2019 ජුලි 13 වන සෙනසුරාදා

බොලිවුඩ් පැංචන්ගේ පට්ට Name

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 965

කරීනා කපූර් ඛාන් - සයිෆ් අලී ඛාන්

කරිනා කපූර් සහ සයිෆ් අලී ඛාන්ගේගේ පුතා ඉපදිලා ටික කාලයක් තුළ සෝශල් මීඩියාවල එයාව මතක හිතෙන චරිතයක් බවට පත්වුණා. එයා ඒවගේ ජනප‍්‍රිය චරිතයක් වෙන්න හේතුවක් වුණේ එයාගේ නම තායිමූර් හින්දයි. ඒ නමට බොහෝ දෙනෙක් විරුද්ධත්වය පළ කළත් ඒ බොලිවුඩ් යුවළනම් ඒ ගැන තැකීමක් කළේ නැහැ. දෙසැම්බර් 20 වැනි දින උපන් කරීනා කපූර් ඛාන්ගේ සහ සයිෆ් අලී ඛාන්ගේ දරුවා වන තායිමූර්ගේ නම බෙහෙවින් ජනප‍්‍රිය වුණේ සහ එයට බොහෝ පිරිසක් විරුද්ධ වුණේ ඒ නමින් කාලයකට ඉහතදී ජනප්‍රිය වගේම භයානක මංකොල්ලකාරයෙක් ද ජීවත්ව සිටි නිසාවෙන්. 14 වැනි සියවසේදී උස්බෙකිස්ථානයේ කොල්ලකරුවකු වූ තායිමූර් භාරතයේ දරැණු මංකොල්ලයක් සිදු කරලා තියෙනවා. තායිමූර් කියන එකෙන් අදහස් කරන්නේ යකඩ කියන එකයි. සමහරවිට කරීනා සහ සයිෆ්ට තම දරුවා වානේ මෙන් ශක්තිමත් කරන්න හිතාගෙන ඒ නම තෝරාගෙන තියෙනවා.

ශාරුක් ඛාන් - ගෞරි ඛාන්

බොලිවුඩයේ අධිරාජ්‍යයා නමින් හඳුන්වන ඔබ අපි ආදරය කරන ශාරුක් ඛාන්ගේ වැඩිමහල් පුතුගේ නම ආර්යන් කියලා ඔබ දන්නවනේ. ආර්යන් කියන නමෙහි තේරුම වෙන්නේ රණ ශූර, සූර වීර යන තේරුම කියලා තමයි කියන්නේ. ශාරැක් සහ ගෞරිගේ දියණිය සුහානාගේ නමෙන් අදහස් කරන්නේ ආකර්ෂණය, ලස්සන, සුන්දර කියන එක බව ඔබ දැනටමත් දන්නවත් ඇති. ශාරැක්ගේ තුන්වෙනි පුතාගේ නම් අබ්රාම්. ඒබ‍්‍රාහම් නබි සහ රාමගේ නම් එකතු කරලා මේ නම තිබ්බ බව තමයි ශාරැක් කියන්නේ. ඒ වගේම තමන්ගේ තුන්වැනි පුතාගේ නමේ තේරුම පැහැදිලි කරමින් මේ නම ධර්මයට බර ලෞකික නාමයක් කියලා තමයි ඔහු කියන්නේ.

රානී මුඛර්ජී - ආදිත්‍ය චොප්රා

රානී මුඛර්ජි තම දියණිය මීඩියාවලින් ඈත් කරලයි තියන්නේ. ඒත් තමන්ගේ දියණිය ආදිරාගේ පළවෙනි උපන් දිනේ දවසේ රානී මුඛර්ජී තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් එකෙන් ඇයගේ ඡායාරූප ශෙයාර් කළා. ආදිරා කියන්නේ ආදිත්‍යගේ නමෙන් ආදි කියන කොටසත් රානී කියන තමන්ගේ නමෙන් රා කියන කොටසත් එකතුකරලා හදා ගත්ත නමක් කියලයි රානී කියන්නේ. අරාබී භාෂාවෙන් ආදිරා කියන නමෙහි තේරුම වෙන්නේ ශක්තිමත් කියන එකටයි.

