2019 ජුනි 15 වන සෙනසුරාදා

රැවුලයි ගුරයි

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 93

ඔව්, ඉන්දියාව කියන්නේ තුන්වැනි ලෝකයේ රටක්. ගණන් අඩුම කම්කරුවෝ ඉන්න රටත් ඉන්දියාව. ඒත් ටිකක් හිතලා බලන්න. ලෝකයේ ගොඩාක් ඉහළින්ම තියෙන බ‍්‍රෑන්ඩ් තියෙන ආයතන කවුද පාලනය කරන්නේ? කවුද ඒව කරන්නේ? පෙප්සි ආයතනය, මාස්ටර් කාර්ඩ් වොඩාෆෝන් තව ඩොයිෂ් බෑන්ක් (ඩට්ච්) මේවා කවුද කරන්නෙ කියලා දන්නේ නැත්නම් එයාට පුළුවන් ගූගල්වලින් ඒවා පරික්ෂා කරලා බලන්න. මතක තියාගන්න ගූගල් එකෙන් හොයද්දී ඒ ආයතනවල ප‍්‍රධානිය කවුද කියන එකත් වැදගත්. අනිත් එක තමයි ගූගල් එකේ ලොක්කත් කවුද දන්නවද? එයත් ඉන්දියානුවෙක්. 

මේ පාසලක සිදුවීමක්. තරුණයෙක් ඉස්සරහ රැවුලා වැවූ ගුරුවරයෙක් පුටුවක වාඩි වෙලා ඉන්නවා. ගුරුවරයා තමයි අද මේ කියන්න හදන කතාවෙ නායකයා. ඔහුගේ නම ආනන්ද් කුමාර්. ආනන්ද ඔහු ඉස්සරහා වාඩිවෙලා ඉන්න තරුණයාගෙන් ප‍්‍රශ්නයක් අහනවා.

ආනන්ද් - කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ?
තරුණයා - මටනම් කම්පියුටර් ඉංජිනියර් කෙනෙක් වෙන්න ඕන. 
ආනන්ද් - එහෙම වෙයි ඔයා.

ආනන්ද් කුමාර් කියන්නේ කෝටි ගාණකින් ඉන්න හොඳම දක්ෂ ගුරුවරයෙක්. ඔහු උගන්වන්නේ අයි.ටී විෂය. ආනන්ද්ව කොලේජ්වල උගන්වන්න යොදාගෙන ඔහුගෙන් කෝටිපති ව්‍යාපරිකයින් හම්බකරනවා. ඔහු ඔවුන් ගාව වැඩ කරන ගමන් නිකනුත් උගන්වන්න පටන් ගන්නවා. ඒක දැනගන්න ඒ කෝටිපති ව්‍යාපරික විදුහල්පතිවරයා ආනන්ද් පසුපස එන්නේ බොහොම කේන්තියෙන්.

විදුහල්පති - ආනන්ද් මහත්තයා මේක වංචාවක්. ඔයා නිකම් උගන්වන එක නතර කරන්න  ඕන. මේක රැවටිල්ලක්.
ආනන්ද් - මේ අහිංසක දුප්පත් ළමයින්ගේ දෛවයේ සරදම ගැන කවුද හොයලා බලන්නේ? කතා කරන්නේ කවුද? ඒගොල්ලෝ ගොඩාක් දක්ෂ ළමයි. ඒත් සල්ලි නැහැ ඉගෙනගන්න. එයාලට සල්ලි නැති නිසා ඉගෙනගන්න බැහැ. ඒක නෙවෙයිද රැවටිල්ල? එයාලට ඉගෙනගන්න සල්ලි නැති එක ආශිර්වාදයක්ද? දුවේ ඔයාගේ තාත්තා මොනවද කරන්නේ?

දියණියක් - ඩ‍්‍රයිවින්
ආනන්ද් - ඔයාගේ?
දියණියක් - කුණු ලොරියේ ඩ‍්‍රයිවින් කරන්නෙ තාත්තා
ආනන්ද් - ඔයාගේ?
පුතෙක් - ලුනු ෆැක්ටරී එකේ කම්කරුවෙක්.
තවත් පුතෙක් - මගේ තාත්තා නැහැ.

ආනන්ද් - මේ පෝසත් මිනිස්සු තමන්ගේ මාර්ගය බොහොම සැප පහසුවට හදාගන්නවා. අපේ මාර්ගයට බාධා කරනවා. ඒක තමයි එයාල කරන ලොකුම වැරැද්ද වෙන්නේ.
දවසක් ඒවී එයාලට දුප්පතුන්ගේ තරම පෙන්වා දෙන්න. මැකනිකල් ඉංජිනියර්, මැරීන් ආර්කිටෙක්, නාසා ඒ හැම තැනම ඉන්න ඕන ඔයගොල්ලෝ මිසක් සල්ලිකාර පවුල්වල අය නෙවෙයි. රජාගේ පුතාට රජා වෙන්න නැතුව රජ වෙන්න සුදුසු කෙනා රජෙක් වෙයි. 

