2019 ජුනි 08 වන සෙනසුරාදා

පැපොල නෙවෙයි වෙන එකක්ලු

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 130

එක්තරා ශිල්පිනියක් පසුගිය දවසක හදිසි අසනීපයක් නිසා රූගතකිරීම්වලට ආවෙ නැහැ. බැලින්නම් එයයි එයාගේ පවුලේ හැමෝටමයි පෞද්ගලික රෝහලකට ගිහින් පැපොල රෝගයට එරෙහි එන්නත් ලබාගන්න.
ඇයි මේ හදිසියෙන්ම පවුල් පිටින් ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එක ගහගත්තේ? දුරකථනයෙන් එයාගේ යාළුවෙක් කතා කරලා ඇහුවලු.

අනේ අපේ අල්ලපු ගෙදර කට්ටිය දවස් කීපයක් පේන්න හිටියේ නෑ. ඊයේ තමයි මම දැක්කෙ පොඩි එවුන්ගේ අම්මව. පව් අනේ චිකන් පොක්ස් හැදිලා. අපටත් පොඩි අය ඉන්නවනේ. ලෙඩවලට නම් බය නෑ. ඒත් ඉතින් අද කාලෙ හැටියට එහෙම නොවී බෑනේ.

ඔන්න පහුවදාම අර යාළුවට කෝල් එකක් එනවලු අර ශිල්පිනියගෙන්. 
අපරාදේ අනේ අපේ සල්ලි. අර අපේ අල්ලපු ගෙදර අම්මණ්ඩිට චිකන් පොක්ස් නෙවෙයිලු අනේ. දාඩිය බුබුළු. මේ දවස්වල උදේ රෑ කියලා නැහැනේ මාර රස්නයක් තියෙන්නේ.

 

බයිපාස් එකෙන් පස්සේ මල්ලි කියන්නලු

අපේ කලා ලෝකයේ ශිල්පියෙකුට ළඟදීම බයිපාස් සැත්කමක් කරන්න වෙලාලු. සැත්කමට  දිනේකුත් වෙන් කරලා තියෙන්නේ.
ඒ පුවත ආරංචි වුණු එයාගේ යාළුවෝ කට්ටියක් එයාව බලන්න ගෙදරට ගියාලු.

බය වෙන්න එපා. අද කාලේ ඕන තරම් බයිපාස් කරලා සනීප වෙච්ච කට්ටිය ඉන්නවා.
යාළුවෙක් එයාගේ හිත හදන්න හැදුවලු.
පිස්සුද.. මම බය නැහැ.

තවත් යාළුවෙක් අපූරු කතාවක් කිව්වලු.
මචං.. එක දෙයක් මතක තියාගනින්. බයිපාස් එකක් කළාම ඕනම කෙනෙක් අවුරුදු 20කින් විතර තරුණ වෙනවා.
මාත් අහලා තියෙනවා. ඒ කතාව ඇත්තද? ශිල්පියා ඇහුවලු.
ඔව්.. ඔව්..

ශිල්පියා ඔහුගේ බිරිඳට කතා කරලා මෙහෙම කිව්වලු.
මේගොල්ලො දැන් කතාවක් කිව්වා. බයිපාස් කළාම අවුරුදු 20කින් තරුණ වෙනවා කියලා. මතක ඇතුව මගේ බයිපාස් එකෙන් පස්සේ ඔයා මට මල්ලි කියලා කතා කරන්න.

 

වෙඩිං කෑල්ලක් ගන්න බැරිද?

පහුගිය දවසක එක්තරා කලා අතිරේකයක සංස්කාරකවරයෙක් උදේ පාන්දරින්ම ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකුට දුරකථන ඇමතුමක් දුන්නලු.
මචං ලොකු හදිස්සියක්. වෙඩිං කෑල්ලක් ගන්න පුළුවන්ද?
වෙඩිං කේක් කෑල්ලක්ද?

නැහැ නැහැ මචෝ..
එහෙනං වෙඩිං එකට ආපු මොඩ්ල් කෙනෙක්ගේ ෆොටෝස්ද?
නැහැ මචං. හදිසියේ අපේ ලොකු ඇඩ් එකක් ගැලවුණා. උඹ කරපු හොඳ වෙඩිං එකක ෆොටෝස් ටිකක් ගන්න බැරි වෙයිද?
අයියෝ එහෙම කියන්න එපැයි

 

► Text - Mithra