2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

කෝලම් කොල්ලගේ ආදර ජරමර

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

මේ ඉන්දියාවේ ජනාකීර්ණ නගරයක නාට්‍ය පෙන්වන එළිමහන් රංග පීඨයක්. මේ වේදිකාව ඉදිරිපිට විශාල පිරිස එක්රුස් වෙලා සමහර රාමලීලා නාට්‍ය නරඹමින් ඉන්නේ. සමහර අය හිටගෙන නාට්‍ය නරඹද්දී තවත් සමහර අය වාඩිවෙලා. තවත් සමහර අය තව කෙනෙක්ගේ කර මත හෝ වෙන උස තැනක නැගලා ඉඳන් මේ නාට්‍ය නරඹමින් ඉන්නවා. රාම සහ ලක්ෂ්මන නාට්‍ය දර්ශනය අතර සීතා සොයමින් ඉද්දී මෙන්න අද අපේ කතාවේ නායකයා කහ පාට සාරියකින් සැරසී කාන්තා හඬකින් කතා කරමින් වේදිකාව මතට එනවා.

සීතා - ප‍්‍රභූ.. ඔබ ආවද?
සීතා මෑණියන්ට ජයවේවා! කියලා මිනිස්සු ඔල්වරසන් දෙමින් අත්පොළසන් දෙනවා. අද අපේ කතාවේ නායක ලෝකේශ් භිෂ්ට් හෙවත් ලාජ්වන්තී ඛුරානාට ඉමහත් පිළිගැනීමක් නාට්‍ය අතරතුර තිබෙන්නේ මේ ඊට පසු දින ජනාකීර්න නගරයක පදීක වේදිකාවේ තියෙන වෙළෙඳාම් කටයුතු කරන තැනක සිදුවීමක්. මෙතැන ඉන්න මැදිවියේ පුරුෂයා ගාවට කඩවසම් පෙනුමක් තියෙන සීතාට රඟපෑ තරුණයා දත්මදිමින් එන්නේ.
තාත්තා - උඹේ අම්මා කොච්චර පෙරැම් පුරලා පූජා කරලද පුතෙක් ඉපැද්දුවේ. ඒත් උඹ වෙලාවකට සීතා වෙනවා තව වෙලාවකට රාධා වෙනවා. උඹ දන්නේ නැද්ද මම කොච්චර ණය ගෙවන්න තියෙනවද කියලා?
ලෝකේශ් - ඔයා වල්ඩ් බෑන්ක් එක හැර අනිත් හැම බැංකුවකින්ම ලෝන් අරගෙනනේ.

ඔහු ඊට ටික දවසකට පස්සේ කෝල් සෙන්ටර් එකක රස්සවක් හොයාගෙන යනවා. එතන ඉන්න මැදිවියේ පුද්ගලයා සහ ඔහුගේ ගෝලයා එක්ක ඔහු හිටගෙනම කතා කරමින් ඉන්නේ.
ලෝකේශ් - සර් ප්ලීස් මට අවස්ථාවක් දෙන්න. මම ඕනම දෙයක් කරන්නම්. අම්මා කෙනෙක් වෙනඑක හැර ඕනම දෙයක් කරනම් සර් ප්ලීස්...

ගෝලයා -  අම්මා කෙනෙක් කිව්වේ ‍ෙප්‍රග්නට් ද ඔයා?
ලෝකේශ් - මම කිව්වේ ජොබ් එක ගැන. මාව ජොබ් එකට ගන්න. 

එදා ඉඳන් ඔහු පූජා නමින් කතා කරනවා. ඔහු පූජා ඉන්න කෝල් සෙන්ටර් එකේ රැකියාව කරනවා. ටික දවසයි යන්නේ හැමෝම පූජා එක්ක කතා කරන්නයි උත්සාහ කරන්නේ. පූජා එක්ක කතාබහ කරන්න හැමෝම ගහ මරා ගන්නවා. රණ්ඩු සරුවල් කරනවා. ඒ අතරේ ලෝකේශ් නාට්‍ය පුහුණු වීමත් කරනවා. එහිදී ඔහුට ඩොලී සින්දේ කියලා ෙප්‍ර්මවන්තික් හමුවෙනවා. මේ හරිම අපූරු කතාව තියෙන හින්දි සිනමාපටය ඩ්‍රීම් ගර්ල් තිරගත වෙන්න වැඩි දවසක් නැහැ. මේ අපූරු කතාව තියෙන ඩ්‍රීම් ගර්ල් හින්දි සිනමාපටය 2019 සැප්තැම්බර් 13 වෙනිදා ඉඳන් ඔබටත් නරඹන්න හැකියාව තියෙන අතර මේ හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාජ් ශාන්දිල්යා එය නිෂ්පාදනය කිරීමට එක්තා කපූර්, ශෝභා කපූර්, ආශීෂ් සිං එකතුවෙලා තියෙනවා. රාක් ශාන්දිල්යා තිර රචනය කරලා තියෙන ඩ්‍රීම් ගර්ල් හින්දි සිනමාපටය බලන්න වැඩි දවසක් ඔබට ඉතුරැවෙලා නැහැ. තවත් ලාජ්වන්තී ඛුරානා සහ ලෝකේශ් බිෂ්ටගේ චරිතයන්ට පණ පොවන්නේ ඔබ අපි දන්න කඩවසම් කෙළිලොල් තරැරුණයෙක්. ඔහු ගැන විස්තර කියන්න අවශ්‍ය වෙනඑකක් නැහැ. මෙන්න මේ සිනමාපටවලින් ඔහුව දැකලා තියෙන නිසා.

