2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

රෑ ඉරපානේ ඒ....රාත්‍රිය මනරම්

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 114

ඒ රාත්‍රිය මනරම්.. අකුරු ගෙත්තමකින් වචන වියමනකට අමුණන්න බැරි තරම් භාවාත්මක සංධ්වනියක අප අපේ ලොවක් තුළ හුදෙකලා කළ ඒ රාත්‍රිය  මනරම්... රෑ ඉරපාන හා දැහැන්ගත වෙද්දි හදවත වෙලාගත්තේ එහෙම හැඟීමක්... වදන් සැඳැල්ලේ ඉසියුම්ව ‍පෙරාගත් සොඳුරුතම උච්චතමය වනාහි බන්දුල නානායක්කාරවසම්ගේ ගීතයයි. ඒ හැර වෙන කුමක් කියන්නද? රෑ ඉරපානේ ගැයුණු සහ නොගැයුණු බන්දුල නානායක්කාරවසම්ගේ ගී ගැන...

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති රෑ ඉරපාන ප්‍රසංගයට සහෘද රසික විසල් ජනකායක් මෙන්ම බන්දුල නානායක්කාරවසම්ගේ හෘදයාංගම ඇරයුම අනුව පැමිණි පිරිසක් ද සිටියා. මහාචාර්ය සමන්ත හේරත්, ප්‍රවීණ කිවිවර බුද්ධදාස ගලප්පත්ති, ෆාස්ට් ඇඩ් සහ ෆාස්ට් පබ්ලිෂින් අධිපති ප්‍රේම් දිසානායක, රේණුකා බාලසූරිය, ගීත සහ කලා විචාරක දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර එහි ආරාධිතයන් අතර විශේෂයි. මේ ඉරිදා අපේ EVENT OF THE WEEK වෙන්කළේ රෑ ඉරපානේ මතක සමුච්චයක් වෙනුවෙන්.