ශිල්පා ශෙට්ටි - රාජ් කුන්ද්‍රා

බොලිවුඩයේ යමී මමී විදියට හඳුන්වන ශිල්පාගේ පුතාගේ නම වියාන්. වියාන් කියන නමෙහි තේරුම වෙන්නේ ජීවිතයේ ශක්තිය යන්නයි. සමහර විට ශිල්පා තමන්ගේ පුතා තමන්ගේ ශක්තිය යැයි සිතනවා ඇති.

රිතික් රෝශන් - සුසෑන් ඛාන්

මේ තරු යුවළගේ විවාහය දික්කසාදයෙන් කෙළවර වුවත් දරුවන්ට අදාළ කාරණයන්හිදී මේ දෙන්නා ඔවුන් සමඟින් එකට විනෝද වෙනවා. ඒ කියන්නේ මේ දෙන්නම තමන්ගේ දරුවන් එක්ක නිවාඩු දිනවල විනෝද වෙමින් ගතකරනවා. මේ දෙන්නා තමන්ගේ පුතාලාගේ නම ගොඩාක් හිතා මතා තමයි තියලා තියෙන්නේ. රිතික්ගේ ලොකු පුතාගේ නම රිදාන්. ඒ නමේ තේරුම වෙන්නේ හොඳ හදවතක් ඇත්තෙක් කියන එකයි. බාල පුතාගේ නම රිහාන්. ඒ නමෙහි තේරුම වෙන්නේ දෙවියන් වහන්සේ විසින් තෝරාගත්ත මිනිසුන් යන්න වේ.

කරිශ්මා කපූර් - සංජය කපූර් 

කරිෂ්මත් තමන්ගේ සැමියගෙන් වෙන්වෙලා ජීවත් වෙන්නේ. නමුත් ඇය මේ වෙද්දිත් වෙනත් කෙනෙක් එක්ක සමීප ඇසුරක් පවත්වාගෙන යන බවත් කියැවෙනවා. කරිශ්මා සහ සංජයත් තමන්ගේ දරුවන්ට නම් තියලා තියෙන්නේ ගොඩාක් හොඳට හිතලා බලලා හොයලා බලලා කියලා තමයි කියන්නේ. දියණිය සමායර්ගේ නමෙහි තේරැම වෙන්නේ සුන්දරතාවයේ දිව්‍යාංගනාව කියන එකයි. ඒ වගේම අනෙක් දියණිය කියාන් කියන නමෙහි  තේරුම දෙවියන්ගේ කරුණාව යන්නයි.

ඵෙශ්වර්යා රායී බච්චන් - අභිෂේක් බච්චන්

ජනප‍්‍රිය නිළියක් තමන්ගේ දරුවත් එක්ක හැමවෙලේම දකින්න ඉන්නවනම් ඒ තමයි ඵෙශ්වර්යා රායි බච්චන් කියන එක අවිවාදයෙන් කියන්න පුළුවන්. එයා තමන්ගේ දුවට ආරාධ්‍යා කියලා නම තියලා තියෙන්නේ ගොඩාක් හොයලා බලලා හිතලා බලලා කියලා තමයි කියන්නේ. මොකද ආරාධ්‍යා කියන නමෙහි තේරුම වෙන්නේ පූජාවට යෝග්‍ය කියන එකයි. ඵෙශ් තමන්ගේ දියණියට මිනිස්සු ආදරය කරන තරමටම ගෞරව කරනවත් දකින්න කැමැත්තෙන් මේ නම තියන්න තෝරා ගන්න ඇති කියලා තමයි විචාරකයන් පවසන්නේ.

