2019 ජුලි 20 වන සෙනසුරාදා

හැකර කටක් බෝම්බයක්

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

මේ කියන කතාව සිද්ධ වෙන්නේ ඉන්දියාවේ මුම්බායී නගරයේ සහ යුරෝපීය රටක් වන ලන්ඩන් නගරය කේන්ද්‍ර කරගනිමිනුයි. බොබි කියලා තරුණියක් සහ කේශ්ව් කියලා තරුණයෙක් ඉන්නවා. ඔවුන් දෙන්නා මිනීමැරුමකට සැකකරුවන්. මේ ඉන්දියාවේ මුම්බායි නගරයේ තියෙන පොලිස් ස්ථානයක්. මෙතන සුදු කලිසමකින් සහ සුදු කමිසයකින් සැරසුණු මහත පුද්ගලයෙක් තම නිලධාරින් එක්ක කතාබහ කරමින් ඉන්නවා.

පොලිස් - පොලිස්කාරයෝ විදිහට අපි ලෝකෙම නටවනවා. ඒත් ඒ බොබියි කේශව් එකතුවෙලා අපිව නටවනවා.
මර්ඩර් එක ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් කළේ. ඒත් ඒ දෙන්නට විරුද්ධව මොකුත් සාක්ෂි නැහැ.

මේ මුම්බායි නගරයේ තියෙන ගොඩනැගිල්ලක සිදුවීමක්. මෙතන ඉන්න නිලධාරියෙක් කළු පාටට හුරු ගවුමකින් සැරසුණු කොණ්ඩය ක්‍රේලි සුදු තරැණියක් ප‍්‍රශ්න කරනවා.
නිලධාරි - මොනවද මේකේ ?
බොබි - බෝම්බයක්...

ඒ අතරේ තවත් තැනක ඇය ගැන පොලිස් නිලධාරියා තම පිරිස දැනුම්වත් කරනවා. 
පොලිස් - එයා කට හැකර කෙල්ලෙක්. නොකරන දෙයක් නෑ. වෙලාවකට සින්දු පටිගත කරන්න ස්ටුඩියෝ ගානේ යනවා. තව වෙලාකට නිළියක වගේ රඟපානවා. පල්ලි යනවා. නීතිඥයෙක් යවන්න එයාට ඕන කියනවා නම්.
කේශ්ව් එක්ක තමයි බොබි එකට ජීවත් වෙන්නේ. දෙන්නම අමුතු චරිත තියෙන දෙන්නෙක්. දෙන්නා ආදරේ කරනවා. ඒක ආදරෙන් එහාට ගිය සම්බන්ධතාවයක්. මේ ඔවුන් දෙන්නගෙන් ප‍්‍රශ්න කරන පොලිස් ස්ථානයේ සිදුවීමක්. ඇය කේන්තියෙන් කෑ ගහනවා. ප‍්‍රශ්න කරන නිලධාරියා ඉස්සරහ වාඩිවෙලා ඉඳන්..

බොබි - කේශ්ව් බොරු කිව්වේ. සිගරුට් බොන්නේ නෑ කිව්වට සිගරට් බිව්වා. මස් මාළු කන්නේ නෑ කිව්වා. ඒ වුණාට හොරෙන් කෑවා. මට කිව්වේ වෙජිටේරියන් කියලයි.
දනන්ව ද ඒ කේශ්ව් ඔයාව වටේ ඇවිද්දවාවි.

ඒ අතරේ පොලිස් නිලධාරියෙක් ලන්ඩන් නගරයට ගිහින් යුරෝපීය ඇඳුමින් සැරසිලා ඉන්න කේශ්ව්ගෙන් කඩවසම් තරුණ නිලධාරියෙක් ප‍්‍රශ්න කරමින් ඉන්නවා.
කේශ්ව් - ඔව් සර් මම බොරු කිව්වා. මම සිගරට් බිව්වා. චිකන් කෑවා. ඒක මර්ඩර් එකක් කළා කියන්න හේතුවක් ද සර්. ඔයගොල්ලෝ ඒ හින්දා මාව මර්ඩර්එක කළා කියලා පටලවන්නද හදන්නේ. සර් ඔයාගේ බිරිඳ දන්නවද මුළු දවසෙම ඔයා මේ කඩල තලු ගගහා කනවා කියලා? එයාට පිස්සු. එයාගේ මොළේ විකාරවෙලා තියෙන්නේ.
ඔයා දනන්ව ද මගේ බොබි ගැන.

ටිකක් වෙනස් කතාවක්. මෙන්න මේ කතාවේ ඉතුරු ටික දැන ගන්නම් ඔබට 2019 ජූලි 26 වෙනිදා තිරගත වන Judgementall Hai Kya කියන හින්දි සිනමාපටය නරඹන්නම වෙනවා. මේ හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රකාශ් කොවෙලෙමදූ නිෂ්පාදනය කරලා තියෙන්නේ එක්තා කපූර්, ශෝභා කපූර්, සහ ශෛලේශ් ආර්. සිං විසිනුයි. කනිකා ධිල්ලොන් තිරරචනය කරලා තියෙන මේ හින්දි සිනමාපටයේ පසුතලය සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නේ ඩැනියල් බී. ජෝර්ජ් ඔබට මේ සිනමාපටයේ බොබිගේ චරිතයට පණ දෙන්නේ ඇය ගැන කියන්නයි මේ සූදානම. ඇය ගැන කියන්න ඕන වෙනඑකක් නැහැ. මෙන්න මේ සිනමපටවල විවිධ චරිතවලට පණ පොවලා තියෙන ඇයව මතක් කරගත්ත නම්.