ඔය මම ඔබට අද කිව්වේ සුපර් 30 කියන හින්දි සිනමාපටයේ කතාවේ කොටසක්. මේ හින්දි සිනමාපටය රස විඳින්න වෙන්නේ ඔයාලට අපිට 2019 ජූලි 12 වැනිදා. සුපර් 30 හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ විකාශ් භේල් වන අතර මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නේ පැන්තම් ෆිල්ම්ස්, නිදියාඩ්වාලා ග‍්‍රෑන්ඩ් සන්ස් එන්ටර්ටේන්මන්ට් සහ රියලන්ස් එන්ටර්ටේන්මන්ට් ආයතන විසිනුයි. සන්ජීව් දත්තා විසින් තිර රචනය කරලා තියෙන මේ හින්දි සිනමාපටය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක් බවයි පැවසෙන්නේ.

මේ සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ අජේ සහ අතුල් විසින් වන අතර මේ සිනමාපටයේ දර්ශන රූගත කිරීම සඳහා ඉන්දියාවේ රාම්නගර් ෆෝර්ට් එක සම්භාර් ලේක් ටවුන් සහ රාජස්තාන් ද යොදාගෙන තියෙන බව තමයි ආරංචිය. දැන් ඔබට කියන්න හදන්නේ මේ හින්දි සිනමාපටයේ ප‍්‍රධාන චරිතය වන ආනන්ද් කුමාර්ගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. ඔහු ඔබ අපි ගොඩාක් හොඳින් දන්න කෙනෙක්. මෙන්න මේ සිනමාපට සඳහන් කළ ගමන් ඔහුව ඔබගේ මතකයට එන එක නවතන්න නොහැකි වේවි.

Kaho Naa... Pyaar Hai (2000), 2000 Fiza, 2001 Kabhi Khushi Kabhie Gham, 2003 Koi... Mil Gaya, Krrish (2006),  Krrish 3 (2013), 2006 Dhoom 2, 2008 Jodhaa Akbar, 2010 Guzaarish, 2011  Zindagi Na Milegi Dobara,  2012 Agneepath, 2014 Bang Bang!, Kaabil (2017)

1974 ජනවාරි 10 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රානතයේ මුම්බායි නගරයේදී උපත ලද ඔහු 1986 වසරේ පටන් හින්දි සිනමාවේ නළුවෙක් විදියට කටයුතු කරනවා. දක්ෂ නර්ථන ශිල්පියෙක් වන ඔහු 2000 වසරේදී සුසෑන් ඛාන් එක්ක විවාහ වුණත් ඇයගෙන් 2014 වසරේදී දික්කසාද වෙනවා. දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන මොහු වෙනින් කිසිවෙක් නෙවෙයි රාකේශ් රෝෂන්ගේ පුතු රිතික් රෝෂන්. රිතික් තමයි ආනන්ද්ගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටයෙ ඉන්න රිතූ රෂ්මිගේ චරිතයට පණ පොවන ඇය ගැනයි. ඉන්දියාවේ මහරාෂ්ට‍්‍රා ප‍්‍රන්තයේ නාග්පුර්වල ඉපදිලා තියෙන ඇය දැනට ඉන්දියාවේ මුම්බායි නගරයේ ජීවත් වන අතර මාධ්‍ය ගැන උසස් අධ්‍යාපනය ලබලා අවසන් කරලා ඇය 2012 වසරේදී නිරූපණ ශිල්පිනියක් සහ නිළියක් විදියට තමන්ගේ වෘත්තිය ජීවිතය තෝර ගෙන තියෙනවා. මරාටී සිනාපටවලින් ඇය සිනමාවට අත්පොත් තියන අතර ඇය මෙන්න මේ සිනමාපටවලත් තමන්ගේ දක්ෂතා පෙන්නලා තියෙනවා.

Mujhse Kuchh Kehti.. Yeh Khamoshiyaan, Har Yug Mein Ayega Ek Arjun, Do Fool Chaar Mali, Iss Pyaar Ko Kya Naam Doon?

ඇය නමින් මෘනාල් තාකූර්. ඇය තමයි රිතූ රෂ්මිගේ චරිතය පණ පොවන්නේ. ඔවුන්ට අමතරව ආනන්ද් කුමාර්ගේ පියා රාජේන්ද්‍ර කුමර්ගේ චරිතයට විරේන්ද්‍ර සක්සේනාත්, ප‍්‍රනාව් කුමාර්ගේ චරිතයට නන්දිෂ් සිං සහ පන්කජ් ත‍්‍රිපාතී, ජොනී ලීවර්, ආදිත්‍ය ශ්‍රී වාස්තව්, අමිත් සද් සහ අලී හජිත් විවිධ චරිතවලට පණ දෙන්න මේ සිනමාපටය හා අත්වැල් බැඳගෙන ඉන්නවා. සුපර් 30 හින්දි සිනමාපටයේ ගීතවල පද වැල් අමුණලා තියෙන්නේ අමිතාබ් භටාචාර්යා විසිනුයි.

Translation — Chandana Waravitage