2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

පිස්සුවේ අලුත්ම එක Dollify

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 169

ඔන්න මචෝ බුකියේ අලුත් ආතල් එකක් පටන් අරන්. දකින්න ඇතිනේ අර Profile Picture වෙනස් කරන සීන් එක. ඒක නිකම් මේ දවස්වල බුකීවාසීන්ගේ බෝනික්කො වගේ.

මේ සීන් එකට කියන්නේ  Dollify කියලා. අපේ සුදාලා දන්නවත් ඇති. මතකද Face App, අන්න ඒ වගේ App එකක් මේක. මේක හරහා අපේ රූපෙට ටිකක් සමාන බෝනික්කෙකුත් හදාගන්න පුළුවන්. මාර කියුට් පෙනුමක් තමා ඒකෙන් එන්නේ. ඒකනී ඔය අපේ කට්ටිය පට්ටෙට සීන් එකට වහ වැටිලා ඉන්නේ. අපේ පැංචෝ පැංචියෝ මේ වෙද්දී බුකියේ ට්විටර් එකේ WhatsApp එකේ ඔය ලයින් එකේ Photos මේ වෙනකොටත් දාලා ඇති. කොහොම වුණත් සීන් එක අපේ සිරි ලංකාවේ Trend වෙලානම් වැඩි කාලයක් නෑ. රැල්ලට කළාට අපේ සුදාලා මේක කොහෙන් කොහොම ආපු සීන් කෝන් එක්කද කියලා දන්නෙ නෑ. ඒ නිසා අපි පොඩ්ඩක් ඒ Line එක ගැන හොයලා බලන්න තීරණය කළා. 

මේක පටන්ගෙන තියෙන්නෙ කොස්ටරීකා රාජ්‍යයේ ඩේවිඩ් ඇල්වාරෙස් කියන ඩිජිටල් චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර හරහා. සීන් එක Hit වෙලා පස්සේ App එකක් විදිහට එළියට ආවා. මතක විදිහට සුදාලා මේකේ පළවැනි App සීන් එක එළියට ආවෙ 2018 දෙසැම්බර් විතර. ආපු ගමන්ම ආයේ මුකුත් නෑ පට්ට Trend එකක් වුණා. ඒත් ගෑනු ළමෝගේ මූණු තමා මුල් කාලේ හදන්න පුළුවන් වුණේ. කොහොම වුණත් වැඩේ නැගලාම ගියේ brazil පැත්තේ. එහේ මේක පිස්සුවක් වුණා. කෙල්ලන්ට Dollify උණ හැදුනා සැරටම. පස්සේ ලෝකේ වටේටම Trend එක පැතිරුණා. 

ඉතින් මචෝ 2018 අග එළියට ආපු බ්‍රසීලියානු
Dollify සීන් එක 2019 ජූනි 26 වැනි දින වෙනකොට ලෝකේ වැඩිපුරම බාගත කරපු මෘදුකාංග ලැයිස්තුවේ ඉහළටම ආවා ආයේ කිසි කිසි කියලා. උදාහරණයක් විදිහට කිව්වොත් වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ යූටියුබ් වැනි දැවැන්තයන්ට වඩා Dollify Download වෙන්න අරගත්තා. ඔය වාර්තාවල තියෙන විදිහට 2019 අවුරුද්දෙ 25 වැනි සතියේ තමා දරුණු විදිහට ඩොලිෆි උන්මාදය අපේ උන්දැලාට වැළඳුණේ. වැඩේ කියන්නේ ටිකක් Professional විදිහට ඉන්න Twitter වාසීනුත් තමන්ගේ ඡායාරෑප ඩොලිෆි කරන්න පටන් ගත්තා. 

ඉතින් අපි දන්න නොදන්න සමාජ ජාලවල පැතිකඩ ඡායාරෑපය ඩොලිෆයි කාටුන් බවට පත් වුණේ මේ විදිහට. මේක  ඇන්ඩ්‍රොයිඩ් වගේ  iOS (ඇපල්) වගේ දෙපැත්තටම සෙට්වෙන විදිහට තමා හැදුණේ. ඒකත් මෙච්චර Hit වෙන්න බලපෑවා. තව ස්මාර්ට් ෆෝන් ඇතත් නැතත් වැඩේ කරගන්න පුළුවන් වුණානේ. ඕ ඕ... අමතක වුණා කියන්න, පිරිමො Dollify හඳුන්වලා දුන්නේ ටික කාලෙකට පස්සේ. ඒකෙන් පස්සේ ඉතින් මිලියන ගාණක් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කළා. Download කරලා තමන්ගේ රූපය Dollify බෝනික්කෙක් වගේ හදාගන්න ලෑස්ති වුණා. 

