2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

එහා රටේ චණ්ඩියෝ

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

බොලිවුඩ් තාරකාවන් 10 දෙනෙකුගේ ත‍්‍රාසජනකරූගත කිරීම් අවස්ථා 10ක්...

හින්දි සිනමාපට නරඹන ඔබට කාර්වලින් වේගයෙන් යන දර්ශන, උස ගොඩනැගිලිවලින් බිමට පනින දර්ශන වගේ බිහිසුණු ඇඟේ ලොමු දැහැගැන්වෙන ජවනිකා මතක ඇතිනේ. බොහෝ සිනමා තාරකාවන් එවැනි දර්ශන් සඳහා තමන් පෙනී නොසිට වෙනත් අයෙක් පෙනී සිටීමට යොදාගන්නා අතර අනතුරුදායක ක‍්‍රියා කරන්න වැඩි දෙනෙක් යොමුවෙන්නේ නැහැ. මෙන්න මේ කට්ටියනම් එවැනි ජවනිකා සඳහා තමන්ම පෙනී ඉඳලා තියෙනවා.

01. ආක්ශය කුමාර්  

ආකෂය කුමාර් ගැන ඔබ දන්නවනේ. ඔහු විනයගරුක කෙනෙක් ඔබ නොදන්නවනම් ඔබගේ දැනගැනීමටයි එලෙස සඳහන් කරන්නේ. ඔහු සටන් කලා ශිල්පියෙක් වන අතර සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ප‍්‍රිය කරන, එය විශ්වාස කරන නළුවන්ගෙන් එක්කෙනෙක්. බොලිවුඩයේ ස්ටන්ට්මන් කියලත් ඔහුට කියන්නේ අන්න ඒ නිසයි. කොච්චර අනතුරුදායක ජවනිකාවක් වුණත් ඔහු තමන්ගේ ජීවිතේ පරදුවට තියලා පෙනී ඉන්න කෙනෙක්. ඒ කොයි වගේද කියනවනම් ඔහු එක වරක් ගුවන් යානයක ඉඳන් බැලුන් එකක් මතටත් පැනලා තියෙනවා.

02. රිතික් රෝශන්

රිතික් රෝශන් කියන්නෙත්  ඕනෑම අමාරැ දර්ශනයක් වුණත් වෙනත් කෙනෙකුට රඟපාන්න නොදී තමන්ම තමන්ගේ දර්ශනේ සඳහා පෙනී ඉන්න කෙනෙක් විදිහටයි ප‍්‍රසිද්ධ. රංගනය විතරක් නෙවෙයි, ඔහු නර්තනය සඳහාත් ප‍්‍රසිද්ධයිනේ. බෑන්ග් බෑන්ග් කියන සිනමාපටය වගේම ඔහුගේ ළඟදී තිරගත වෙන්න තියෙන ෆොර්කෙ කියන හින්දි සිනමාපටයේත් සෑම දර්ශනයක්ම ඔහුම නිරූපණය කළා කියලා තමයි ආරංචිය.

03. කත‍්‍රිනා කයිෆ්

කත‍්‍රිනා කියන්නේ සිනමා කර්මාන්තයේ ඉන්න දක්ෂතම වගේම කීර්තිමත් නිළියන්ගෙන් කෙනෙක්. එයා තමන්ට රඟපාන්න තියෙන ඕනෑම සිදුවීමක් තමන්ම රඟපාන කෙනෙක්. ඩූම් 03, ඒක්තා ටයිගර්, බෑන්ග් බෑන්ග්, පැන්තම්, ජග්ගා ජාසූස් සහ ටයිගර් සින්දා හේ කියන හින්දි සිනමාපටයන්හි ක‍්‍රියාදාම ඇය විසින්ම රංගනයේ යෙදුණා කියලා තමයි ආරංචිය.

04. අමිතාබ් භච්චන්

අමිතාබ් භච්චනුත් සිනමාපටයේ තමන්ගේ චරිතයට අදාළ සෑම දර්ශනයක්ම වෙනත් අයවළුන්ට රංගනයේ යෙදෙන්නට නොදී තමන්ම රඟපාන කෙනෙක් විදිහටයි ප‍්‍රසිද්ධ. කූලී කියන සිනමාපටයේ දර්ශනයක් සිදු කරන අතරතුර සිද්ද වුණු අනතුරක් හින්දා වරක් අමිතාබ්ට සති දෙකක් රෝහල්ගතවෙලා ප‍්‍රතිකාර ලබන්නත් සිද්ධ වෙලා තියෙනවා. බිග් බී නමින් හැඳින්වෙන අමිතාබ් කුලී, ඩොන්, නමක් හලාල් සහ හම් කියන සිනමාපටයන්හි ත‍්‍රාසජනක ක‍්‍රියාවන් සඳහා ඔහුම පෙනී ඉඳලා තියෙනවා.