ඉම්රාන් ඛාන් - අවන්තිකා මලික් 

ඉම්රාන්ගේ ආදරණීය දියණියගේ නම ඉමාරා. ඒ නමෙහි තේරුම වෙන්නේ ශක්තිමත් බව සහ ධෛර්යසම්පන්න බවයි. ඉමාරාගේ නමට ඇයගේ මව සහ පියාගේ වාසගම් දෙකම එකතු කරලා තියෙනවා. එයාගේ සම්පූර්ණ නම වෙන්නේ ඉමාරා මලික් ඛාන්. 

ආක්ශය කුමාර් - ට්වින්කල් ඛන්නා

බොලිවුඩයේ මේ තරු යුවළගේ දරුවන්ගේ නම් තරමක් වෙනස් ඒවා. දියණියගේ නම නිතාරා. ඒ නමේ තේරුම වෙන්නේ තමන්ගේ මූලයන් එක්ක ගැඹුරින් සම්බන්ධ වීම වන අතර ආරව් කියන පුතුගේ නමෙහි තේරුම වෙන්නේ ශාන්ත බවට ළැදි කියන එක වන අතර ආරව්ගේ මුහුණෙන් ද ශාන්තියක් පෙනෙන බව ඡායාරූප දැක්කම ඔබටම අවබෝධ වේවී.

සුෂ්මිතා සෙන්

විවාහ නොවී දියණියන් කිහිප දෙනක් හදා වඩා ගන්නා මිස් යුනිවර්ස්ගේ දියණියන්ගේ නම් ද ඇය වගේම යුනික් බව ඔබටම පැහදිලි වේවි. වැඩිමල් දියණිය රේනී. ඇයගේ නමෙහි තේරැම වෙන්නේ පුනරුප්පත්තිය (ආපහු උපතක් ලැබීම) වන අතර දෙවැනි දියණිය අලීෂාගේ නමෙහි තේරුම ජර්මානු භාෂාවට අනුව උතුම් යන්නයි.

කාජල් - අජය දේව්ගන්

කාජල්ගේ පුතනුවන් යුග් ගේ නමෙහි තේරැම ඔබ දන්නවා. නමුත් දියණිය න්‍යාසාගේ නමෙහි තේරැම ඔබ දන්නවද? න්‍යාසා කියන්නේ අලුත් ආරම්භයක් එහෙමත් නැත්නම් අරමුණක් කියන එකටයි.

මධුරි දීක්ෂිත් - ශ්‍රී රාම් නේනේ

බොලිවුඩයේ චමත්කාරය වැඩි කළ ඒ සුන්දරිය මධුරිගේ පුතුන්ගේ නම් ද ඇය මෙන්ම යුනික් කිව්වොතින් ඔබ පිළිගන්නවද? වැඩිමහල් පුතුගේ නම රායන් වන අතර බාල පුතුගේ නම එරීන්ය. රායන් කියන නමෙහි තේරැම වෙන්නේ ස්වර්ගය සාක්ෂාත් කර ගැනීමේ මාර්ගය වන අතර එරින් යන්නෙන් අදහස් කෙරෙන්නේ බලය, ශක්තිය සහ කන්ද යන්නයි.

කොන්කොනා සෙන් ශර්මා - රන්වීර් ශෞරී

කොන්කොනා රංගනයෙන් දායක වන සිනමාපට වගේම ඇයගේ පුතාගේ නමත් විශේෂ එකක් වේ. ඇයගේ පුතුගේ නම හරූන්. එයින් අදහස් කෙරෙන්නේ බලාපොරොත්තුව යන්නයි.

සංජේ දත් - මාන්යතා දත්

සංජයගේ දරුවන් දෙදෙනාගේ නම් ඉතාම සුවිශේෂීය. පුතාගේ නම ශාහරාන්ය. ශාහරාන් යනු පර්සියන් නමක්. එහි අර්ථය වෙන්නේ රාජකීය රණශූරයෙක්. දියණියගේ නම ඉක්රා. ඉක්රා යනු යුදෙව් නාමයකි. එයින් අදහස් කෙරෙන්නේ විස්තර කිරීම එහෙමත් නැත්නම් අහුම්කන් දීම කියන එකයි.

 

Translation — Chandana Waravitage