බ්‍රෝ.. මේවා ඇප්වලට නොමිලේ දුන්නේ. කෙනෙකුට හිසකෙස්, ඇඳුම් පැළඳුම්, සමේ පාට වගේ කරාබු වැනි ආභරණත් එකතු කරලා තමන්ට ඕනෑ විදිහට ඩොලිෆි හදාගන්න පුළුවන්. ඔක්කොමලා Try කළානේ ඉතින් තමන්ගේ සැබෑ පෙනුමට සමානකම් රඳවාගෙන වැඩේ කරන්න.

හරිය.. පටන් ගත්ත හැටි, ලොකේ තත්ත්වය පැහැදිලිනේ. අපේ රටේ අපේ සුදාලා මේක පාවිච්චි කරන විදිහත් කියන්න ඕන. අර කිව්වත් වගේ අපෙත් කෙල්ලෝ තමා වැඩේට වැඩිපුරම ආස. මුලින්ම පටන් ගත්තෙත් එයාලා තමා. නමුත් කොල්ලොත් සීන් එකට Link වුණා ක්ෂණිකව ආ.... හැබැයි මචෝ ඔය App එකෙන් දානවාට වඩා අපේ උන් Google Search පාරක් දාලා තමන්ට ගැලපෙන Dollify එකක් හොයාගෙන fb දැම්ම එක තමා වැඩිපුරම කළේ. ඕන රැල්ලක් කැරැල්ලක් ඇතුළේ වංගු ගැහුවොත් ඉතින් අපේ සිමියොන්ලා තමා. හා නැද්ද සුදාලා. 

මේක ඇතුළේ තියෙන මානසිකත්වය ගැන කියනවානම් ඔය ප්‍රදේශයට තියෙන කාමය කියන සීන් එකම තමා මේ. ඒ කියන්නේ ලෝකෙම උන්ට තමන් ලස්සනට පේනවාට තියෙන ආසාව. මෙව්වා එක්ක ස්වභාවික නොවන පෙනුමක් social media ඇතුළේ මවන එක සාමාන්‍ය දෙයක් වෙලා. දැන් ගොඩක් කල්නේ මචී. මේක ඒකෙම දිගුවක් තමා. දෙයියෝ අපිව මැව්ව එක හරි හෝ වැරදි, බුකිය ඇතුළේ අපිව මවන්නේ අපිමයි මචෝ. හා බොරුද? ඇත්තම කියනවානම් හුඟක් Dollify වල තිබ්බේ තමන්ගේ රූපේ නෙවෙයි තමන්ට වෙන්න ඕන රූපේ. ඒක ඔය බුකියේ සරන අසරණ අපිට නම් තේරුණා ඈ.. දුක තමා සමනලියේ. 

ඔන්න අවසාන වශයෙන් කියන්න ඕන අපි Trend ගැන සුදාලට හැමදාම කියනවනේ... ඉතින් මචෝ ගොඩක් Trend එහෙ බලලා මෙහෙ බලනකොට ආවා ගියා. හෙට අනිද්දාට ඔය Dollify වලටත් වෙන්නේ ඔය ටිකම තමා සත්තරං. වරදක් නෑ ඔය වැඩවල. ඒත් තේරුමකුත් නෑ. ඒත් එන රැල්ලට අහුවෙලා බුකියේ කැටයම් දාන්න පොර කියලා හිතාගෙන ඉන්න ප්‍රිය රසික රසිකාවියන්ට කියන්න ඕනෑ හිටං... අධිම මාත්‍රාව අනතුරු සහිතයි. පමණ ඉක්මවා ජාලයේ Trend වීමට යාමෙන් ඔබට උමතු රෝගයක් වැළඳිය හැක. විශ්වාසයි තහවුරුයි.

බීප්... බීප්... බීප්... ලබන සතියේ සෙට් වෙමු මචෝ...

 

► Text - Nisal   /   Pic – Internet