(2012) Vicky Donor, Dum Laga Ke Haisha (2015), Bareilly Ki Barfi (2017), Shubh Mangal Saavdhan (2017), Badhaai Ho (2018), Andhadhun (2018), Article 15 (2019).

1984 සැප්තැම්බර් 14 වෙනිදා ඉන්දියාවේ චන්දිනගර්වලදී ඉපදුණු ඔහු 2004 වසරේ පටන් හින්දි සිනමාවේ නළුවෙක් ගායකයෙක් විතරක් නෙවෙයි වැඩසටහන් ඉදිරි පත්කරන්නෙක් විදියටත් ඔබ අපි දන්න කෙනෙක්. 2008 වසරේදී තහිරා කශ්‍යප් එක්ක විවාහ වුණු ඔහු මේ වනවිට දරුවන් දෙදෙනෙක්ගේ පියෙක්. නැෂනල් අවෝර්ඩ් ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සිනමා සම්මාන ද තමන්ගේ නමට වෙන් කරගෙන තියෙන ඔහු ඉපදුණේ නම් නිශාන්ත ඛුරානා නමින්. නමුත් ඔබ අපි ඔහුව දන්නේ අයුශ්මාන් ඛුරානා නමින්. ඔව් අයුශ්මාන් තමයි මේ සිනමාපටයේ ප‍්‍රධාන චරිතයට පණ පොවන්නේ. අයුශ්මාන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඩොලී ශින්දේගේ චරිතයට පණ පොවන සුරූපී කෙල්ල ඔබ මෙන්න මේ සිනමාපටවලින් මීට පෙරාතුව දැක තියෙනවා නොඅනුමානයි.

Love Sex Aur Dhokha (2010), Pyaar Ka Punchnama (2011), Akaash Vani (2013), Pyaar Ka Punchnama 2 (2015), Sonu Ke Titu Ki Sweety (2018).

මතක් වුණා නේද? එහෙම නම් ඒ අය ගැන අපි කියන්න අවශ්‍ය නැහැනේ නේද? කළබල වෙන්න එපා ඇයව මතකයට නොවාවත් ඇය ගැන ඔබට කියනවානේ. 1985 මැයි 17 වෙනිදා ඉන්දියාවේ මාහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බයි නගරයේදී ඉපදුනත් ඇය මේ වෙද්දී ජීවත් වෙන්න ඉන්දියාවේ නව දිල්ලි නගරයේ. 2006 වසරේ පටන් ඇය හින්දි සිනමව නිළියක් විදියට නියෝජනය කරනවා. ඇය නමින් නුෂ්ත් භරුචා. ඇය තමයි ආයුශ්මාන්ගේ ප්‍‍ෙර්මවන්තියගේ චරිතයට ඩ්‍රීම් ගර්ල් සිනමාපටයේ චරිතයට පණ පොවන්නේ. තව මේ සිනමාපටයේ ධර්මේන්ද්‍ර කියලා උප ප‍්‍රධාන චරිතයක් තියෙනවා. අන්න ඒ චරිතයට පණ පොවන්නේ ඔබ අපි හොඳින් දන්න අඳුනන කෙනෙක්. මෙන්න මේ සිනමාපටවලින් ඔබ ඔහුව දැක තියෙනවා.

Dabangg (2010), (1996) Daraar ,Pyaar Kiya To Darna Kya, (1998) Garv Pride and Honour (2004), Qayamat City Under Threat (2003), Hulchul (2004), Malamaal Weekly (2006), Bhagam Bhag (2006), (2012) Dabangg 2.

1967 අගෝස්තු 04 වෙනිදා ඉන්දියාවේ මහාරෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ පූනේවලදී ඉපදුණු ඔහු 1996 වසරේ පටන් නළුවෙක්, නිෂ්පාදකයෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් විදිහටත් හින්දි සිනමාව නියෝජනය කරනවා. 1998 දී මල්ලිකා අරෝරා එක්ක විවාහ වුණු ඔහු ඇයගෙන් 2017 වසරෙදී දික්කසාද වනඅතර ඊට පස්සේ ඔහු ජෝර්ජියා අන්ඩ්‍රියානී එක්ක විවාහ වුණා. මොහු වෙන කවුරැවත් නෙවෙයි සල්මාන් ඛාන් සහ සොහේල් ඛාන්ගේ සොහොයුරා අර්බාස් ඛාන්. අර්බාස් තමයි ධර්මේන්ද්‍රගේ චරිතයට පණ පොවන්නේ. අර්බාස්ට අමතරව මේ හින්දි සිනමාපටය හැඩකරන්න මන්ජෝත් සිං, සුමොනා චක‍්‍රවර්තී, අභිෂේක් බැනර්ජී, රාහුල් බග්ගා, විජය රාස්, අන්නූ කපූර්, නිධී බිෂ්ට්, මහෘ ශෙයික් සහ ගුල්සාර් දස්තාර් එකතුවෙලා ඉන්නවා.
ඩ්‍රීම් ගර්ල් හින්දි සිනමාපටයේ තියෙන සුන්දර ගී සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නේ මීත් බ්‍රෝස්, ගුරු රන්ධාවා, සචේත් පරමපාරා වන අතර ඒ ගීතයන්හි මනබඳින ගී පදවැල් අමුණලා තියෙන්නේ කුමාර් සහ ශබ්බීර් අහ්මඩ් සහ ගුරු රන්ධාවා.

 

► Translation — Chandana Waravitage