2006 Gangster, Woh Lamhe (2006), Life in a Metro (2007), Fashion (2008) Raaz, The Mystery Continues (2009), Once Upon a Time in Mumbaai (2010), 2011 Tanu Weds Manu, Krrish 3 (2013), Queen (2014), Tanu Weds Manu: Returns (2015), Manikarnika: The Queen of Jhansi (2019).

1987 මාර්තු 23 වෙනිදා ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශ්වල භම්බ්ලාවල ඉපදුනා සුදු පාට බෝල කෙලි පැටියෙක්. එදා ඉපදුණු කෙල්ල 2006 වසරේදී හින්දි සිනමාවට එකතුවෙනවා. මේ වෙද්දී ඇය නිළියක් වගේම සිනමාපට අධ්‍යක්ෂවරියක් ද වෙනවා. ඇය වැඩිපුරම මුදලක් සිනමාපටයකට පෙනීසිටිම සඳහා අයකරන නිළියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්නේ නැෂන්ල් ෆිල්ම් අවෝර්ඩ් එක තුනවරක් සහ හතර වතාවක් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලවලින් තමන්ගේ නමට වෙන්කරගත්ත නිසාම වෙන්න ඕන. ඊට අමතරව විවිධ සමාන උළෙලවලින් ඇය කෙසේ හෝ සම්මාන තමන්ගේ නමට වෙන්කරගන්න සමත්කම් දක්වලා තියෙනවා. ඇය නමින් කංගනා රනවුට්. මතකනෙ එයා ෆැෂන් එකේ ප‍්‍රියංකා චොප්රාත් එක්ක කළ විශිෂ්ට චරිත නිරූපණය. කංගනා මේ සිනමාපටයේ ප‍්‍රචාරක වැඩසටහනට ඇවිල්ලා මාධ්‍යවේදියෙක් ඇයගේ මේකප් ගැන මනිමෙර්කලා සිනමාපටය ගැන ප‍්‍රශ්න කරලා අය අපහසුතාවට පත්කරනවා. ඒ වෙලාවේ ඇය ඒ මාධ්‍යවේදියත් එක්ක එකට එක කියා ගනිමින් එතන වෙනමම කාර්යක් වෙන නිසා සිනමාපටයේ සෙසු නළු නිළියන් නිහඬව ඒ දිහා බලාගෙන ඉන්නවා. නිකරුණේ ඇය තමන් නොකළ වැරැද්දක් බාරගන්න සූදානනම් නොවන කෙනෙක් බව ඇය හැමෝම ඉදිරියේ පෙන්නුවා. බොබි චරිතයට ඇය පණ පොවද්දී කේශ්ව්ගේ චරිතයට පණ පොවන්නේ කවුද කියලත් ඔබ දැනගන්න නොඉවසිල්ලේන් ඇතිනේ නේද? මෙන්න මේ සිනමාපටවලින් ඔබ හමුවට ඇවිල්ලා තියෙන ඔහු තමයි මේ කේශ්වගේ චරිතය හැඩකරනත් එයට පණ පොවන්නේ.

Love Sex Aur Dhokha (2010), Kai Po Che! (2013), Shahid (2013), Queen (2014), CityLights (2014), Aligarh (2016), Trapped (2016), (2017) Bareilly Ki Barfi, Stree (2018).

1984 අගෝස්තු 31 වෙනිදා ඉන්දියාවේ ගුරුග‍්‍රාම්වල ඉපදුණු ඔහු 2010 වසරේ පටන් හින්දි සිනමාව නියෝජනය කරනවා. ඔහුත් නැෂනල් ෆිල්ම් අවෝර්ඩ්, ෆිල්ම් ෆෙයාර් සම්මානත් ඇතුළු සිනමා සම්මන උළෙලවලින් විවිධ සම්මාන තමන්ගේ නමට වෙන් කරගන්න සමත්වෙලා තියෙන පුද්ගලයෙක්. ඔහුගේ නමින් රාජ්කුමාර් රාඕ, පෙනුමෙන් පොඩ්ඩෙක් වුණාට රංගනයෙන් නම් ඔහු වැඩ්ඩෙක්. ඔහු තමයි කේශ්ව්ගේ චරිතය මේ සිනමාපටය තුළ ජීවත් කරන්නේ. කංගනා සහ රාජ්කුමාර් එක්ක මේ සිනමාපටය හැඩකරන්න ජීමී ශ්යිගල්, අම්යාරා දස්තුර්, සුදේව් නේර්, සතිෂ් කෞෂික්, මිමොහ් චක‍්‍රබෝර්තී, රාජේශ් ජායිස්, රිශිතා භාත්, හුසේන් දලාල්, කියන නළු නිළියනුත් එකතුවෙලා තියෙනවා. මේ සිනමාපටය හැඩකරන්න එහි තියෙන ගීතයන් හී ගී පද ප‍්‍රකාශ් වරුනේන්ද්‍ර සහ කුමාර්ගෙ අතින් ලියැවිලා තියෙන අතර ඒවා සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නේ අර්ජුන් හර්ජාජ්, රචිත අරෝරා සහ තනිශ්ක් බාග්චී විසිනුයි. ඒ ගේය පදයන්ට පණ දෙන්න තමන්ගේ හඬ දීලා තියෙන්නේ නාව් ඉන්දර්, ලීශා මිශ‍්‍රාතනිශ්ක් බාග්චෙ, අමිත් මිශ‍්‍රා, ජොනිතා ගාන්ධි සහ රාජ් කුමාරි විසිනුයි.

 

► Translation — Chandana Waravitage