2019 ජුලි 20 වන සෙනසුරාදා

බයිසිකල් ඉරිදා...

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 68

කොළඹ නගරය මෝටර් රථවලින් තොර පරිසර හිතකාමී නගරයක් බවට පත් කිරීම සහ පාපැදිය ජනතාව අතර වඩා ජනප්‍රිය කිරීමේ  අරමුණින් නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහනගර සභාව එක්ව සංවිධානය කළ ‘CAR FREE CMB’  වැඩසටහන පසුගියදා කොළඹ නිදහස් චතුරශ්‍රය සහ විහාරමහාදේවි උද්‍යානය ආශ්‍රිත මාර්ග වලදී පැවැත්වුණා. 

විවේකී ඉරිදා දිනයක පැවැත්වුණු මෙයට දෙස් විදෙස් බොහෝ පිරිසක් පැමිණ සිත් සේ පාපැදි පදින අයුරුත් කුඩා දරුවන් ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරම් වල නිරත වන හැටිත් දැක ගන්නට හැකි වුණා. අද අපේ event of the week පිටුව මෙලෙස වෙන්වන්නේ CAR FREE CMB වෙනුවෙනි.

I  Romesh Dhanushka Silva