2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

Boss and පියන්

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

අද අපි කතා කරන්නේ Blok, Dino Youtube Chanel එකෙන් කරපු Office හොරා පොලිස් වීඩියෝ එක ගැන. පහුගිය දවසක මේ වීඩියෝ එක Trending ඇවිල්ලා තිබ්බා. කොහොම වුණත් වෙළඳ පරමාර්ථයකුත් මේ වීඩියෝ එකේ අන්තර්ගතයි. ඒත් නිර්මාණාත්මක අගය අතින් නම් Youtube නිර්මාණයක් විදිහට මේක ඉහළ තැනක තිබෙනවා.

දින හතරක් ඇතුළත Views ලක්ෂ හතරහමාරක් විතර ලබාගත්තු මේ වීඩියෝ එක විනාඩි පහයි තත්පර පනස් තුනක් පුරා දිවෙනවා. තේමාව වෙන්නේ Office එකක Boss කෙනෙක් සහ පියන් කෙනෙක් අතර ඇතිවෙන කතාවක්. Office එකේ ලොක්කාගේ ෆෝන් එක නැතිවෙනවා. සැකය එන්නේ පියන්ට. ඉතින් බොස් පියන්ව ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීමේ රටාව වගේ ක්‍රමවේද ඇතුළේ තමයි මේ නිර්මාණය ආකර්ෂණීය වෙන්නේ. අපි කිව්වාට රසය මතු වෙන්නේ නෑ එක බලලාම තීරණය කරන්න ඕනෑ.

Blok, Dino Youtube Chanel එක Subscribe එක්ලක්ෂ විසිදාහක් විතර තියෙන Channel එකක්. මේක කරන්නේ Gehan Blok සහ Dino Corera. මේ දෙන්නා කරන නිර්මාණවල සාමාන්‍යයෙන් වෙනස් හැඩයක් තිබෙනවා. තරමක් Office Type නැත්නම් පොෂ් Type නිර්මාණ තමා ඔවුන් කරන්නේ. ඒ වගේම කාන්තා චරිත නිරෑපණය නිසා තමා Youtube ඇතුළේ මේ දෙන්නා ගොඩක් ජනප්‍රිය වුණේ. කොහොම වුණත් ඔවුන් තුළ හොඳ රංගන ප්‍රතිභාවක් තියෙනවා කියලා මේ නිර්මාණය තුළින් ඔප්පු වෙනවා. අවස්ථා නිරූපණ, හැඟීම් ප්‍රකාශන, වාචික අභිනය, ප්‍රශස්ථ මට්ටමක් ගත්ත නිර්මාණයක් විදිහට අපි මේක හඳුන්වනවා.

මේ නිර්මාණයේ සිනමානාත්ම ස්වරෑපය තියෙනවා කිව්වොත් ඒක සාධාරණයි. කෙටි චිත්‍රපටක් වගේ කිව්වත් වරදක් නෑ. ප්‍රධාන දේ තමයි නිරෑපණය වගේම තාක්ෂණය ඉතා ඉහළ තත්ත්වයක තිබීම. එකම දර්ශන තලයක් Office Room එකක් ඇතුළේ තමයි සම්පූර්ණයෙන්ම කතාව යන්නේ. ඊට අමතරව රූපරාමු දෙකක් වගේ පිටින් අරගෙන තියෙනවා. එකම තැනක රූපගත කිරීම කළත් කැමරා කෝණ භාවිතාව ආලෝකකරණය වගේ දේවල් මනාව භාවිතාව නිසා මේ තුළ ඒකාකාරී බවක් අපි දකින්නේ නෑ. ඒ වගේමයි සංස්කරණ කියන කාරණය ඉතාම හොඳ මට්ටමක තියෙනවා කියන එක අපි පිළිගන්න ඕනා.

මේ සියල්ල මෙහෙම වෙන්නේ පිටපතේ සහ අධ්‍යක්ෂණයේ දක්ෂතාව මත කියන එක පැහැදිලියි. ඊට අමතර කාටත් මඟහැරී ගිය දෙයක් මේ නිර්මාණයේ ප්‍රබලතාවයට හේතුවෙලා. ඒ තමා Sounds Editing කියන කාරණාව. ඒ තුළින් මේ නිර්මාණයට සිනමානාත්ම ගතියක් එකතු වෙලා තියෙනවා. මේ සියල්ලේම එකතුව හරහා තමා අවසාන වශයෙන් මේ නිර්මාණය කාගේත් ආකර්ෂණය ලබාගත්තේ. Blok, Dino මේ මාදිලියේ නිර්මාණය වැඩිපුර කරනවා නම් හොඳයි කියන එක තමා අපේ අදහස. 

 

► Text - Nisal   /  Pic – Internet