05. ශාරුක් ඛාන්

ශාරුක් ඛාන් කියන්නේ ඕනෑම දෙයක් බය නැතුව රඟපාන්න පුළුවන් හැකියාවක් තියෙන දක්ෂ නළුවෙක්. කිං ඛාන් ආදර ජවනිකා සඳහා ප‍්‍රසිද්ධව හිටියත් ස්ටන්ට් ආදර්ශක නැතුව තමන්ගේ ක‍්‍රියාදාම දර්ශන කිහිපයක් රඟපාලා තියෙනවා. රායීස්, හැපි නිව් ඉයර්, දිල්වාලේ කියන සිනමාපටවල තමයි ඔහු ඒ ක‍්‍රියාදාම දර්ශනවලට තමන්ම පෙනී ඉඳලා තියෙන්නේ. ඔය ඡායාරූපය ශාරුක් රායිස් කියන හින්දි සිනමාපටයේ රූගත කිරීමක් අතරතුර ලබාගත්ත එකක්. ඔහු එහි ආරක්ෂිත පටි පැළඳගෙනයි ඉන්නේ.

06. ප‍්‍රියංකා චොප්රා

ප‍්‍රියංකා කියන්නේ බොලිවුඩයේ විතරක් නෙවෙයි හොලිවුඩයෙත් ජනප‍්‍රිය නිළියක්, මෝස්තර නිරෑපිකාවක් වගේම ගායිකාවක් විදිහට ජනප‍්‍රිය කෙනෙක්. ඇයත් තමන්ගේ චරිතයට අදාළ සියළුම සිදුවීම් තමන්ම පෙනී ඉන්න නිළියක් විදිහට ප‍්‍රසිද්ධයි. ත්‍රාසජනක සිදුවීම් ප‍්‍රියංකා මේරි කොම්, ඩොන් සහ කොන්ටිකොහි රඟපාලා තියෙනවා කියලා තමයි ආරංචි.

07. ශ‍්‍රද්ධා කපූර්  

ටයිගර් ෂෙරොෆ් බාගී සිනමාපටය රෑගත කරන අතරතුර සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ ශ‍්‍රද්ධාට ක‍්‍රියාදාම සිනමාපට හෝ සටන් කලාව පිළිබඳ අත්දැකීම් නැති වුණත් රෑගත කිරීම් අතරතුර ඇය ඒවා යම් මට්ටමටකට ඉගෙනගත් බවයි. චරිතය සඳහා සූදානම් වෙන්න වැඩි කාලයක් නොතිබුණත් ඇය බාගී සිනමාපටයේ තිරය මත ක‍්‍රියාත්මක වෙන්නේ වසර ගණනාවක් තිස්සේ සටන් ශිල්පය හදාරා ඇති කෙනෙක් වගේ බවයි ටයිගර් කියලා තියෙන්නේ.

08. සෝනක්ෂී සිංහා

සෝනක්ෂී සිංහා කියන්නේ කුමන භූමිකාවක් රඟදැක්වුවත් සිය රසිකයන්ට ප‍්‍රබල බලපෑමක් ඇති කරන නිළියක්. ෆෝර්ස් 02 සහ අකිරා කියන සිනමාපට දෙකේ ක‍්‍රියාදාම දර්ශන සඳහා ඇයම පෙනී ඉන්නවා. ඇය ඒ සඳහා සටන් කලාව හදාරලත් තියෙනවා.

09. තාප්සී පන්නූ

බේබි කියන සිනමාපටයේ ඇගේ කෙටි භූමිකා හැමදෙනාගේම හිත් ඇඳබැඳ ගත්තා. ඇය ඒ සිනමාපටයෙන් සැබෑ සටන් ශිල්පිනියක් වගේම රගපෑවා. එයා ඒ සිනමාපටය වෙනුවෙන් ජූඩෝ, එම් එම් ඒ ඉගෙනගෙනත් තියෙනවා.

10. ටයිගර් ශ්රොෆ්  

ටයිගර් ශ්රොෆ් කියන්නේ ඕනම ජවනිකාවක් තමන්ම පෙනී ඉන්න තරැණ නළුවෙක්. ඔහු සටන් කලාව ප‍්‍රගුණ කරලා තියෙන කෙනෙක් වන අතර හීරෝපාන්ති, බාෆී සහ ෆ්ලයින් ජැට් සහ තිරගතවෙන්න තියෙන ෆෝර්ස් කියන හින්දි සිනමාපටයේත් ත‍්‍රාසජනක ජවනිකා සඳහා තමන්ම සහභාගී වුණු ක්ෂේත්‍රයේ ඉන්න ලාබාලතම කෙනා විදිහටයි සැලකෙන්නේ
ඒත් මේ ලිපිය කියවන ඔබට දෙයක් කියලා තියෙන්නම  ඕන. මේ නළු නිළියන් වගේ ඔබනම් ත‍්‍රාසජනක ක‍්‍රියාවල නිරත වෙන්න එපා. මොකද ඔබගේ සිරුරේ කොටස්වලට හානි වෙන්න පුළුවන් බව මතක තියාගන්න.

 

► Translation — Chandana