2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

එහෙන් ඇහෙන බ්කිනි කතා-02

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

09. ශිල්පා ශෙට්ටි 
- දෝස්තානා

ශිල්පා ශෙට්ටි දෝස්තානා හින්දි සිනමාපටයේ හඳුන්වා දෙන ගීතයේ මියාමි වෙරළ තීරයේ රූගත කළ දර්ශනයක බිකිනියකින් සැරසී ඉතාම සරාගී දර්ශනයකට පෙනී ඉන්නවා. ෂට් අප් ඇන්ඩ් බවුන්ස් තමයි ඇය පෙනී හිටිය දර්ශනයේ ගීතය වුණේ. බිකිනියෙන් සැරසී ඇය කරන ලද අපූරූ නර්ථනය ඒ සිනමාපටය නැරඹූ ශිල්පාට ආදරය කරන ෆෑන්ස්ලාගේ හිතෙන් කවදාවත් අමතක නොවන දර්ශනයක් බව ලියා තියන්නම ඕන.

10. සනී ලියෝන් 
– ජැක්පොට්

සනී ලියෝන් හින්දි සිනමාවට ප‍්‍රවිෂ්ඨ වෙන්න කලින් මොනවගේ සිනමාපටවලටද රංගනයෙන් දායක වුණේ කියන්න අවශ්‍ය නැහැනේ. නමුත් හින්දි සිනමාවේ රිදී තිරය සඳහා සනී ලියෝන් ප‍්‍රථම වතාවට පෙනී ඉන්නේ 2013 වසරේදී. ඒ ජැක්පොට් කියන හින්දි සිනමාපටයේ. සනීගේ සරාගී බව අපි කියන්න ඕන නැහැනේ නේද? ඇය ඇගේ මන බඳින මනස්කාන්ත හැඩකාර සිරුරෙන් බොලිවුඩයම වශී කළා කියලා තමයි ඇයට ආදරය කරන සිනමාලෝලීන්නම් කියන්නේ.

11. බිපාෂා බාසූ 
- ප්ලේයර්ස්

බෙංගාලයේ බෝම්බය නමින් හඳුන්වන බිපාශා බාසූ පළවෙනි වරට හිඩ්න්හි සිනමාපටයක බිකිනියකින් සැරසුණේ ප්ලේයර්ස් සිනමාපටයෙන් කියලා තමයි ආරංචි වෙන්නේ.

12.සෝනල් චවුහාන් - 
3G

3G කියන හින්දි සිනමාපටයේ රංගනයෙන් හැඩ කරන සොනාල් චවුහාන් ඒ සිනමාපටයේ දර්ශනයක් සඳහා රතු පාට බිකිනි විලාසිතාවකින් පළමු වතාවට සැරසී ඉන්නවා. ඇය මුහුදු වතුරේ ඉඳන් වෙරළ දිහාවට එද්දී හිසකෙස් සුළඟට දඟකමින් ඇගේ රූ සපුවෙන් ඇගේ ප්‍රේක්ෂකයන් කුල්මත් කළා කියලා තමයි ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. ඇය තිරය ගිනි තියනවා කියලත් ඔවුන් වැඩිදුරටත් කියා තිබුණා.

13. ආදිති රා ඕ හයිද්‍රි 
– බොස්

2013 වසරේදී ප්‍රථම වතාවට හින්දි සිනමාපටයක ජවනිකාවක පෙනී හිටිය කෙනෙක් තමයි අදිති රා ඕ හයිද්‍රි කියන්නේ. ඇය රෝස සහ තැඹිලි පැහැති බිකිනියකින් සැරසී හිටියේ බොස් කියන සිනමාපටයේ ජවනිකාවක් වෙනුවෙනුයි.

14. ජැකලින් ෆර්ඩිනෑන්ඩස් 
- මර්ඩර් 02

ශ්‍රී ලාංකික සුරෑපිනිය වන මිස් වර්ල්ඩ් තරගාවලියෙන් පස්සේ හින්දි සිනමාව ජයගත්ත ජැකලින් 2011 වසරේදී මර්ඩර් 02 හින්දි සිනමාපටයේ ෆිර් මොහබ්බතීන් කියන ගීතයේ දර්ශනයක් සඳහා බිකිනියකින් සැරසී සිනමාපටය හැඩ කරනවා. ඇයට මේ දර්ශනය නිසා වඩාත් ෆෑන්ස්ලා පිරිසක් බිහි වුණා වගේම ෆෑන්ස්ලගේ ආකර්ෂණයක් දිනාගන්නත් හැකි වුණා කියලා තමයි කියන්නේ.

15. කංගනා රනෝත් 
- රාස්කල්ස්

වර්තමානය වනවිට හින්දි සිනමාවේ වැඩියෙන්ම අය කරන නිළිය බවට පත්වෙලා ඉන්න කංගනා 2011 වසරේදී තමයි මුල්ම වරට බිකිනියකින් සැරසී සිනමාපටයක පෙනී ඉන්නේ. රාස්කල්ස් කියන හින්දි සිනමාපටයේ සුදු පැහැති බිකිනියකින් සැරසී තමයි කංගනා ඉන්නේ.

 

► Translation — Chandana Waravitage