2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

Colombo Fashion Week

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

මෝස්‌තර නිරූපණ ශිල්පය කියන්නේ අද කාලයේ තරුණ තරුණියන්ගේ වඩාත් ආකර්ෂණීය කලාවක් කිව්වොත් එය නිවැරදියි. ගැහැනු පිරිමි බේදයක් නැතුව Fashion කරන්න අපි කවුරුත් කැමතියි.

අන්න ඒ නිසාමයි ‘COLOMBO FASHION WEEK’ කියන අන්තර් ජාතික මෝස්‌තර නිරූපණ උත්සවය ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙන්නේ. පසුගියදා පැවැත්වුණු මෙම උත්සවයට ලංකාවේ මෙන්ම විදේශීය වෘත්තීය මෝස්‌තර නිර්මාණ ශිල්පීන් විසින් විවිධාකාර ඇඳුම් විලාසිතා ඉදිරිපත් කරනු ලැබුවා. ඒ විලාසිතා වලින් අද අපේ Event of the week පිටුව මෙලෙස හැඩවෙනවා.

I රොමේෂ් ධනුෂ්ක ද සිල්වා