමා අද අපි කතා කරන්නේ. ජනයි ප්‍රියයි Youtube Channel එකෙන් තමා මේ වැඩේ කරලා තිබ්බේ. ඉතාම කෙටි වීඩියෝ එකක්... විනාඩියයි තත්ත්පර දෙකයි. ඒත් Trending එන්න තරම් දෙයක් මේ විනාඩිය ඇතුළේ තිබ්බා. අපි බලන්නේ ඒ ගැන.

Youtube ඇතුළේ ඉතා කෙටි කාලයක් ඇතුළේ ලොකු හාස්‍යයක් මවන්න පුළුවන් Youtubers කිහිප දෙනෙක් ඉන්නවා. අපි ඒ අයව Youtube Hit ඇතුළේ නිරන්තර අගය කිරීමට ලක්කරනවා. ඉතින් ඒ අය අතරින් ජනයි ප්‍රියයි මුල්පෙළේ ඉන්නවා කියන එක මතක් කරන්න ඕනෑ. මේ වීඩියෝ එකේ දී භාවිත වෙන්නේ ඉතාම සීමිත රූපරාමු සංඛ්‍යාවක්. හැබැයි ඒ තුළ ජනාගෙයි ප්‍රියාගෙයි හැඟීම් ප්‍රකාශ හොඳට ග්‍රහණයට කරගෙන තියෙනවා. වැඩේ කෙටි වුණත් කොලිටි කරගන්න අවශ්‍ය දේවල් මේ ඇතුළේ සම්පාදනය වෙලා තිබ්බා. කැමරා කෝණ වුණත් ඉතා උචිත විදිහට සරලව භාවිතයට අරගෙන. ඒ වගේම දර්ශන තලය කලා අධ්‍යක්ෂණය වගේ කරුණු සම්පූර්ණ වෙලා තියෙන්නේ ගැලපෙන විදිහට. කොහොම වුණත් මේ වගේ දේවල් ගැන ගැන සැලකිලිමත් වීමම මේ නිර්මාණය Trend වෙන්න හේතුවක්.

දතේ අමාරුව Video එකේ කතාව ගැන කතා කළොත් ඉතාම සරලයි. දත් දොස්තර කෙනෙක් ළඟට බෙහෙත් ගන්න එන්න රෝගියෙක්ට දොස්තර දෙන උපදෙස් තමා මේකේ තියෙන්නේ. දතේ අමාරුව නිසා රෑට නින්ද යන්නේ නැති ලෙඩාට මේ දොස්තර දෙන උපදෙස ගැන හරියටම බලාගන්න ඕනේ නම් ඔබටත් මේ වීඩියෝ එක බලන්නම වෙනවා. දෙබස් ගැන කියනවා නම් ලොකු ගැටලුවක් නෑ. කොහොම වුණත් තව ටිකක් ප්‍රබලතාව වැඩි කරගන්න හැකියාවක් නොතිබුණා නෙවෙයි කියලා අපිට හිතෙනවා. සාමාන්‍යයෙන් ජනයි ප්‍රියයි දෙබස්වල තියෙන්නේ මේ වගේ ගලා යාමක්. එක්ක මේ දෙන්නගේ ස්ටයිල් එල කියලා කියන්නත් පුළුවන්. කොහොම වුණත් ඔවුන් වෙනසක් කරලා බලනවා නම් දැන් කාලේ හරි.

කොහොම වුණත් ලංකාවේ Youtube ගැලරියේ ඩේටා අර්බුදයට හොඳම විසඳුම Janai Priyai. මේ කතාව අපි කලිනුත් කියලා තියෙනවා. අද වෙනකොට Subscribe තුන් ලක්ෂ අනූ එක් දහසක් ඔවුන් සතුවෙලා තියෙන්නේ ඒ නිසාමයි. මේ වීඩියෝ එක ගත්තාමත් ලක්ෂ තුනකට ආසන්න Views ප්‍රමාණයක් තිබ්බා අපි බලන වෙලාවේ. ඇත්තෙන්ම මේ Youtubers ලා දෙන්නාගේ තියෙන විශේෂත්වය නිසා තමා මේ වගේ ප්‍රේක්ෂකාගාරයක් ඔවුන්ට නිර්මාණය වෙලා තියෙන්නේ. අද වෙනකොට පුංචි තිරය ආක්‍රමණය කරන්නත් මේ දෙන්නා සමත්වෙලා තියෙනවා. ලංකාවේ Youtube හරහා මතුවෙලා රූපවාහිනී මාධ්‍ය ස්පර්ශ කරපු සීමිත Youtubers ලා ප්‍රමාණය අතරින් මේ දෙන්නා ප්‍රමුඛයෝ කියලාත් අවසානයේදී අපි මතක් කරන්න ඕනෑ.

 

► Text - Nisal   /  Pic – Internet