2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

Youth First

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 15

2015 ජනාධිපතිවරණයෙන් පසුව සිය ප‍්‍රථම ඡන්දය ජනාධිපතිවරණයක් සඳහා භාවිත කරන තරුණ ඡන්දදායකයන් මිලියනයක් බලගන්වමින් ආරම්භ කළ youth First තරුණ සමුළුව පසුගිය සිකුරාදා සවස 4.00 ට කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්වුණි. එහි ප‍්‍රමුඛ අරමුණු බවට පත් වූයේ ඡන්ද පොළ වෙත තාරුණ්‍යය කැඳවා ගැනීම, තාරුණ්‍යය දේශපාලන ප‍්‍රවාහයට නැඹුරු කිරීම තුළින් ඔවුන්ගේ නියෝජනයට ඉඩ සලසා දීම, මැතිවරණ සමය තුළ සමාජ මාධ්‍යය භාවිතයේ දී ප‍්‍රවේසම් වීම සහ විනයක් ඇතිව එය භාවිත කිරීම ඇතුළු කාරණාවන්ය.

My First Vote සංවිධානය, Facebook ආයතනය, ශ්‍රී ලංකා මැතිවරණ කොමිශන් සභාව සහ ICTA ආයතනය එකමුතුව මෙම තරුණ සමුළුව සංවිධානය කර තිබුණි.