පිනි බිඳුවක් තුරු අග සතපා
සඳ හංගාගත් අහසට දෙස් දෙමි
හෙමින් සැරේ මා හා ඇවිදින්
සුළං සේද අඳුරේ දැවටී...
නොවිමසමින් නිදිබරද ඔය ඇස්
තාරුකා සංසාර ගමනක
ජීවිතේ ගිරි දුර්ගයේ
මං ළකුණු සේදී ගිහින්...
සාර වැහි ඇයි මහා පොළොවට
නිදුකින්ය තුරු පිරිවරා ඵල
හුදෙකලා හදවතක් පිරිමැද
යන්න ආවද ගව් ගණන් දුර...
ජීවිතේ මහ පතුල සිඹ වැද
නෙලාගමි මම මහා පුෂ්පය
කඳුළු හුස්මින් ප්‍රාණ සරිකළ
අහිමි වී ගිය ප්‍රේම පුෂ්පය...