2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ඩ්‍රයිවර් බුවාලගේ අමුතුම වැඩ-කිඩ

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

Youtube Hit වලින් අද කතා කරන්නේ Gear Up SL කියන කියන Channel එකේ Video වක් ගැන. අපි මුලින්ම මේ Channel එක ගැන බැලුවොත් රථවාහන ක්ෂේත්‍රයේ දේවල් ගැන තමයි මේ හරහා Video ඉදිරිපත් කරන්නේ. Subscribes ලා දසදසක් ඉන්න මේ චැනල් එක පටන් අරන් තියෙන්නේ මීට අවුරුද්දකට විතර කලින්. අලුත් චැනල් එකක් වුණත් වසරක් ඇතුළත ඔවුන් ලොකු ජනප්‍රියත්වයක් දිනාගෙන තිබෙනවා.

අපි අද කතා කරන්නේ ඔවුන් අන්තිමටම කරපු Type of Sri Lankan Drivers කියන වීඩියෝව ගැන. මේ වීඩියෝ එකට අපි බලන වෙලාව වෙනකොට Viws තිස් එක්දහසක් වගේ තිබුණා. සම්ප්‍රදායික මේ Youtube Channel එකෙන් ඉදිරිපත් කරන Videos වලට වඩා තරමක් වෙනස් විදිහට තමා මේ වීඩියෝ එක කරලා තිබුණේ. මේ වැඩේ අරමුණ රථවාහන අනතුරු වළක්වා ගැනීම, රියදුරන් දැනුම්වත් කිරීම කියන එක තමා මෙතැන දී කියැවුනේ. වැඩේ සමාජ සත්කාරක් විදිහට ජනගත කරන්න දරපු උත්සාහය අගය කරන්න ඕනෑ. අපි Youtube Hit කතාබහට මේ වීඩියෝ එක තෝරා ගත්තේත් අන්න ඒ නිසා.

ලංකාවේ එක එක රියදුරන්ගේ චරිත ස්වභාවය, හැසිරීම් ගතිගුණ තමා මේ කතාවේදී පැහැදිලියි වෙන්නේ. වීඩියෝව විනාඩි හතකට සීමා වුණත් කතාව ගලා යන්නේ විනාඩි 4ක 5ක කාලයක් පුරාවට. ඉතිරිය දැනුම්වත් කිරීම්. වැඩේ වෙන්නේ මෙහෙමයි. කාර් දෙකක් පැදගෙන යන රියදුරන් දෙදෙනකුගේ චරිත යොදාගෙන ඔවුන්ගේ චරිත ලක්ෂණ ඉස්මතු කරගන්නවා. මේ වැඩේ ආකර්ෂණීය වෙන්නේ ගොඩක් රථවාහන ගැන උණක් තියෙන අයට. කොහොම වුණත් රියදුරන්ගේ දුර්වලතා හොඳට ග්‍රහණය කරගෙන තමා වැඩේ කරලා තියෙන්නේ. ඇත්තට තමන් මොන ගණයට වැටෙන රියදුරෙක්ද යන්න වීඩියෝ එක බලන ඔබට තේරුම් ගන්න පුළුවන්.

වීඩියෝකරණය ගැන කතා කළොත් සාමාන්‍ය දැනුමක් සහිතව වැඩේ කරලා තියෙන බව පේනවා. ඒත් වාහනය ඇතුළේ රියදුරාගේ හැසිරීම ගොඩක් පෙන්නන්න වෙන නිසා පොඩ්ඩක් ඒකාකාරී ගතියක් මතුවෙනවා. සංස්කරණයත් වෘත්තීය මට්ටමේ නොවුණත් Youtube ඇතුළේ යන්න ප්‍රශස්ත මට්ටමක පවතිනවා. කොහොම වුණත් තව ආකර්ෂණීය විදිහට වැඩේ මේ අංශ දෙක ඔස්සේම දියුණු කරගන්න ඔවුන්ට ඉඩ ප්‍රස්තාව තියෙනවා කියලයි අපිට හිතෙන්නේ. කාලය කියන කාරණාව ලංකාවේ Youtubers ගොඩක් හිතන පැත්තක්. අනවශ්‍ය එකතු කිරීම්, ස්තූති කිරීම් වීඩියෝවල අගට එකතු කිරීම සුදුසුද කියන එක ප්‍රශ්නයක්. ඩේටා අර්බුදය නිසා ලංකාවේ youtube fans ලා දිග වීඩියෝ බලන්නේ නෑ කියන එක කවුරැත් අමතක නොකළ යුතු කාරණයක්.

රංගනය නම් Youtube ඇතුළේ ලොකු අඩුපාඩු පේන්නේ නෑ. ඒ වගේම මේ වීඩියෝවේ ඇති වැදගත්ම දේ ඊට යොදාගෙන තිබෙන සංකල්ප. මේ දක්වා ලංකාවේ මේ මාදිලියේ සමාජ පණිවිඩයක් අරගෙන එන වීඩියෝ තිබ්බේ අඩුවෙන්. ආතල් ඇතුළේ පණිවිඩය දෙන්න දරපු මේ උත්සාහය සැබවින්ම අගය කළ යුත්තක්. අඩුපාඩු හදාගෙන ඉදිරියට එනවා නම් ලොකු ගමනක් Gear Up SL කියන කියන Channel එකට තියෙනවා කියලා අපි හිතනවා. කොහොම වුණත් රථවාහනවලට ඇලුම් කරනවා නම් අනිවාර්යයෙන් මේ චැනල් එක පැත්තට එබෙන්න අමතක කරන්න එපා.

 

► Text - Nisal   /  Pic – Internet