2019 ජුලි 13 වන සෙනසුරාදා

සිඳු තෙර

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

පවුස්තොව්ස්කී 
පල්ලියේ සොහොන් බිමෙන් 
නැගිට 
එන්න හැකිද එක මොහොතකට 
අතික්‍රමණය කර 
රුසියානු වලාකුළ 
මගේ ඉහ ඉහත්තාවට...

ෂෝන් ශාමීට් රන් සුඟෙන් සුඟ 
එක් කළා රන් රෝස මලකට 
නටුව අත්හැර යනෙන දවසක 
ඉහිරුණා පෙති කඳුළු අත්හැර 

සඳත් පිටගම් ගිහින් කළුවර 
විදාහල සඳ පියාපත් යුග 
සංසාර රන් රෝස මල අස 
පවුස්තොව්ස්කී මමත් තනියම 

මා අතැර මම සොයන දවසක 
සංසාර දුර ගමන කෙළවර 
මගේ ඇස් අග දිලෙන කඳුළක 
මුදුන් මුල ගැඹුරේම නුඹ ඇත 

නොඉල්ලමි කිසිවක්ම හිතවත 
නිර්වාණ රන් රෝස මල මිස 
අරුත් පිරිසිඳ චාරිකාවක 
රැගෙන යනු මැන මතක බණවර